චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගියදා මධ්‍යම චීනයේ පිහිටි හෙනාන් පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නව යුගයේ මෙන්ම නව ගමනේදී, හෙනාන් පළාත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උපායමාර්ගයන් ක්‍රියාත්මක කරමින්, මධ්‍යම චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනයන් චීන මාදිලියේ නවීකරණයේ නව පරිච්ඡේදයක් ලිවිය යුතු බව ෂී ජින් පිං මහතා එම චාරිකාවේදී පෙන්වා දුන්නේය.
එම සංචාරය අතරතුර චීන ජනාධිපතිවරයා එරට තුළ බුදු දහමේ ආරම්භය සිදු වූ පළමු බෞද්ධ විහාරය වන සුදු අශ්ව පන්සලට පැමිණියේය. විවිධ ආගම් චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය සමඟ ඒකාබද්ධ වීමට සහ සමාජවාදී සමාජයට අනුගත වීමට ක්‍රියාකාරීව උත්සාහ කළ යුතු බව ඔහු එම අවස්ථාවේදී කියා සිටියේය.