Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඔබගේ දරුවා විද්‍යුත් තිර භාවිතයට ඇබ්බැහි වෙලාද? එය හඳුනාගන්නේ කෙසේද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඔබගේ දරුවා විද්‍යුත් තිර භාවිතයට ඇබ්බැහි වෙලාද? එය හඳුනාගන්නේ කෙසේද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
අතිරේකවිශේෂාංග

ඔබගේ දරුවා විද්‍යුත් තිර භාවිතයට ඇබ්බැහි වෙලාද? එය හඳුනාගන්නේ කෙසේද?

June 25, 2025
420 Views

වර්තමානයේ බොහෝ පාසල් දරුවන් ජංගම දුරකතනය, පරිගණකය වැනි විද්‍යුත් උපාංග භාවිතා කිරීමට දැඩි ලෙස යොමු වී ඇත. විශේෂයෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වයේදී දීර්ඝ පාසල් නිවාඩුවක් ලැබීමත් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනයට යොමු වීමත් එම කාලය තුළින් බාහිර ක්‍රියාකාරකම් එනම් ක්‍රීඩා ඇතුළු අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් එනම් ක්‍රීඩා ඇතුළු අනෙකුත් බාහිර ක්‍රියාකාරකම්වලට යොමුවීමට නොහැකිවීමත් නිසා සිසුන් අතර විද්‍යුත්තිර භාවිතය විශාල ලෙස ඉහළ යන්නට විය. එය මේ වන විට පාසල් පද්ධතිය තුළ සිසුන් මුහුණ දෙන ප්‍රධාන මානසික මෙන්ම කායික සෞඛ්‍ය ගැටලුවක් බවට ද පත්ව ඇත.

විද්‍යුත්තිර භාවිතයේ අහිතකර ප්‍රතිඵල ලෙස ඇතිවිය හැකි ශාරීරික සංකූලතා මෙන්ම මානසික ගැටලු ද රාශියකි. ස්ථුලතාවය, හෘද සෞඛ්‍ය ගැටලු ඇතිවීම, පෙනීම සහ ඇසීම සම්බන්ධ සංවේදන ගැටලු ඇතිවීම, අස්ථි පද්ධතිය ආශ්‍රිත ගැටලු සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීමේ රටාවන්ට හුරු වීම හුරු වීම සහ නින්දේ ගැටලු ඇතිවීම වැනි කායික ගැටලු ද පවුලේ සාමාජිකයින් තමන්ගේ යහළුවන්ගෙන් සහ සමාජ සම්බන්ධතාවලින් ඈත් වී හුදෙකලා බවට පත්වීම, කාන්සාව, විශාදය, ඌන අවධානය සහ අධි ක්‍රියාකාරී අක්‍රමතාවය වැනි මානසික රෝගවලවට ගොදුරු වීමේ ප්‍රවණතාවය හෝ එම තත්ත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබීම විද්‍යුත් තිරවල ඇති ප්‍රචණ්ඩකාරී හැසිරීම් අනුකරණය නිසා දරුවන් අතර ප්‍රචණ්ඩකාරී හැසිරීම් වර්ධනය වීමේ ඉඩකඩද වැඩිවීම සන්නිවේදන උපකරණ හරහා ඇතිවන අනාරක්ෂිත මිතුරු සබඳතා හෝ අන්තර්ජාල සබඳතා හරහා ළමයින් මානසික සහ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වීම, චිත්තවේග කළමනාකරණය කරගැනීමේ අපහසුතා, ධනාත්මක සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීමේ ගැටලු, භාෂා සංවර්ධනය ගැටලු බුද්ධි සංවර්ධනය සඳහා වන බාධාවන් අධ්‍යාපන කටයුතු අඩාල වීම ප්‍රචණ්ඩකාරී චර්යාවන් සඳහා දරුවන් යොමුවීම මතකය අවධානය තීරණ ගැනීම ගැටලු විසඳීම වැනි උසස් මානසික හැකියාවන්ට ඇතිවන බාධාවන් වැනි මානසික සෞඛ්‍ය සහ සමාජීය ගැටලු ද වේ.

ඔබගේ දරුවා විද්‍යුත් තිර භාවිතයට ඇබ්බැහි වී ඇති ද යන්න හඳුනාගැනීමේදී පහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

● කාලයත් සමග විද්‍යුත් විර භාවිත කරන කාලය වැඩි වී තිබීම

● විද්‍යුත්තිර භාවිතයට අමතරව දරුවා වෙනදා ආසාවෙන් කළ ක්‍රියාකාරකම් මගහැරීම

● විද්‍යුත්තිරය භාවිතය කරන ලද කාලය පිළිබඳව දරුවා බොරු පැවසීම

● විද්‍යුත් තිරවලින් තමාට සිදුවන අහිතකර බලපෑම ගැන දැනුවත් වුවත් එය නොතකා දිගින් දිගටම විද්‍යුත්තිර භාවිත කිරීම

● විද්‍යුත්තිර භාවිතය අඩු කිරීම හෝ පාලනය කිරීමට දරුවා අපොහොසත් වීම

● එමෙන්ම තම චිත්ත වේගයක අපහසුතා එනම් දුක තරහා වැනි හැඟීම්වලින් මිදීම සඳහා දරුවා විද්‍යුත්තිර භාවිතය

● භාවිතය වළකාලන අවස්ථාවලදී කේන්තිය, දුක, නොසන්සුන් වැනි තාවතාවය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි.

● එමෙන්ම තමාගේ ගැටලුව පිළිබඳව අවබෝධයක් නොමැතිකම.

සෑම දරුවෙක්ම විද්‍යුත්තිර භාවිතයට කැමැත්තක් දක්වන නමුත් සෑම දරුවෙක්ම විද්‍යුත්තිර භාවිතයට ඇබ්බැහිවන්නේ නැත.

එසේ ඇබ්බැහිවීම සඳහා දරුවන්ව යොමු කරනු ලබන අවදානම් සාධක කිහිපයක් පර්යේෂණ මගින් හඳුනාගෙන ඇත.

● දුක කෝපය සහ බිය වැනි චිත්තවේග කළමනාකරණය කර ගැනීම අපහසුවීම

● ආත්ම විශ්වාසය අඩුකම

● ආවේගශීලී වීම

● මිතුරන්ගේ බලපෑමට පහසුවෙන් හසුවන දරුවන්

● දෙමව්පියභාවයේ සහ පවුල් පරිසරයේ ගැටලු සහිත දරුවන්.

විද්‍යුත්තිර භාවිතය සම්බන්ධයෙන් නිවසේ විනයක් නොමැති වීම මෙවැනි අවදානම් සාධක සහිත දරුවන් පහසුවෙන් ඇබ්බැහිවීමට ගොදුරු විය හැකිය. ඔබගේ දරුවා මෙවැනි අවදානම් සාධක පෙන්වන්නේ නම් දරුවාගේ විද්‍යුත්තිර භාවිතය පිළිබඳව ඔබ දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ. දරුවන්ට සිදුවිය හැකි අයහපත් බලපෑ අවම කිරීම සඳහා විද්‍යුත්තිර භාවිත කිරීම සම්බන්ධව ලෝකයේ විවිධ නිර්ණායක පනවා ඇත. එම නිර්දේශිත විද්‍යුත් තිර භාවිතය සඳහා වෙන්කළ හැකි නිර්දේශිත කාලසීමාවන් වයස් සීමාවන්ට අනුව පහත පරිදි වේ.

● වයස අවුරුදු දෙකට අඩු දරුවන් සඳහා විද්‍යුත්තිර ලබාදීම කිසිසේත් නොකළ යුතු අතර අවුරුදු දෙකත් පහත් අතර දරුවන් සඳහා එය දිනකට පැයකට නොවැඩි විය යුතුය. අවුරුදු හයක් අටත් අතර දරුවන් දිනකට පැය දෙකකට වඩා අඩු කාලයක් විද්‍යුත්තිර භාවිතය යෝග්‍ය වේ.

● තවද වයසට ගැලපෙන වැඩසටහන් තෝරා ගැනීමට දරුවාට සහාය වීමද විද්‍යුත්තිර භාවිත කළ සහ කළ නොහැකි ස්ථාන දිනයන් වේලාවන් පිළිබඳ සීමා පැනවීම ඉතා වැදගත්ය. නිදසුන් ලෙස නිදන කාමරයේදී ආහාර ගන්නා වේලාවට සතියේ සුවිශේෂී දිනවලදී විද්‍යුත් තිර භාවිතය නොකළ යුතු බවට සීමා පැනවීම වැදගත් වේ.

● දරුවන් ප්‍රමාණවත් තරම් බාහිර ක්‍රියාකාරකම් සෙල්ලම් කිරීම සහ සමාජ කටයුතු සඳහා යොමු කිරීමද වැදගත් නිර්ණායකයකි.

● දැනටමත් විද්‍යුත් තිර සඳහා ඇබ්බැහි වී ඇති, දැනටමත් විද්‍යුත් තිර සඳහා ඇබ්බැහි වී ඇති දරුවකු වූ ඉන් මුදා ගැනීමේදී ක්‍රමානුකූලව විද්‍යුත්තිර භාවිතයේ සඳහා ගත කරන කාලය අඩු කිරීම යෝග්‍ය වෙයි.

● තවද දරුවාගේ දෛනික ක්‍රියාකාරකම් කාලසටහනකට අනුව සැලසුම් කර ගැනීමද වැදගත්ය.

● පවුලේ අනෙකුත් සාමාජිකයන් තුළද විද්‍යුත්තිර භාවිතයේ සම්බන්ධයෙන් විනයක් පැවතීම අත්‍යවශ්‍ය වේ.

දරුවකු විද්‍යුත්තිර භාවිතයට ඇබ්බැහිවීමට පෙර ඒ වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම දෙමව්පියන්ගේ වගකීමකි. තවද යම් ආකාරයකින් ඔබගේ දරුවා විද්‍යුත්තිර සඳහා ඇබ්බැහි වී ඇති බවට හැඟෙන්නේ නම් දරුවාව මනෝ උපදේශන ප්‍රතිකාර සඳහා යොමු කිරීම ද විද්‍යුත් තිර භාවිතය සම්බන්ධයෙන් දරුවාගේ හැසිරීම් රටාව ඔබගේ පාලනයෙන් මිදී ගොස් ඇති බව හැඟෙන්නේ නම් දරුවා ප්‍රචණ්ඩකාරීව හැසිරේ නම් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කෙරෙහි යොමුවීම ද අත්‍යවශ්‍ය වේ.

දේවිකා අත්තනායක
සායනික මනෝ විද්‍යාඥ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විශේෂාංග

ට්‍රම්ප්ගේ 30% බද්ද තවත් අඩු වෙයි ද?

අතිරේක විශේෂාංග

ජනශ්‍රැතියෙන් තොර සාහිත්‍යයක් ගැන කතා කරන්න බෑ – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ

අතිරේක විශේෂාංග

සරසවි කවි සරණිය

අතිරේක විශේෂාංග

ගවයන් සඟවා තබන මංගර දෙවියෝ

විශේෂාංග

බදු ආඥාව සහ අපේ යාඥාව!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok