Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මාලිනී – මිහිතලය මත දිස්වුණු රන් තරුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මාලිනී – මිහිතලය මත දිස්වුණු රන් තරුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad image
අකුරු දි​ගේඉරිදා සංග්‍රහය විශේෂාංග

මාලිනී – මිහිතලය මත දිස්වුණු රන් තරුව

4 days ago
455 Views

මාලිනී ෆොන්සේකා හෙළ සිනමා නිළි රැජිනගේ අවසන් කටයුතු පසුගියදා (26දා) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.

මාලිනී ෆොන්සේකා නාමය අප ජන සමාජය තුළ සුවිශේෂත්වයට පත් වනුයේ වසරේ තිරගත වූ තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලදි‘පුංචි බබා’ (1968) චිත්‍රපටයේ සිට විවිධ මාදිලිවලට අයත් චිත්‍රපට එකසිය තිස් පහක පමණ ප්‍රධාන චරිත රඟපෑමෙනි.

එහෙත්, එසේ චිත්‍රපට වැඩිම ගණනක් සඳහා රංගනයෙන් දායක වීමෙන් පමණක් නිළියකට රැජින යන අභිධානය හිමි කර ගත හැකිද? ඊට හේතුව එවැන්නක් සමාජගත වීමට නම් ඒ සඳහා වන යෝග්‍යතාවයන් ජන මනැසේ මනාව ස්ථාපිත විය යුතු බැවිනි.

මෙලොව ජීවත් වන සෑම කෙනෙකු තුළම තමනට පමණක් ආවේණික වූ පුද්ගලත්වයක් (Personality) තිබේ. එය ප්‍රවේණිගත, ජෛවමය, පෞරුෂ හා සමාජ සාධක මත තමන් විසින්ම ගොඩනඟා ගත යුත්තකි. එමෙන්ම බාහිර සමාජය යමකු දෙස බැලීමේදී සේම ඒ පුද්ගලයා සම්බන්ධයෙන් නිගමනවලට ඒමේදී ඒ පුද්ගලත්වය ප්‍රධාන සාධකයක් කර ගන්නා බව අපි කවුරුත් දනිමු.

රූප සම්පත්තිය, බාහිර පෙනුම, අධ්‍යාපනත්ව හා සෙසු කුසලතා, ධනවත් බව ආදී සාධක පදනම්ව සමාජයීය වශයෙන් සුවිශේෂත්වයක් පළ කරන්නකු හට වුව එය ආරක්ෂා කර ගැනීම පිණිස තම පුද්ගලත්වය මනාව කළමනාකරණය කර ගැනීමට සිදු වේ. නො එසේ නම් ඒ තැනැත්තාගේ චරිත්‍යාභ්‍යන්තරය කෙසේ වුවද හෙතෙම සමාජමය වශයෙන් පිළිගැනීමකට, අගැයුමකට ලක් නොවූ අයකු බවට පත්වනු ඒකාන්ත ය.

මා ඉහත සඳහන් කෙටි විස්තරය මෙහි සඳහන් කළේ සුරූපී බව, රංගන කුසලතාව ආදී සුදුසුකම් පසෙක තිබිය දී මාලිනී ෆොන්සේකා නම් වන ගැහැනිය තම ජීවිත කාලය පුරාවටම තම පුද්ගලත්වය නම් වන සාධකය කෙතරම් සංයමශීලී ලෙස කළමනාකරණයට ලක් කළේ ද යන්න ඔබ හමුවේ ගෙන හැර පෑමට ය.

මූලික වශයෙන් මාලිනී ෆොන්සේකාගේ රූ සපුව තුළින් ඕනෑම අයකුට එක්වරම දිස්වන විශේෂත්වයක් තිබිණ. එනම් ශ්‍රී ලාංකේය මුඛ්‍ය සංස්කෘතික ධාරාව වන ගැමි සුන්දරත්වය නියෝජනය කිරීම ය. එවක ඇගේ මුහුණේ පෙනුම මඳ සිනාව ආදී සෑම අංගයකින්ම ඇය ශ්‍රී ලාංකේය යුවතියක පිළිබඳ කදිම නිදර්ශනයක් බඳු විය. ධර්මසේන පතිරාජ සූරීන් අධ්‍යක්ෂණය කළ “එයා දැන් ලොකු ළමයෙක්” ( 1975 ) වැනි සිනමා කෘතීන් මාලිනීගේ පුද්ගලත්වය හා ඒකාත්මීය වූ බවක් පෙනිණ.

එමෙන්ම මීට දශක කිහිපයකට ඉහත උඩරට මනාලියක සේ සැරසී මඳ සිනාවෙන් සැරසී මුව මඬල ඔප්නංවා ගෙන හිඳින ඇගේ ඡායාරූපයක් සහිත Sri Lanka යනුවෙන් සඳහන් සංචාරක ආකර්ෂණය පිණිස වූ පෝස්ටරයකින් විශේෂ මහජන සබඳතා සම්බන්ධතාව සහිත රාජ්‍ය ආයතන හැඩ වී තිබූ බව අපට මතක ය. ඒ අප රටේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන, උඩරට නැට්ටුවකු, තේ දලු නෙළන කාන්තාවන්, වන අලි ඇතුන් සුන්දර වෙරළ තීර ආදී වශයෙන් ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණයට යොමු කෙරෙන ශ්‍රී ලාංකේය අනන්‍යතාව පළ කරන පෝස්ටර් පෙළක එකක් වශයෙනි.

මාලිනී ෆොන්සේකාගේ රූ සපුව සම්බන්ධ බාහිර සාධක එසේ වුවද ඒවායින් නිරූපණය කෙරෙන අන්දමින්ම හුදෙක් දේශීයත්වය හුවා දැක්වෙන ලෙසින්ම ඇය තම පුද්ගලිකත්වය සංයමශීලීව හසුරුවා ගෙන තිබීම ඇගේ මෙම රැජින යන සමාජමය අභිධානය උදෙසා ප්‍රසාද ලකුණු සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදීමට නියත වශයෙන්ම සමත් ව තිබේ.

මාලිනී ෆොන්සේකා සිනමාව තුළ එකිනෙකට වෙනස් චරිත සිය ගණනක් රඟපා ඇතත් තම සැබෑ ජීවිතය මුළුමනින් රඟපෑමෙන් ඉවත් කර ගැනීමේ විස්මිත හැකියාවක් කුසලතාවක් ඇය සතු විය. මා මෙය විශේෂයෙන් සඳහන් කරනුයේ මෙය ඉහත ආටෝපකාරී සමාජය තුළ දක්නට නොලැබෙන අතිශය දුර්ලභ යහ ගුණයක් බැවිනි. ඇගේ කතා විලාසය, ඉරියව් වැනි දේහ භාෂාත්මක අංග, සේම ජීවන චර්යාවන් ආදී සෑම දේකින්ම අපේකම යනුවෙන් හැඳින්වෙන දේශීයත්වය උද්වහනය විය.

සිනමා කැමරාව ඉදිරියේ අප රටේ බටහිර නාගරික ඉහළ පැලැන්තියේ දඟකාර යුවතියකගේ චරිතය විස්මිත අයුරින් නිරූපණය කළ ඇයට අධ්‍යක්ෂවරයා ගේ ‘කට්’ යන විධානයත් සමඟ එක් නිමේෂයකින් දේශීය ගැමි යුවතිය යන සිය සුපුරුදු පුද්ගලත්වය ආරෝපණය කර ගැනීමට මාලිනී ෆොන්සේකා තුළ වූ හැකියාව අතිවිශිෂ්ටය.

මාලිනී ෆොන්සේකා ප්‍රකට වූ නිළි භූමිකාවට අමතර ඇය චිත්‍රපට නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, ගායනය යන කලා අංශවලටත් ඉන් පරිබාහිරව අසරණ සරණ හා රෝගී සත්කාර සේම සත්ව හිමිකම් හා සුබ සාධන කටයුතුවලටත් තම සක්‍රීය දායකත්වය ලබාදුන්නා ය. එනිසාම විවිධ කලා හා කටයුතුවල දී එක්ව ක්‍රියා කිරීම් මත ඇය හා සුහද සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමට අපට ද හැකි විය.

එක්තරා අවස්ථාවක ඇය මා ද සහභාගි වී සිටි අප හිතවතකුගේ නිවසේ පැවැති පුණ්‍යෝත්සවයකට සහභාගීවූවා ය. එමෙන්ම ඇගේ රුව දුටු පමණින් එහි රැස්ව සිටි බොහෝ දෙනකුට එම පින්කම අමතක වූ බවක් පෙනිණ. එහෙත්, එම පිරිස අතරට පැමිණි මාලිනී ෆොන්සේකා ඔවුන් අතර හැසිරෙමින් සුහදව කතා බස් කරමින් ඒ පින්කමට එක් වූ සරල සැහැල්ලු චාම් ස්වරූපය අනුව එහි සිටි දැන උගත් යැයි පැවසිය හැකි කතුන් පිරිසක් “මේ මාලිනී ෆොන්සේකා කියලා හිතන්නවත් බෑනේ”. යනුවෙන් ඔවුනොද්‍වුන් මුමුණා ගනු මට ඇසිණ. පසුව ඊට ඇගේ ප්‍රතිචාරය කෙබඳු දැයි දැන ගැනීමට මා නිකමට මෙන් ඒ බව කී විට ඇය සිදු කළේ අහිංසක ලෙස සිනාසීම පමණි.

මාලිනී ෆොන්සේකා යනු හෙළ සිනමාවේ පෑයූ දීප්තිමත්ම තරුව බවට කිසිදු වාදයක් නැත. එහෙත් එහි විස්මයට කරුණ වනුයේ එලෙස තාරුකා සන්නාමයක් හිමි කර ගත් ඇය තම ජීවිතය පුරාම මිහිතලයේ පය ගසා ජීවත් වීමය ය. ඉංග්‍රීසි බසින් Down to earth යනුවෙන් හැඳින්වෙනුයේ ද මෙය මය.

නව ලිබරල්වාදය පදනම් කරගත් අධි පරිභෝජනවාදී සමාජයක් තුළ ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන නිසරු පුරුෂාර්ථ අතරේ ආටෝපය (Vanity) ද ඉහළම තැනක් හිමි වේ. ඇතැම්හු මෙම තරඟකාරී සමාජයෙන් වැඩි වරප්‍රසාද සම්භාරයක් ගොනු කර ගැනීම පිණිස ද මෙවන් ආටෝපකාරී හැසිරීම්වල යොමු වෙති.

එහෙත්, ශ්‍රී ලාංකේය සිනමාව ඇතුළු තවත් අංශ වලින් අනේක විධ ජයග්‍රහණයක් භුක්ති විඳින අතරේත් තම ජීවිතය පුහු ආටෝපය නම් බොර දිය මුසු කර නොගත් සුනිල විලක් සේ පවත්වා ගෙන ගිය මාලිනී ෆොන්සේකා ඒ ඔස්සේ ද තම දිවි පෙවෙත දිග් විජය කළ බවක් මට හැඟේ. මාලිනියට අවසන් බුහුමන් දැක්වීම පිණිස ඒකරාශී වූ ජනී ජනයා ඒ සඳහා කදිම නිදසුනකි.

එපමණක් නොව ඇගේ රූපකාය අද අග්නි ජාලා මඟින් වැනසී ගිය ද සිංහල සිනමාවේ නිළි රැජින යන සමාජමය අභිධානය සමඟ ශ්‍රී ලාංකේය ජන විඥානය තුළ තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹීමේ භාග්‍යය වාසනාව ඇය මේ වන විටත් හිමි කරගෙන අවසන් බව ප්‍රසාද සංවේගයෙන් යුතුවම සටහන් කරමි.

● ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
- Advertisement -
Ad image
Trending News

බල්තසාර් වැඩට

4 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

4 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

3 days ago

සිකුරු කුජගේ නිවසට

4 days ago
Related News
අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

අහිංසක ආත්මය මාලිනී

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

මාලිනිය තිළිණ කළ සංස්කෘතික කලා ප්‍රාග්ධනය

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

ජාතික සංහිඳියාවට ලියැවුණු රත්න ශ්‍රී ගී

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

ඔයගොල්ලෝ හැමෝටම මම ආදරෙයි…

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok