Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වරක් භාවිත කරන පොලිතීන්-ප්ලාස්ටික් නිසා තාමත් පරිසරය විනාශයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වරක් භාවිත කරන පොලිතීන්-ප්ලාස්ටික් නිසා තාමත් පරිසරය විනාශයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

වරක් භාවිත කරන පොලිතීන්-ප්ලාස්ටික් නිසා තාමත් පරිසරය විනාශයි!

May 25, 2025
128 Views

දවසට රුපියල් මිලියන 15 ක් උපයන අරමුදල තවමත් කොට උඩ

පොලිතීන්-ප්ලාස්ටික් අවභාවිතය සහ අනිසි බැහැර කිරීම නිසා උද්ගතව ඇති පාරිසරික සහ සෞඛ්‍යමය හානි ගැන අපි හොඳින් දනිමු. මෙම තත්ත්වය අවම කිරීම සඳහා නීති-රීති ගෙන ආවද ඒවා හරි හැටි බලාත්මක නොකිරීම සහ ක්‍රියාත්මක නොකිරීම නිසා තවමත්, මේ මොහොතේත් රටේ ප්ලාස්ටික් දූෂණය ඉහළින් සිදුවෙමින් පවතී. වරින් වර රජය පොලිතීන්-ප්ලාස්ටික් සීමා කිරීමට, විශේෂයෙන්ම “තනි භාවිත” (වරක් භාවිත කර බැහැර කරන) පොලිතීන්-ප්ලාස්ටික් දූෂණය අවම කරන්නට ඒවා නිෂ්පාදනය, අලෙවිය, ප්‍රවර්ධනය සහ භාවිතය සම්බන්ධව යම් යම් නීති ගෙන ආවද මේ දක්වාත් මෙම දූෂණය අඛණ්ඩව සිදුවෙමින් පවතින්නේ මෙසේ නීති සම්පාදනය කළද ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිව තිබෙන සිදුරු වසා නොදැමීම නිසා බව පෙනේ. එනම්, අද බොහෝ විට අපට දකින්නට ලැබෙන්නේ ක්ෂණික ආහාර-පාන පිළිගැන්වීම ඇතුළු තවත් අවශ්‍යතා සඳහා යොදාගන්නා ‘වරක් භාවිත කර බැහැර කළ යුතු’ පොලිතීන්-ප්ලාස්ටික් ඇසුරුම් එසේ ක්‍රමවත් බැහැර කිරීමක් සිදුනොකර ‘වරක් භාවිතකර ඉවත දැමීමේ (ඉබාගාතේ)’ ක්‍රමවේදයයි. පරිභෝජකයාගේ “පාරිසරික සාක්ෂරතාවය” මෙහිදී බලපාන වැදගත්ම කාරණය වුවත්, මෙවැනි ඇසුරුම් නිසි බැහැර කිරීමේ (රාජ්‍ය) ක්‍රියාවලිය සක්‍රීය සහ ඵලදායි නොමැති නම් එතැන දූෂණයක් මිස යහපතක් බලාපොරොත්තු විය නොහැකිය. එසේම එහිදී මෙම බැහැර කිරීමේ ක්‍රමවේදය සක්‍රීය කිරීම සඳහා මෙවැනි ඇසුරුම් තම නිෂ්පාදනවලට යොදාගන්නා නිෂ්පාදකයාටද “දූෂණයේ පිරිවැය දූෂකයා විසින් ගෙවිය යුතුය” යන සංකල්පයෙන් බැහැර නොවී තම වගකීම ඉටුකළ යුතුව ඇත. නොහොත්, තමන් විසින් සිදුකරනු ලබන නිෂ්පාදනය එය අවසාන බැහැර කිරීමේ ‘සමාජ වගකීමක් – Social Responsibility දක්වා රැගෙන යෑමට ඔවුන් තම සක්‍රීය දායකත්වය ලබාදිය යුතුව ඇත. එසේත් නොවන්නේ නම් සහ ඒ කෙසේ වෙතත් රජයකට කළ යුතුව ඇති ගැළපෙනම විසඳුම “තනි භාවිත” පරිසර හානිකර පොලිතීන්-ප්ලාස්ටික් සීමාකිරීම හෝ තහනමට ලක්කිරීමට කටයුතු කිරීමය.

මේ අනුව යමින් පාරිසරික අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්ලාස්ටික් භාවිතයට රතු එළි දල්වමින් 2007 වසරේදී ඝනකමින් මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතීන් හෝ යම් පොලිතීන් නිෂ්පාදිතයක් දේශීය භාවිතය සඳහා නිෂ්පාදනය, එවැනි නිෂ්පාදනයක් විකිණීම හෝ භාවිතය ද තහනමකට ලක් කරන නියෝග පනවන ලදී. ඒ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ ය. 2007 ජනවාරි මස 01 වැනිදා පටන් ක්‍රියාත්මක වන පරිදිය. (අංක 1466/5 2006-10-10 ගැසට් නිවේදනය මගින් සහ අංක 2034/33 – 2017-09-01 වැනිදා දින දරන ගැසට් නිවේදනය මගින් මේ සඳහා නීති බලාත්මක කරන ලද අතර 2034/33 සිට අංක 2034/38 දක්වා ගැසට් නිවේදන 5 ක් මගින් එදිනම පොලිතීන්-ප්ලාස්ටික්වලට අදාළ තහනම් නියෝග රැසක් නීතිමය වශයෙන් බලාත්මක කරන ලදී. ඒ පොලිතීන්-ප්ලාස්ටික් සම්බන්ධයෙන් මෙරට පළමුවරට නීති පනවමිනි.

එසේම, පොලිතීන්-ප්ලාස්ටික් සම්බන්ධ තවත් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ක්‍රියාත්මක වන්නේ නසීර් අහමඩ් පාරිසරික අමාත්‍යවරයාගේ සමයේදීය. ඒ තනි භාවිත ප්ලාස්ටික් පිළිබඳව ගනු ලබන තීරණයක් පරිදිය. “බැහැර කිරීමට මත්තෙන් එක වරක් භාවිත කිරීමට නිර්මාණය කරනු ලැබ ඇති හෝ අරමුණු කර ඇති නිෂ්පාදිතයක්” ලෙස ගැසට් නිවේදනයේ පැහැදිලි කර ඇති මෙම “තනිභාවිත ප්ලාස්ටික්” නිෂ්පාදන අතර පරිසරයට මහත් තර්ජනයක් වී ඇති බීම බට සහ කලතන, පොලිස්ටයරින් (ඍජු ෆෝම්) කෑම ඇසුරුම් පෙට්ටි, තනි භාවිත පිඟන්, කෝප්ප, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික් මල්මාලා, ඉඳිආප්ප වට්ටි යනාදිය තහනමට ලක්කරනු ලැබීය. ඒ 2023-07-19 අංක 2341/30 දරන ගැසට් නිවේදනය පරිදි ය. එසේම 2023-10-12 අංක 2353/55 ගැසට් නිවේදනය මගින්ද ජලය ගබඩා කිරීම සඳහා වර්ණ PET බෝතල් භාවිතය, බෝතල් ලේබල් කිරීම සඳහා PVC භාවිතය, බෝතල් මූඩි ආවරණය සඳහා මුද්‍රාවක් ලෙස පොලිතීන් හෝ නොදිරන මූඩි ආවරණ භාවිතය තහනමට ලක්කර ඇත.

අනතුරුව පාරිසරික අමාත්‍ය ධුරයට පැමිණි මහින්ද අමරවීර මහතා විසින් පොලිතින්-ප්ලාස්ටික් භාවිතය උදාසීන කිරීමේ අරමුණින් අංක 2211/51 – 2021-01-21 දාතමින් තවත් නියමයන් කිහිපයක් බලපවත්වන ලද්දේ 2021 වසරේ මාර්තු 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදිය. එනම්, කෘෂි රසායන අලෙවිය සඳහා ඇසුරුම් කිරීමේදී භාවිතයට ගන්නා PET සහ PVC ඇසුරුම් තහනමට ලක්කිරීම, ශුද්ධ පරිමාව මිලි ලීටර් 20 හෝ බර ග්‍රෑම් 20 ට අඩු (ආහාරමය සහ ඖෂධ ඇසුරුම් හැර) තනිභාවිත “සැශේ – Sachet” පැකට් තහනම් කිරීම ඇතුළු කරුණු තුනක් දක්වමිනි. ප්ලාස්ටික් කොට්න් බඩ් සහ සුළංවලින් පිරවිය හැකි ඇතැම් සෙල්ලම් බඩු (ජල ක්‍රීඩා උපකරණ හැර) මේ මගින් තහනමට ලක්කෙරිණි.

ඉහත දක්වා ඇති නීති පැනවීම පොලිතීන්-ප්ලාස්ටික් භාවිතය සහ අවභාවිතය සම්බන්ධයෙන් ගන්නා ලද ඉතා හොඳ තීරණ වේ. නමුත් ගැටලුව ඇත්තේ මෙම ගැසට් නිවේදනයන් හි හෝ බලාත්මක කරන ලද එම නීතිවල නොවේ. මෙතරම් නීති ප්‍රමාණයක් සම්පාදනය කරගෙන තිබුණ ද තනි භාවිත පොලිතීන්-ප්ලාස්ටික් සීමා කිරීම සහ කසළ ගොඩවල් පුරවන, කාණු, දියපහර අවහිර කරන, පරිසරය අවලස්සන කරන සහ වසංගත බෝකරන්නට උදව් කරන පොලිතීන්-ප්ලාස්ටික් පරිසරයට මුදාහැරීම වැළැක්වීමට පියවර ගැනීමට මේ මගින් රාජ්‍ය යාන්ත්‍රණයට නොහැකිවීමය. තවමත් තනි භාවිත තහනම් පොලිතීන්-ප්ලාස්ටික් වෙළෙඳ පළේ පැවතීම, අනීතිකව නිෂ්පාදනය කර වෙළෙඳපළට නිකුත්කිරීම හෝ හොර රහසේ ආනයනය කිරීම නැවතී නොතිබීමය. නිදසුනක් ලෙස ගතහොත් තවමත් ඇතැම් ප්‍රසිද්ධ සමාගම් මගින් නිෂ්පාදනය කරන බීම පැකට් සමග පාරිභෝගිකයා අතට ලැබෙන්නේ නොදිරන, තහනමට ලක් කර ඇති ප්ලාස්ටික් බීම බටයකි. එසේම, ප්ලාස්ටික් හැඳි-ගෑරුප්පු, පිඟන්-කෝප්ප, ආහාර බඳුන් විටින් විට පදික වේදිකාවට, වෙළෙඳ පළට පැමිණේ. PET වතුර බෝතලයට යොදන මූඩි ආවරණය (සීල්), ප්ලාස්ටික් කොට්න් බඩ්, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි, ප්ලාස්ටික් මල් මාලා යනාදිය පමණක් නොව තහනමට ලක්වූ මයික්‍රෝන 20 ට අඩු ප්ලාස්ටික් බෑග් (සිලි-සිලි) සහ ලන්ච් ෂීට් පවා තවමත් හොර රහසේ නිපදවීම ද වැඩි රහසක් නොමැතිව අලෙවිය ද සිදුවේ. මෙනිසා අපේක්ෂිත අරමුණු ඉටුනොවී තවදුරටත් පාරිසරික ව්‍යසන කාර්යයක අප සමාජය නිරත වේ. අපට නොදැනීම අප වටා ප්ලාස්ටික්-පොලිතීන් ගොඩගැසෙමින් පවතී. 3R සංකල්පයෙන් නොනැවතී, 6R, 10R වැනි සංකල්ප පවා වර්තමානයේ සමාජයේ කතා බහට ලක් වුවත් ඒවාට සලකන ජනතාවක් සහ නිලධාරී පැලැන්තියක් හෝ රජයක් මේ දක්වා මෙරට බිහිව නැත. වත්මන් රජය යටතේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වුව, පොලිතීන්-ප්ලාස්ටික් නිසි බැහැර කිරීම සහ පනවා ඇති පරිදි සීමා, තහංචි ක්‍රියාත්මක කිරීම අනාගතයේ කෙසේ වේදැයි නොදන්නා නමුත්, තවමත් ගැසට් නිවේදන, නීති-අණ-පනත් එසේම තිබියදී ප්ලාස්ටික් දූෂණය කැපී පෙනෙන අඩුවක් නැතිව සිදුකෙරෙන බව නම් පරිසරයට එකතුවන කසළ ගොඩවල් අනුව අපට ඉඳුරා තේරුම් ගත හැකිය.

වරක් භාවිත කරන පොලිතීන්-ප්ලාස්ටික් නිසා තාමත් පරිසරය විනාශයි!

ඉහත ගැසට් නිවේදන අනුව මේ වන විට නම් කරන ලද තනි භාවිත ප්ලාස්ටික් සහ මයික්‍රෝන 20 ට අඩු පොලිතීන්-ප්ලාස්ටික් තහනම බලාත්මක තත්ත්වයේ පවතී. නමුත් බොහෝ දෙනකු මේ කාරණය ගැන නොදන්නා බව පෙනෙන්නට තිබෙන අතර, දන්නා සමහරු ද නොසලකා හරිති. පාලන තත්ත්වය උදාසීන බැවින් සහ පාරිභෝගිකයාගේ “පාරිසරික සාක්ෂරතාව” අවම මට්ටමක පැවතීම හේතුවෙන් තවමත් මෙම තහනම් අයිතම යම් ප්‍රමාණවලින් භාවිතයට ගැනේ. ඒ වෙළෙඳපළ තුළ ඒවා විකිණෙන බැවින් සහ විකිණෙන්නට තබා ඇති බැවින් සහ පාරිභෝගිකයා ඒවා ප්‍රතික්ෂේප නොකර ලබාගන්නා නිසාය. තනි භාවිත ප්ලාස්ටික් සම්බන්ධව පුද්ගලයින් 200 ක් යොදාගනිමින් පරිසර යුක්ති කේන්ද්‍රය-Centre for Environment Justice (CEJ) මගින් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වෙළෙඳපළෙන් ලබාගත් තනි භාවිත ප්ලාස්ටික් සම්බන්ධ දත්ත විස්තරයක මෙසේ සඳහන් වේ. එනම්, එහිදී පුද්ගලයින්ගෙන් කරන ලද සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ සමීක්ෂණයට භාජනය වූ අයගෙන් සියයට 75 (75%) ක් දෙනා මෙසේ රජය මගින් තනි භාවිත පොලිතීන්-ප්ලාස්ටික් තහනම් කර ඇති බව තමන් නොදන්නා බව පැවසීමයි. එසේම, තහනම් ලන්ච් ෂීට් (ආහාර දවටන), ප්ලාස්ටික් බීම බට සහ කලතන, ප්ලාස්ටික් කොටන් බඩ්ස්, තනි භාවිත ආහාර බඳුන් (පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි), ප්ලාස්ටික් මල් මාලා, සුළං පුරවන සෙල්ලම් බඩු (බැලූන් බෝල, වතුරේ පාවෙන පිහිනුම් තටාග පාවෙන උපකරණ), තහනම් ප්ලාස්ටික් සැශේ පැකට් යනාදිය පසු ගිය මාස 6 ක කාලය තුළ වෙළෙඳපළේ අලෙවිකිරීමේ අවස්ථා තමන් දැක තිබෙන බව ඔවුහු සනාථ කරති. මෙහිදී පෙරකී පරිදි පරිභෝජකයාගේ “පාරිසරික සාක්ෂරතාව” අනුව මෙම ගනු-දෙනු අවම කරගන්නා තැනට වැඩ කටයුතු කළ හැකිව පවතින නමුත් භාවිතයට හෝ නිෂ්පාදනයට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක නොවීමත් මෙම දූෂණ තත්ත්වය උග්‍ර කරන්නට හේතුවී ඇත.

රාජ්‍ය (පාරිසරික) නිලධාරීන්, පොලිසිය, රේගුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග මෙම පොලිතීන්-ප්ලාස්ටික් නිෂ්පාදනය සහ භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට නව රජය යටතේ සාකච්ඡා පවත්වා ඇති බව තත්ත්වය පිළිබඳව අප විසින් කරන ලද සොයාබැලීමේදී මධ්‍යම පරිසර අධිකාරිය කියා සිටියේය.

පොලිතීන්-ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා නීත්‍යනුකූලව ලියාපදිංචිව සිටින බොහෝ නිෂ්පාදන සමාගම් නීත්‍යනුකූල පොලිතීන්-ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා මේ වන විට ප්‍රවේශවී සිටින බව පෙනෙන්නට තිබුණද, කිසිදු වාර්ෂික බලපත්‍රයක් හෝ නොගෙන හොරෙන් තම නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යන සමාගම්, කර්මාන්ත ශාලා, ගෘහස්ථ කර්මාන්තකරුවන් රැසක් මේ දක්වාත් ඉහත නිෂ්පාදන නීති විරෝධී ලෙස නිපදවමින් ආදායම් උපයා ගන්නා බව හඳුනාගෙන ඇත. මේ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය රටේ වෙනත් කර්මාන්ත සඳහාද යොදාගන්නා අමුද්‍රව්‍ය වන නිසා රේගුව ඔස්සේ ආනයනය කිරීමේ තහනමක් නොමැතිකම සලකා එම අමුද්‍රව්‍ය හොර රහසේ මෙසේ නීති විරෝධී නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නා බව අප කළ සොයාබැලීමේදී අනාවරණය විය.

එසේම, තනි භාවිත ප්ලාස්ටික් තහනමේදී මිලිලීටර් 20ට හෝ ග්‍රෑම් 20 ට අඩු සැශේ පැකට් තහනමේදී ආහාර සහ ඖෂධ ඇසුරුම් තහනමෙන් නිදහස් කර ඇති නමුත්, බොහෝ චයිනීස් අවන්හල්, පීසා අවන්හල් යනාදියෙන් ලබාදෙන සැශේ සෝස් පැකට්, ජෑම් පැකට්, ගෘහ කර්මාන්තයක් වන කුඩා අයිස් බීම පැකට් වැනි දෑ අවසානයේ පරිසරයට එකතු වේ. මෙම සැශේ පැකට්වලින් ද සිදුවන්නේ එකම විනාශයමය. එසේ හෙයින් මෙවන් නිෂ්පාදන සඳහා විකල්ප හඳුනාගැනීමේ නියාමනයක්ද අලුතෙන් සිදුවිය යුතුව ඇත.

කෙසේ හෝ අප මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතාගෙන් මේ බව විමසූ විට ඔහු කියා සිටියේ මෙවන් කතාවකි.

වරක් භාවිත කරන පොලිතීන්-ප්ලාස්ටික් නිසා තාමත් පරිසරය විනාශයි!

“අපගේ රජය බලයට පත්වෙලා ඉතා කෙටි කාලයයි වෙන්නේ. ඒ වගේම මගේ තනතුරටත් එතරම් කාලයක් ගතවී නැහැ. නමුත් අපි මේ පොලිතීන්-ප්ලාස්ටික් ගැටලුව සහ ඊට විසඳුම් ලබාදීම ගැන මේ කෙටි කාලය තුළ හඳුනාගෙන, තොරතුරු රැස්කරගෙන, අධ්‍යයනය කර පියවර රැසක් ගන්න තීන්දු කර තිබෙනවා. මේ යටතේ පාසල් දරුවන්ගේ සිට ඉහළට පොලිතීන්-ප්ලාස්ටික් භාවිතය සහ අවභාවිතය ගැන දැනුවත් කරන්න අඛණ්ඩ පියවර අරන් තියනවා. ඒ වගේම තහනම් පොලිතීන්-ප්ලාස්ටික් වටලන්න සීමිත නිලධාරී පිරිසක් සමග උපරිමයෙන් කටයුතු කරගෙන යනවා. එහිදී බොහෝ විට සිදුකෙරෙන්නේ මෙවැනි තහනම් නිෂ්පාදන විකුණන වෙළෙන්දන් නීතියේ රැහැනට හසුකර ගැනීමයි. නමුත් මෙහිදී මතුවන තවත් ගැටලුවක් තමයි, මෙවැනි වැරදි කරලා අහුවෙන විත්තිකරුවාට ලබාදිය හැකි දඩය ඉතා කුඩා මුදලක් වීම. ඔහු ඊට වරදකරු වෙලා දඩත් ගෙවලා තව තවත් ඒ වැඩේම කරන්න පුළුවන්. මන්ද ලාභය වැඩියි නම්, දඩය ගෙවන එක ප්‍රශ්නයක් හැටියට ඔවුන් සලකන්නේ නැහැ. කෙසේ හෝ ජාතික පාරිසරික පනත සංශෝධනය කරලා දඩ වැඩි කරන්න අප මේ වසරේ පටන්ම කටයුතු කරගෙන යනවා. ඒ වගේම පොලිසිය, රේගුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග මෙම පොලිතීන්-ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අපි සාකච්ඡා පවත්වා මේ වන විට ඊට අදාළව කටයුතු කරමින් සිටිනවා. නීති විරෝධී නිෂ්පාදන ආයතන වටලන්නත් අපි ක්‍රියාකරගෙන යනවා. එවැනි ආයතන පිළිබඳව තොරතුරු ලබාදෙන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යයිද සභාපතිවරයා පැවසීය.

පවතින තත්ත්වය සහ මෙම අර්බුදය ජයගන්නට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අප මේ අතර අප පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති සහ “ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් අර්ත් ජාත්‍යන්තරයේ – Friends of The Earth international- FOEIs” සභාපති ප්‍රවීණ පරිසරවේදී හේමන්ත විතානගේ මහතාගෙන් කරුණු විමසා සිටියේය. ඔහු මෙම තනි භාවිත පොලිතීන්-ප්ලාස්ටික් සීමාකිරීම ගැන කියන්නේ මෙවැන්නකි.

“2008 වසරේ පාඨලී චම්පික රණවක මහතා පාරිසරික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ Conservation Levy නමින් පනතක් ගෙනාවා. ඒ පනත යටතේ මහා භාණ්ඩාගාරය යටතේ සංරක්ෂණ භාර අරමුදලක් නිර්මාණය කළා. ඒ අනුව ප්ලාස්ටික් බෑගයකට රුපියලක අධිභාරයක් ඇතුළුව අයිතම තුනකට අධිභාර පනවන්න තීන්දු කළා. ඒ අවස්ථාවේදී මෙම ප්ලාස්ටික් බෑග් අධිභාරයට එරෙහිව පුද්ගලයෙක් අධිකරණය ගියා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් දුන්නා ප්ලාස්ටික් බෑග් (ග්‍රොසරි බෑග්/සිලි සිලි මලු) වලට මුදලක් අය නොකිරීම සඳහා. ඊට හේතුව වුණේ පාරිභෝගික පනතේ තියනවා යම් භාණ්ඩයක් වෙළෙඳපළෙන් මිලදී ගත් විට එම භාණ්ඩය රැගෙන යෑම සඳහා සුදුසු බහාලුමක් (නොමිලේ) දිය යුතුයි කියලා. මේ නියෝගය උඩ ඒ කාලයේ පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් පත්‍රයකින් ප්ලාස්ටික් බෑග්වලට මුදලක් අය කිරීම තහනමට ලක් කළා. නමුත් එම තීන්දුව නැවත සලකා බලන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට නඩුවක් ගොනුකළා. මෙම නඩුවේ තීන්දුව දෙන අවස්ථාවේදී කලින් මේ පිළිබඳව නඩුව පැවරූ පුද්ගලයාවත් මෙම නඩුවට සම්බන්ධ කරගන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණය අපට කිව්වා. ඔහුත්, පරිසර අමාත්‍යාංශය, පරිසර අධිකාරිය, පාරිභෝගික අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව මීට එකඟ වුණා. එහිදී එකඟතාවයක් ආවා මේ Conservation Leve එක නැවත ක්‍රියාත්මක කරන්න. එසේම, ප්ලාස්ටික් බෑග්වලට මුදල් අය කරන්න තහනම් කරන්න

ගහපු ගැසට් පත්‍රය ඉවත් කරගන්න බවට පාරිභෝගික අධිකාරිය එකඟතාව පළ කළා. 2008 වසරේ බෑග් තහනමට එරෙහිව කටයුතු කළ පුද්ගලයාගේ විරෝධතාවක් නැති බවටත් ප්‍රකාශ වුණා. ඒ අනුව මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරය එක්වෙලා පරිසර සංරක්ෂණ අධිභාර බද්දක් අයකරගැනීම සඳහා අරමුදලක් පිහිටුවිය යුතුයි. ඒ අරමුදලට ප්ලාස්ටික් ෂොපින් බෑග්වලින් යම්කිසි අධිභාරයක් අයකරලා ඒ මුදල අරමුදලට යවන්න නියෝගයක් දැන් තියනවා. නමුත් අවාසනාවකට වගේ දැන් වසරකට වැඩී, 2024 මාර්තු තමා මේ නියෝගය ආවේ. දැන් මැයි අවසානයේ අපි ඉන්නේ අවාසනාවකට රජයේ කිසිම පාර්ශ්වයක් මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කිසිම කටයුත්තක් කරලා නැහැ. පරිසර අමාත්‍යාංශය මූලික වෙලා මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට මේ යෝජනාව යන්න ඕන. ඒ වගේම පාරිභෝගික අධිකාරිය පැරණි ගැසට් නිවේදනය ඉවත් කරලා නැති නිසා මේ නඩුවේ එකඟතාවන් ඔවුන් උල්ලංඝනය කරමින් සිටිනවා. මධ්‍යම පරිසර අධිකාරියත්, පරිසර අමාත්‍යාංශයත්, පාරිභෝගික අධිකාරියත් මේ නියෝග උල්ලංඝනය කරමින් සිටිනවා. එය වහාම නිවැරදි කරන්න ඕන. ශ්‍රී ලංකාවේ අපි දවසකට ප්ලාස්ටික් බෑග් මිලියන 20 ක් විතර භාවිතා කර එළියට විසිකරනවා. ඒ අනුව රුපියල් මිලියන 15-20 අතර මුදලක් දවසකට අරමුදලට එකතුකරගන්න පුළුවන්. මේක විශාල මුදලක්. ඒ මුදල ලංකාවේ කැළි-කසළ කළමනාකරණය කරන්න මුදල් නැති පළාත් පාලන ආයතනවලට ඒ මුදල් දෙන්න පුළුවන්. යටිතල පහසුකම් හදන්න, දැනුවත් කරන්න අරමුදල් යොදාගන්න පුළුවන්. අවාසනාවකට මේ මුදල තවමත් රජයට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා තනි භාවිත ප්ලාස්ටික් දූෂණයෙන් පරිසරයට සිදුකරමින් පවතින්නේ විශාල විනාශයක්. ඒ ආණ්ඩුවේ සහ රජයේ ආයතනවල තියන අකාර්යක්ෂම බව නිසා.”

මේ තත්ත්වය තේරුම් ගෙන නව රජය නුදුරු අනාගතයේදී තනි භාවිත පොලිතීන්-ප්ලාස්ටික් ඇතුළු ප්ලාස්ටික් දූෂණය අවම කරන්නට රජය සහ පාරිසරික බලධාරීන් පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එනමුත්, නීති පද්ධතිය මතම මෙවැනි විශ්වීය අර්බුද නොතබා “පුරවැසි වගකීම” ඉටුකිරීම වෙනුවෙන් ජනතාව ද කැපවිය යුතුය. ඒ සඳහා පරිසරය ඇතුළු දැවෙන ගැටලු සඳහා “ජනතා සාක්ෂරතාව” අත්‍යවශ්‍ය කාරණයක් බැවින් “වඩා හොඳ සහ වඩා නිර්මාණශීලී දැනුවත් කිරීම” අත්‍යවශ්‍ය කාරණයක් ලෙස අපි දකිමු.

එසේම, අද වන විට “ගෝලීය උණුසුම” සහ “දේශගුණික විපර්යාස” මාතෘකා පරදා “පොලිතීන්-ප්ලාස්ටික් දූෂණය” වඩා ඉහළට මතුව ඇත. ඒ අතර “තනි භාවිත ප්ලාස්ටික්- Single Use Plastic -SUP” ප්ලාස්ටික් අර්බුදය වෙනම කතාකරන මාතෘකාවකි. එබැවින්, ගෝලීය සාකච්ඡාවලදී මෙම විෂය වෙනම මාතෘකාවක් ලෙස කතා කරයි. යෝජිත “ගෝලීය ප්ලාස්ටික් ගිවිසුම් සහ එකඟතා- Global Plastic Convention” යටතේ මෙම තනි භාවිත ප්ලාස්ටික් ගැන විශේෂ අංගයක් ලෙස සාකච්ඡා කෙරෙන අතර භාවිතය පාලනය කිරීම සඳහා තීන්දු තීරණවලට එළඹීමට නියමිතය. මන්ද, මේවා එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බැවිනි.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් ද 2018 දී නිකුත් කරන ලද වාර්තාවක තනි භාවිත ප්ලාස්ටික් තිරසර භාවිතය (තහනම් කිරීමක් හෝ බද්දක් හඳුන්වාදීම) සඳහා පියවර 10 කින් යුත් මාර්ග සිතියමක් (Road Map) ඉදිරිපත් කරයි. මෙම මඟ පෙන්වීම අනුව, තනි භාවිත ප්ලාස්ටික් මැඩපැවැත්වීම සඳහා රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක් ඒවා තහනම් කිරීම සහ බදු හඳුන්වා දීම මගින් භාවිතය උදාසීන කිරීමට කටයුතු කරනු ඇති බව එම වාර්තාව කියයි. එනම්, ශතවර්ෂයේ මාතෘකාව බවට පත්වනු පෙනෙන්නේ තනි භාවිත ප්ලාස්ටික්වලින් ලෝකය ගලවා ගැනීමය. ඊට අපි අපේ සහයෝගය ද යුතුකම සහ වගකීම ද ඉටුකළ යුතු වෙමු.

ජගත් කණහැරආරච්චි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විශේෂාංග

බුදුදහමේ ව්‍යාප්තිය උදෙසා සේද මාවතේ කාර්යභාරය

අතිරේක විශේෂාංග

මනෝවිද්‍යා උපදේශනයෙන් සියදිවි හානිය වළකමු

අතිරේක විශේෂාංග

සරුබිම සරුවෙන්න….. පැළයක්ම සිටුවන්න….

විශේෂාංග

මානව හිමිකම් කොමසාරිස්ගේ චෙම්මනි වන්දනාව

අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok