හෙළ සිනමාවේ නිළි රැජනගේ 78 වැනි උපන්දිනය ඇය අපහැර යන්න සති කිහිපයකට ඉහත දී ජයන්ත ධර්මදාස මහතාගේ මූලිකත්වයෙන් සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලදී. අපේ නිළි රැජන මාලනී තම සහෝදර කලා ශිල්පීන් සමග ගතකළ අවසන් හෝරා කිහිපය එයයි. එහිදී ඇය රැස්ව සිටි සියල්ලන් ආමන්ත්‍රණය කළ අවසන් වදන් පෙළ අප යළිත් සටහන් කර තබන්නට අදහස් කළේ ඇය ලද ආදරය කෙතරම්ද යන වග හේතුවෙනි.




‘මම අද ආවේ ආදරය හොයාගෙන.
ආවා සොයා ආදරේ, මට ගොඩාක් දේවල් කියන්න ඕනේ. ඒ මොනවා වුණත් මට එක දෙයයි කියැවෙන්නේ. මට හැමදාම ආදරය ලැබුණා. ඒ වගේම මමත් ආදරය දුන්නා. ඉතිං ඒක මම නවත්වන්නේ නෑ. මම කොහොම හරි ඒ ආදරය රැකගන්නවා. මම ආදරෙයි
ඔයගොල්ලෝ හැමෝටම.
බොහෝම ස්තූතියි…’


ඡායාරූප – ධනුෂ්ක සේනාධීර