මළසිරුරු හඳුනාගැනීම ප්‍රමාද බවට චෝදනා
පසුගිය බ්‍රහස්පතින්දා (12දා) ඉන්දියාවේ අහමදාබාද් නගරයේ සර්ද්‍රාර් වල්ලබායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර පිහිටි ගැට්වික් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා පියාසර කිරීමට යෑමේදී කඩා වැටුණු එයාර් ඉන්ඩියා ගුවන් යානා අනතුරෙන් මියගිය පිරිස ඊයේ (16දා) දහවල් වන විට 270ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. මෙම ගුවන් යානා අනතුරෙන් කඩාවැටුණු එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ඒ ‘1171 ඩී්‍රම්ලයිනර්’ ගුවන් යානයේ සිට මගීන් 242 දෙනාගෙන් 241 දෙනකු හා යානය කඩා වැටුණු වෛi සිසු නේවාසිකාගාරයේ සිටි වෛi සිසුන් හා ඔවුන්ගේ ඥාතීන් පිරිසක් මෙන්ම එම නේවාසිකාගාරය අසල සිටි වෙළෙඳුන් හා කම්කරුවන් කිහිපදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර ගුවන් යානා අනතුරෙන් මියගිය ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති විජේ රූපානි ඇතුළු 33 දෙනකුගේ පිළිස්සී ගොස් තිබූ මළසිරුරු ඔවුන්ගේ ඥාතීන්ගේ ඩී.එන්.ඒ. සාම්පල යොදා ගෙන සිදු කළ පරීක්ෂණවලදී හඳුනාගෙන ඇති බව බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. එම මළසිරුරු ඊයේ උදෑසන ඔවුන්ගේ ඥාතීන්ට භාර දී ඇති අතර මියගිය ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති රූපානිගේ අවසන් කටයුතු ඊයේ දිනයේම රාජ්තොට් නගරයේදී සිදු කර තිබේ. මේ අතර සොයාගෙන තිබෙන අනතුරට පත් එයාර් ඉන්ඩියා යානයේ කළු පෙට්ටිය (බ්ලැක් බොක්ස්) යොදාගෙන ඇමෙරිකානු හා එංගලන්ත විශේෂඥයන්ගේ සහාය ඇතිව ගුවන් යානා අනතුරට මුල් වූ හේතුව සොයා බැලීමේ විමර්ශනයක් අරඹා ඇති බව ඉන්දීය සිවිල් ගුවන් සේවා ඇමැති රාම් මෙනන් නායිදු පවසා තිබේ. මේ අතර ගුවන් යානා අනතුරෙන් මියගිය අයගේ දේහයන් හඳුනාගැනීමේ කටයුතු මන්දගාමී ලෙස සිදුවන බවට මියගිය අයගේ ඥාතීන් විසින් චෝදනා කර තිබේ. බොහෝ පිරිස් සිය මියගිය ඥාතීන්ගේ මළසිරුරු භාරගැනීම සඳහා ඒවා තැන්පත් කර ඇති රෝහල ඉදිරිපිට ඉකුත් සිකුරාදා සිට රැඳී සිටිති.