Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංගමීවිත

ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ

3 weeks ago
525 Views

මම සල්ලිවලට නෙමෙයි, ආසාවටයි මේ රඟපාන්නේ

කලක් තිස්සේ හිතක් පතුලේ
මලක් පිපිලා ගිලිහී වැටුණේ
තුෂාරා පත් වලින් වියැකී
කියා පෑවේ වියෝගයකී

ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ

කැමරාව ඉදිරියේ මෙන්ම සැබෑ ජීවිතයේදී ද පණ මෙන් ආදරය කළ පෙම්වතා විජය කුමාරතුංග ජීවිතෙන් සමුගෙන යද්දී ඔහුගේ සෑයෙන් නික්මෙන දුම් රොටු දෙස කඳුළු පිරි දෙනෙතින් බලමින් සුසුම් හෙළුෑ ඈ.,

සිනමා ලෝකයේ තමන් සමග එක්ව යුගයක් ආලෝක කළ සොයුරු ගාමිණී ෆොන්සේකාගේ නිසල සිරුර දැවෙද්දී එදෙස බලා සුසුම් හෙළුෑ ඈ., දඩබ්බර පෙම්වතෙකු ලෙස තමන් හා සිනමාවේ රඟපෑ අමරසිරි කලංසූරියගේ වියෝව අසා දෙනෙතේ කඳුළු පුරවා ගත් ඈ.,

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ… මහා සාගරේ…
කඳුළෙනි ජලකඳ සැදුනේ
සුසුමෙනි රළ නැගුනේ
කුණාටු මුහුදෙනි අඩසඳ පිපුනේ
වේදනා ගෙනේ…

කැමරාව හමුවේ ගී ගයමින් රසික ආකර්ෂණය දිනා ගන්නට පසුබිම් හඬ සැපයූ ආදරණීය ඇන්ජලින් ගුණතිලකගේ වියෝව ද කඳුළක් කරගත් ඈ.,

මේ වියෝවීම් ගැන ඇසූ සෑම අවස්ථාවකදීම දුන් උත්තරය වුණේ.,

“ජීවිතේ ඔහොම තමයි…කොයි වෙලාවෙද කියන්න බැහැ.. ලෑස්ති පිට ඉන්න ඕනේ.. ඊළඟට මං වෙන්නත් පුළුවන්”

දැන් ඇයද නික්ම ගොසිනි. ආයේ නොඑන්නටම නික්ම ගොසිනි. චිත්‍රපට දර්ශනයකදීවත් ඈ මියෙනවා දකින්නට අකමැත්තෙන් සිටි රසික හිතවතුන් කෙසේ නම් නොහඬා සිටින්නද.. ඔවුහු හැඬූහ. ඇගේ නිසල සිරුර ඉදිරියේ ඉකි ගසමින් හැඬූහ.

ඇගේ දේහය චිතකය තුළ දැවෙමින් ඉහළ අහසට නැගුණු දුම් කැරළි ඇයට ආදරය කළ සියල්ලන්ගේ සෝසුසුම් හා මුසුව දැන් වාතලය එක්ව අවසන්ය.

රත්තරන් සිහිනයක පෑයූ
පාට දේදුනු බොඳ වෙලා
වැටෙන කඳුළැලි ගලා ගියදෙන්
ඔබට සිහිනය පිණිසලා

අහෝ..මේ දුක කෙසේ වාවන්නද. දර්ශන තලයේදී සහෝදර ශිල්පීන්ට හිතවතියක වූ මාලිනිය සැබැවින්ම ඔවුන්ගේ සෙනෙහෙවන්තිය වූවාය. පරමාදර්ශී චරිතය වූවාය. ඉදින් දැන් ඉතින් කවුරුන් ගුරු කොට තකන්නද?.

ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ

රැජනන් දුලබය. රැජනක් වන්නට හැමකෙනකුටම වාසනාව නොලැබේ. රුක්මණී දේවියගෙන් පසුව අපේ සිනමාවේ මේ වාසනාව ලද්දී මාලිනී ෆොන්සේකාය. අවුරුදු හැට දෙකකට අධික කාලයක් රංගන ජීවිතයේ ඈ ආ මග සුන්දර නොවේ. අපේ සිනමාවේ අග්‍රගන්‍ය නිළිය, නිළි රැජන ලෙස කිරුළ පළඳින්නට ඇය බොහෝ කැපකිරීම් කළාය.

ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ

චිත්‍රපටවල රඟපෑම ඒ තරම් සුදුසු නෑ වගේ අදහසක් තමයි ඉස්කෝලෙදි ලබාදීලා තිබ්බේ. මම කළේ විද්‍යා විෂයන්. තාත්තගෙත් එච්චර කැමැත්තක් තිබුණේ නෑ රඟපානවට. ලොකු අයියා දායානන්ද තමයි ඇවිත් ‘පුංචි බබා’ ගැන කිව්වේ. ජෝ අබේවික්‍රම, තිස්ස ලියනසූරිය කියන අයට ඒ කාලේ හොඳ නමක් තිබුණා. ඉතිං මම කැමති වුණා පුංචි බබාට රඟපාන්න. “ඔයාට මේ චිත්‍රපටයට කොච්චර මුදලක් ඕනෑද” කියල ජෝ අයියා මගෙන් ඇහුවා. “මම සල්ලි වලට නෙමෙයි ආසාවටයි මේ රඟපාන්නේ” කියලා මම කිව්වා.

ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ

නීල ඔබෙ දෑස යහනාව සුවදේ
එන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ

හැත්තෑව දශකය මාලිනියගේ රංගන දිවියේ කාර්ය බහුලම කාලය විය. ඒ දශකයේදී ඈ චිත්‍රපට හැත්තෑවක පමණ රඟපෑවාය. අපේ සිනමාවේ ස්වර්ණමය කාලය වූයේ මේ හැත්තෑව දශකය බවද අමතක කළ යුතු නොවේ. ඊට මාලිනියගේ රංගනය විශාල අනුබලයක් විය. තාරකාවක් ලෙස ප්‍රතිභාව නංවමින් ඈ සිනමා අඹරේ පායන්නට පටන් ගත්තේ මේ වාසනාවන්ත කාලයේදීය.

කොහේදෝ යම් දිනක දෙන්නා
එකට එක් වී මෙසේ උන්නා
එදා හඳ පායලා අහසේ
අපට කිව්වා යමක් රහසේ

ගාමිණී – මාලිනී, විජය – මාලිනී. රවී -මාලිනී, සනත් – මාලිනී යුගයක් ඇති කළ දශකය වූයේද මේ හැත්තෑව දශකයයි. අප පික්චර් පිස්සන් බවට පත් කළේද මේ යුගයයි. ගැලරියේ සිටි තරුණයින් ගාමිණීට සහ විජයට, රවින්ද්‍රට, සනත්ට විසිල් ගසමින් මාලිනියට හිතින් ආදරය කරන්නට පටන් ගත්තේ මේ කාලයේය. ගාමිණී විජය, රවීන්ද්‍ර, සනත් සමග මල් ගස් වටේ නටමින් ගී ගයමින් රංගනයේ යෙදුණු මාලිනිය ඒ සමගම නිධානය. බඹරු ඇවිත්, සිරිපාල හා රන් මැණිකා වැනි චිත්‍රපටවලින්ද තම රංගන පරාසය විදහා දැක්වූවාය. ඇයට සම කළ හැකි කෙනෙක් වීද? නැත. විකල්ප නැත. ඇය සම කළ හැක්කේ ඇයටම පමණි. ඒ තරමටම ඇය රංගනයෙන්, කතාවෙන්, හැසිරීමෙන් මෙන්ම රූපයෙන්ද පරිපූර්ණ වූ පුරාවෘත්තයක් වූවාය.

“මගේ මේ ජීවිතය හැඩ ගැහිල තියෙන්නේ ප්‍රේක්ෂකයා වෙනුවෙන්මයි. මං හිතන්නේ මේක පෙර ආත්මයක ඉඳලා එන දෙයක්. මේ ඉන්න කාලය තුළ මම ජීවත්වෙලා තියෙන්නේ මාලිනී ෆොන්සේකා විදියට නෙවෙයි. ඒ එක එක චරිත හැටියට තමයි මං ජීවත්වෙලා තියෙන්නේ. එක් එක් චරිතවල ආත්මයන්ට මම විවිධ අවස්ථාවල පිවිසිලා තියෙනවා. එහෙම බලද්දී මගේ ජීවිතේ චරිත ගණනාවක් තියෙනවා..”

මාලිනිය දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකාවකි. මේ පවුලේ බර නිසාම කුඩා කාලයේදී චිත්‍රපට සහ නාට්‍ය නැරඹීමේ වරම ඇයට අහිමි වී ඇත. එවන් අත්දැකීම් නොමැතිව වුවද වේදිකාව තරණය කරමින් සිනමාව දිග් විජය කළේ රංග ප්‍රතිභාව ඇය ජන්මයෙන් ගෙන ආ දායාදයක් නිසා වන්නට ඇත.

මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
ඔබ පමණකි ඇත්තේ
ඔබ මා ළඟ නම් ජීවිතයට වෙන
කිසිවක් හිඟ නැත්තේ

කැමරාව ඉදිරියේ පමණක්ද..? නැත..,මාලිනිය සැබෑවටම විජයට ආදරය කළාය. විජය – මාලිනී ආදර කතාව සිනමා ලෝලීන්ටද රහසක් නොවිණි.

“ විජයත් මමත් ආදරෙන් හිටියා. අපි දෙන්නා කසාද බඳීවි කියලා මගේ පවුලේ අයත් හිතාගෙන හිටියා. එදා විජයයි මමයි විවාහ වුණා නම් අපි දෙන්නගෙම ජීවිතවල වෙනසක් වෙන්න තිබුණා. විජය නැහැ නේද කියලා හිතෙද්දී අද ලොකු දුකක් දැනෙනවා. එදා වගේම මම අදත් විජයට ආදරෙයි.”

ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ

කොහෙද අප සෙවු සුව සහනේ
එළිය නිවුනි දැල්වුණ පහණේ
අඳුරේ නැතිවූ ඉඳිකටුවක් සේ
රිදී ඉරක් අද නැතුව ගියා

මේ පෙම්වතුන් දෙදෙනා එදා රඟපෑ “සංගීතා” මතකයට නැගේ.

සංගීතා මිය යයි. ඒ දුක දරා ගත නොහැකිව ඇගේ සොහොන අසලම විජයද මියයයි. අවසානයේ නැවත ආත්මයක දෙදෙනාම උපදී. ප්‍රේක්ෂකයා සිනමා ශාලාවෙන් එළියට එන්නේ මේ දෙදෙනාගේ වියෝව දරාගත නොහැකි දුකකින් සහ නැවත ඉපදීම නිසා ඇතිවූ සතුටද සමගිනි.

දෙවියනේ. විජය – මාලිනී ආයෙත් උපදීවා, තම ආදරණීය නිළි රැජිනට අවසන් බුහුමන් දක්වන්නට අව් වැසි නොතකා නොනැවතී ආ ජන ගංගාවේ ඒකායන ප්‍රාර්ථනාව වන්නට ඇත.

පසුතැවීම්. අසාර්ථක වීම් මෙන්ම කලකිරීම් ඇයට ද පොදු විය. ඒ ඇය ද සාමාන්‍ය ගැහැණියක වූ බැවිණි. ඇය විවාහ දිවියට පිවිසියාය. ලකී ඩයස්, මාලිනියගේ ආදරණීය සැමියා විය. එහෙත් යම් යම් නොගැළපීම් නිසා මේ දෙදෙනාගේ විවාහය දෙදරා ගියේය.

“කලාකරුවෙකුට ජීවිත දෙකක් තියෙනවා. කලාකාරිණියක ලෙස මම සාර්ථකයි. පෞද්ගලික ජීවිතයේදී ඇතිවූ කලකිරීම් නිසා හිත කඩා වැටිලා, දුක හිතිලා හඬා වැටුණු අවස්ථා තියෙනවා. ඕනෑම අයෙක් මුහුණ දෙන ආදරය, රැවටීම්, අසනීප තත්ත්වයන්ට මමත් මුහුණ දී තියෙනවා. ඒත් මං ඒ තත්ත්වයෙන් ගොඩඑන්න මනස හදා ගත්තේ කලාකාරියක වීම නිසයි.”

පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහක් දසුන් විය
ඒ සැම මැද්දේ සිත කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ලඳ

ඇය විශාල වස්තු සම්භාරයකට හිමිකම් කියන්නියක් නොවූවාය. මිල මුදලට වඩා ඇයට වටිනාම වස්තුව වූයේ සිනමාවයි. ඈ තුළ තිබු ආශාවන් සීමාසහිතය. මහ විශාල ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල් හම්බ කිරීමට අවැසි නොවූවාය.

“ආශාවන්ගෙන් පිරුණාමනේ දුක හිතෙන්නේ. විශාල ධනයක් නොවේ සාමාන්‍ය මුදලක් මට මේ වෘත්තියෙන් ලැබුණා. සමහර නිෂ්පාදකවරු මට සල්ලි දුන්නෙත් නැහැ. පසු කලෙක මම හිතුවා මම දැන් ඉන්න තැන අනුව වෘත්තියේ වටිනාකමට සුදුසු මුදලක් අය කළ යුතුයි කියලා. ඒක මට පසු පරම්පරාවටත් ශක්තියක්. නිළියක වෙලා අවුරුදු පනහකට පස්සෙයි මම ගෙයක් හදා ගත්තේ. මම හඬා වැටුණේ නැහැ. ඒකටත් බැංකුවෙන් ණයක් ගත්තා. මම පාවිච්චි කළේ කලින් පාවිච්චි කළ වාහන. අලුත් වාහනයක් ගත්තෙත් කලා ලෝකයට ඇවිත් අවුරුදු පනහක් ගත වුණාට පස්සෙයි. සාමාන්‍ය කාන්තාවක ලෙස මට පවුල් ජීවිතයක් හෝ දරුවෙකු නැහැ කියලා පසුතැවෙන්නෙත් නැහැ. දැන් මම හ`ුගාක් බැඳීම් අත්හැරලා ඉන්නේ. සියල්ල තේරුම් අරගෙනයි ඉන්නේ. මම අසනීපවලට පොඩ්ඩක්වත් බය කෙනෙකුත් නෙවෙයි.”

ඇය පසුගිය කාලපරිච්ඡේදය තුළ දැඩි අසනීප තත්ත්වයෙන් පසුවුවද එය ඉවසාගෙන ජීවිතයට මුහුණ දුන් ශක්තිමත් ගැහැණියක වූවාය. මාලිනියගේ උපන් දිනය වෙනුවෙන් ජයන්ත ධර්මදාස ප්‍රමුඛ සිනෙස්ටාර් පදනම විසින් අප්‍රේල් 30 දා ඇයට පුදකළ ආදරය කෙතරම් වටින්නේද?. ඉන් ඇය අපමණ සතුටට පත්වූ බව නම් පැහැදිලිය. මුළු රටක් ආනන්දයෙන් සුවපත් කළ මාලිනියට එදා පෙරළා ලැබුණු මේ ආදරය සිත තුළ තැන්පත් කර ගනිමින් ඊට දින විසි දෙකකට පසුව ඇය සදහටම දෙනෙත් පියා ගත්තාය.

පිපුණු කුසුම පරවූවා,
බඹර කිකිණි ගොළු වුණා
මුතු කැට සුද සැඟවුණා
හසරැළි වියැළී ගියා

තරු පායන්නේ ආකාසයේය. ඒවා අපට බොහෝ ඈතය. ඒත්. සිනමා අඹරේ පෑයූ දීප්තිමත්ම තාරකාව පායා දිලුනේ අප දෑස මානයේය. ඒ අපට අල්ලා ගත හැකි දුරකිනි. දැන් ඒ තාරකාවත් අපෙන් ඈතට ගොසිනි. තරු දිලෙන්නේ රැයේය. අපි අහස දෙස බලා සිටිමු. තාරකාවක් වූ ඈ ඈත අහසේ සිට දීප්තිය විහිදුවමින් අප දෙස, අපේ සිනමාව දෙස බලා සිටින්නීය.

(මාලිනී ෆොන්සේකා නිළි රැජන ‘දිවයින’ අප සමග කළ සම්මුඛ සාකච්ඡාවලින් උපුටා ගත් ඇතැම් කරුණු මෙම ලිපියට ඇතුළත්ය.)

අජිත් අලහකෝන්
නිව්යෝර්ක් සිට

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
අතිරේක විශේෂාංග

න්‍යායාත්මක පැහැදිලි කිරීම්වලට සාහිත්‍ය තරම් හොඳ වෙන මෙවලමක් නෑ

අතිරේක විශේෂාංග

සරල සුගම නිදොස් බස් වහරකින් මිරිඟු දිය රචනා කළා – නන්දසේන පලිහක්කාර

අතිරේක විශේෂාංග

සුද්දන් විසින් මරා දැමුණු කුඩාපොළ හාමුදුරුවෝ

අතිරේක විශේෂාංග

නකදිව බුජමෙහි (නාගදීපය) බොදු සළකුණු

අතිරේක විශේෂාංග

‘යෝගා’ හිතයි ගතයි දෙකම නිරෝගී කරන විද්‍යාත්මක ක්‍රමයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok