ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවීමට සූදානම් වේ.
මෙහිදී ඇමරිකාවේ නිෂ්පාදනය නොකරන අයිෆෝන් සඳහා අවම වශයෙන් 25% ක ආනයන බද්දක් පනවන බවට ඔහු ඇපල් සමාගමට අනතුරු ඇඟවූ අතර, මෙම තීරුබදු ජුනි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවට හෙතෙම ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට සඳහන් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් යුරෝපීය සංගමයේ වෙළඳ කොමසාරිස් මාරෝස් සෙෆ්චොවිච් සිය සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණේ, යුරෝපා සංගම්-ඇමරිකානු වෙළඳාම අසමසම වන අතර තර්ජන වලින් නොව අන්‍යෝන්‍ය ගෞරවයෙන් මෙහෙයවිය යුතු බවත්, ගනුදෙනුවක් සුරක්ෂිත කිරීමට තමන් කැපවී සිටින බවත්, පළිගැනීමට වුවද සූදානම් බවත්ය.
ට්‍රම්ප් පසුගිය මාසයේ බොහෝ යුරෝපා සංගම් භාණ්ඩ සඳහා 20% ක තීරුබදුවක් ප්‍රකාශයට පත් කළ නමුත් සාකච්ඡා සඳහා කාලය ලබාදීම සඳහා ජූලි 8 වන දින දක්වා එය 10% දක්වා අඩකින් අඩු කළේය.