Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රාජ උදහසට ලක් වූ සෙනෙවියා නිදහස් කරන ලෙස රජුට අණදුන් පත්තිනි දේවිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රාජ උදහසට ලක් වූ සෙනෙවියා නිදහස් කරන ලෙස රජුට අණදුන් පත්තිනි දේවිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

රාජ උදහසට ලක් වූ සෙනෙවියා නිදහස් කරන ලෙස රජුට අණදුන් පත්තිනි දේවිය

1 week ago
53 Views

දෙවියන් ගැන සාහිත්‍ය

පත්තිනි යන්නෙහි අර්ථය පතිභක්තිය ඇති පවිත්‍රතාවයෙන් යුතු බිරිඳය යන්නයි. දකුණු ඉන්දියාවේ පුහාර් නගරයේ ජීවත් වූ කන්නගී නම් කාන්තාව මියගිය පසු පත්තිනි දෙවඟන බවට පත්වුණා. මේ කතාව මුලින්ම රචනා කළේ ඉලන්කෝ ආඬිගල් නමැති පඬිවරයා. එම ග්‍රන්ථයේ නම ‘සීලප්පදිකාරම්’. සිංහල තේරුම තමයි ‘සලඹේ කතාව.’ අපේ ලංකා ඉතිහාසයේ දැක්වෙන විදිහට ක්‍රිස්තු වර්ෂ 1521 සිට 1592 කාලය තමයි සීතාවක යුගය. ඒ තමයි පළමුවන රාජසිංහ, නැත්නම් සීතාවක රාජසිංහ යුගය. මුඛ පරම්පරාගත ජනකතාවලට අනුව එදා සීතාවක රාජසිංහ රජුගේ සේනාවේ සෙනෙවියෙක් කළුතොට භාරව සිටියාලු.

බලන්ගොඩට නොදුරු ස්ථානයක් තමයි මේ කළුතොට බලකොටුව. මේ ස්ථානය භාර සෙනෙවියා තමයි රණසිංහ මුදියන්සේ. එතුමා ගැන අමනාපයෙන් සිටි නිලධාරී පිරිසක් බොරු කේළාම් කියා රජු නොමඟ යැව්වා. ඒ නිසාම රාජ උදහසට ලක්වුණු මේ සෙනෙවියා අත්අඩංගුවට ගන්නට නියම කළා. රජතුමාගේ හැටි හොඳටම දැන සිටිය මේ සෙනෙවියා තමන්ට මරණ දණ්ඩනය හැර නිදහසක් නම් නොලැබෙන බව නිතරම කල්පනා කළා. මේ කාරණය ගැන දුක් වෙමින් සිරමැදිරියට වෙලා කාලය ගත කළා. එතුමාගේ සහෝදරයා තමයි මංගෙදරමුල්ලේ පත්තිනි දේවාලයේ කපු මහත්තයා. මේ ආරංචිය දැනගත්තු මේ කපු මහත්තයා මොකද කළේ… දිනපතාමත් පත්තිනි දේව මෑණියන්ට මේ අවනඩුව කිය කියා යාතිකා කළා. එක දවසක් රජතුමා රාජකීය සිරියහන් ගබඩාවේ සැතපිලා ඉන්න වෙලාවේ මහ භයානක සිහිනයක් දුටුවා. දේවතාවියක් ඇවිත් රජතුමා බිය ගන්වමින් තර්ජනය කළාලු. ‘සිරභාරයට පත් කර තිබෙන නිර්දෝෂි සෙනෙවියා වහා නිදහස් කරනු’ කියලත් කිව්වලු. පසුවදා උදෙන්ම රජතුමා සියලු ඇමැතිවරු කැඳෙව්වා. වහාම සිරගෙට ගිහිල්ලා රණසිංහ මුදියන්සේ ගැන සොයා බලන්න ඕනේ. ඊට පස්සේ මා හමුවෙලා තොරතුරු කියන්න ඕනේ. රජතුමා එහෙම කිව් නිසා මේ ඇමතිවරු සිරගෙදරට ගිහින් බැලුවා. සෙනෙවිතුමා හොඳින් ඉන්නවා. නමුත් දෙපයට දාලා තිබුණු විලංගු… ඒවා කැඩිලා බිඳිලා ගිහින්.

ඇමැතිවරු ඉතා ඉක්මනින් ඇවිත් රජතුමාට මේ කාරණය කිව්වා. රණසිංහ මුදියන්සේ තමා ළඟට කැඳවාගෙන එන ලෙස රජු නියෝග කළා. රජතුමා දැන් මේ සිරකරුවාගෙන් අහනවා

“තමා ළඟ මොකවත් හාස්කම් බලයක් තියෙනවද?”

“මා ළඟ ඇති හාස්කම් බලයක් නෑ දේවයන් වහන්ස. නමුත් මම නිර්දෝෂී බව තමයි දන්නේ.”

මෙතෙක් සිරභාරයේ සිටිය රණසිංහ මුදියන්සේ නමැති සෙනෙවියාට අභය දානය දුන්නා. එදා සිට ඔහුගේ නම අභය රණසිංහ මුදියන්සේ වුණා. රජතුමා ඊට පස්සේ කබුළුමුල්ලේ පත්තිනි දේවාලය ඉදිකරවලා අභය රණසිංහ මුදියන්සේට භාර දුන්නා. එතැන් සිට අද දක්වාම මේ දේවාලයේ කපු පරම්පරාව අභය රණසිංහ මුදියන්සේ නමින් තමයි ප්‍රසිද්ධ වුණේ.

මේ රජතුමා අක්කර 484 ක් තඹ සන්නසක් මගින් කබුළුමුල්ල දේවාලයට පූජා කරමින් ලේඛනාරූඪ කර ඇති බව පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල් මහතා ඔහුගේ කෑගලු වාර්තාවේ සටහන් තබා තිබීම විශේෂ කාරණාවක්. මෙම පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය දින නවයක් පවත්වනවා. කැලණි ගඟේ දිය කැපීමෙන් උත්සවය අවසන් වෙනවා. වර්ග පූර්ණිකාවට අනුව පත්තිනි දෙවඟනට මුලින්ම පූජාව පවත්වලා තියෙන්නේ සක්විති රාවණා මහ රජු.

නිමල් කුඩාතිහි
කතරගම

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago
Related News
විශේෂාංග

පුංචි ආණ්ඩු රණ්ඩු වන විට ගම් සභාවේ අගය වැටහෙයි

විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok