Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සෙනසුරු මාරුවයි කන්‍යා ලග්නයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සෙනසුරු මාරුවයි කන්‍යා ලග්නයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකනැකත

සෙනසුරු මාරුවයි කන්‍යා ලග්නයයි

6 days ago
1320 Views

ඈත ආකාශයේ බබළන ග්‍රහ වස්තු හෙවත් ග්‍රහ තාරකාවල බලය පෘථිවියට මෙන්ම මෙහි ජීවත් වෙන මිනිසුන්ට යම් යම් ආකාරයට බලපායි.

මෙම ග්‍රහයන්ගේ බලපෑම කොයි ආකාරයට සිද්ධ වෙයිද කියලා ඔබට හිතාගන්නවත් බැහැ නේද?

ඒ වගේම රවි, සඳු, බුධ, ශුක්‍ර, කුජ, ගුරු යන ග්‍රහයන්ගේ දශා, අතුරු දශා යෙදුණ ද අපි කිසිසේත්ම බිය වන්නේ නෑ. නමුත් මේ සෙනසුරු කියන ග්‍රහයාගේ බලපෑම අපේ සිත්වලට තදින්ම දැනෙන බව කිව යුතුයි. ආදි කාලයේ පටන් කට වහරට පවා සෙනසුරා ලැබුවා වගේ යන කියමන ඔබ අසා ඇත. ඒ කියන්නෙ කෙනකුට කරදරයක් වුණ කාලෙකට සෙනසුරු ලැබුවා වගේ කියලා මිනිසා තුළ එදා පටන්ම විශ්වාසයක් පවතිනවා. මෙම සෙනසුරු හෙවත් ශනී කියන ග්‍රහයා හැම විටම විපත් පමුණුවනු ලබන ග්‍රහයෙක් හැටියට බොහෝ දෙනෙක් විශ්වාස කරනු ලබන කරුණක්. එම නිසා සෙනසුරුගේ ගෝචර ගමන ගැන හැමෝම දැඩි සැලකිල්ලක් යොමු කරනු ලබනවා.

2025 වසරේ මාර්තු 29 වන දින සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා කුම්භ රාශියේ වසර දෙක හමාරක කාලයක ගමන අවසන් කර මීන රාශියට පිවිසීමත් සමග බොහෝ දෙනකුගේ කුතුහලයක් වී තිබෙනවා තම තමන්ට කොයි ආකාරයට මේ සෙනසුරුගේ ග්‍රහ ගෝචරය බලපානවාද කියල දැන ගැනීමට.

විශ්ව කේන්ද්‍රයේ 06 වන රාශිය වන කන්‍යා රාශියට මේ සෙනසුරු හෙවත් ශනී ග්‍රහයාගේ බලපෑම කොහොමද කියල අපි බලමු.

කන්‍යා ලග්න හිමියන්ගේ 07 වැන්න මීන රාශියයි. මෙම 07 වැන්න කියන්නේ විවාහ ස්ථානයයි. ඒ වගේම කලත්‍රයා ගැන ද, තම වෙළෙඳ ව්‍යාපාර ගැන ද, ව්‍යාපාර හවුල්කරුවන් ගැන ද, කොටස් ව්‍යාපාර ගැන ද, සමාජ සම්බන්ධතා ගැන ද, තම රැකියාවේ තත්ත්වය ගැන ද, තම ධන තත්ත්වය ගැන ද, තම කොටස්කරුවන් ගැන ද, ඒ වගේම මේ අය සමග පවත්නා සමාජ සබඳතා ගැන ද, මෙම 07 වැන්නෙන් කියවෙනවා. ඒ වගේම මරණය සම්බන්ධව ද 07 වැන්න ප්‍රධාන තැනක් ගන්නවා. ශරීරයේ උකුල හා ඒ අවට ප්‍රදේශවල රෝග පීඩා පිළිබඳව බැලීමට මෙන්ම කාමය හා කාම ශක්තිය ගැන බැලීමට ද 07 වැන්න ප්‍රධාන තැනක් ගන්නවා.

මේ ආකාරයට කන්‍යා ලග්න හිමි ඔබගේ ජන්ම පත්‍රයේ 07 වන ස්ථානයට නැතිනම් කලත්‍රස්ථානයට මේ සෙනසුරු ග්‍රහයාගේ ගෝචර ගමන කොහොම බලපායි ද කියල අපි බලමු.

කන්‍යා ලග්න හිමි ඔබගේ 05 වැන්න සහ 06 වැන්න යන ස්ථානවල අධිපතිත්වය දරන්නේ ශනි ග්‍රහයාය.

05 වැන්න කියන්නේ පුත්‍රස්ථානය හෙවත් බුද්ධිස්ථානයයි. මේ මගින් තමාගේ අධ්‍යාපන කටයුතු ගැන ද, ආලය ආදරය ගැන ද, දරුවන් ගැන ද, දරුවන්ගේ තත්ත්වය ගැන ද, වාසනාව අවාසනාව ගැන ද, පෙර ජන්මය ආදිය ගැන ද බලනු ලබයි.

06 වැන්න කියන්නේ රෝග ස්ථානය හෙවත් සතුරු ස්ථානය යනුවෙන් හඳුන්වනු ලබනවා. ලෙඩ රෝග, මෙහෙකරුවන්, නැන්දා, මාමා පිළිබඳව ද, ශරීරයේ යටි බඩ, ගර්භාෂය ගැන ද මෙම 06 වැන්නෙන් කියවෙනවා.

මේ ආකාරයට බලනවිට කන්‍යා ලග්න හිමි ඔබගේ පුත්‍රස්ථානාධිපති හෙවත් බුද්ධිස්ථානාධිපති සහ රෝගස්ථානාධිපති හෙවත් සතුරුස්ථානාධිපති වන මෙම ශනි ග්‍රහයා කලත්‍රස්ථානගතවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙම සෙනසුරු ග්‍රහයා කන්‍යා ලග්න හිමි ඔබගේ 07 වැන්නේ ගමන් කරන මේ කාලයේදී නිතරම ගමන් බිමන් ඇතිවේ. මේ හේතුව නිසා තමා කරගෙන යන වැඩ කටයුතුවලට බාධා වීම් හා ප්‍රමාදවීම් ඇති කරනු ලබනවා. තම ශරීර ශක්තිය ද හීනවීමට ඉඩ තිබෙනවා.

මහජනයා සමග කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇතිවෙන්න පුළුවන්. බොරු චෝදනා, දෝෂාරෝපණ වැනි දේවල්වලට නිකරුණේ හසුවීමට ඉඩ තිබෙනවා. කනගාටුවෙන් තැන් තැන්වල ඇවිදීමට හෝ වස්තු හානිය ඇතිවන ආකාරයට නිෂ්ඵල වියදම් දැරීමට සිදුවන කාලයක් වෙනවා.

ඒ වගේම කරගෙන යන රැකී රක්ෂාවල යම් යම් බාධාවක් අවහිරයක් හෝ වැඩ වැඩිවීමක් සිදුවිය හැකි කාලයකි. නඩුව හබ ආදියට පැටලීමට සිදුවුණොත් ඒවායින් පරාජයට හෝ අවමන් ලැබීමට සිදුවන කාලයකි.

මේ කාලයේ බොහෝ කැළඹිලි සහිත චංචල කාලයක් වනු ඇත. භාර්යාවට හෝ ස්වාමියාට අසනීප වැලඳෙන්නට තිබෙන ඉඩකඩ බොහෝ ඇත. නැතිනම් අසනීප වී සිටී නම් එම තත්ත්වය වඩාත් උග්‍ර විය හැක.

විවාහ වීමට සිටින කන්‍යා ලග්න හිමියන්ද, තම විවාහකයා තෝරාගැනීමේදී ඉතා කල්පනාකාරීව තීන්දු තීරණ ගත යුතුව ඇත.

එමෙන්ම සෙනසුරු සුබ දෘෂ්ටි සුබ සංයෝගවලින් බලවත්ව හෝ උච්ච වී හෝ ස්වක්ෂේත්‍ර වී හෝ 07 වැන්නෙහි බලවත්ව ගමන් කරයි නම් ඉහත කී තදබල අපල විපත්ති සිදු නොවනු ඇත. එම අසුබකාරී තත්ත්ව අඩුකරනු ඇත.

ශනී ග්‍රහයා ඔබගේ ජන්ම පත්‍රයේ සිටින ආකාරයට 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති හෝ බාධක ග්‍රහයා හෝ වේ නම් තරමක් අසුබකාරී වන නමුත් ශනී ඉන්න ස්ථානය අනුව, සුබ අසුබ තත්ත්ව අනුව එම අසුබකාරී තත්ත්ව වෙනස් වනු ඇත.

මෙම ශනී ග්‍රහයාට සුබ දෘෂ්ටි වැටේ නම් සුබ ග්‍රහයෙකුගේ දශාවක් හෝ අතුරු දශාවක් ගතවේ නම් ඉහත කී අසුබ ඵල සුබ වනු ඇත.

ඒ වගේම 06/08/12 යන දුෂ්ටස්ථාන අධිපතියකුගේ දශාවක් ගත කරයි නම් තරමක් අසුබ ප්‍රතිඵල උදාවනු ඇත.

කෙසේ වෙතත් මෙම සෙනසුරු ග්‍රහයා අපව පාපයෙන් මුදාගෙන ආගම දහමට යොමු කරන ග්‍රහයෙක් ද වෙනවා. අපි පව් කරනකොට දඬුවමට පාත්‍ර කොට ආගම ධර්මය කරා අපව ඇද බැඳ තබාගැනීමට මෙම සෙනසුරු උත්සාහ කරයි.

ඒ වගේම සෙනසුරුගෙන් සිදුවන මේ යම් යම් අසුබකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට සෙනසුරාදා දින 07 හෝ දින 14 හෝ දින 21 හෝ බෝධි පූජා පැවැත්වීම ඉතා යෝග්‍ය වනු ඇත.

ගිතෙල් මිශ්‍ර කිරිබතක් අලුුයම් කාලයේ පිළියෙල කොට කපුටන්ට ලබා දීම ද ඉතා මහඟු පුණ්‍යකර්මයක් වෙයි.

ඒ වාගේම විෂ්ණු, කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම, සෙත් කවි සාදවා කීම තුළින් ද මෙම අපලකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට හැකිවනු ඇත.

ඉහත සඳහන් වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරමින් යුක්ති ධර්මයට අනුකූලව ජීවත්වීමෙන් යහපත් වාතාවරණයක් ඇති කරගෙන සතුටින් ජීවත් විය හැකි වෙනවා. කන්‍යා ලග්න හිමි ඔබගේ සියලු ග්‍රහ දොස් දුරු වී නිදුක් නිරෝගීව වාසය කරන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා!

තෙරුවන් සරණයි!

ජ්‍යොතිෂ සහ වාස්තුවේදිනි

ජ්‍යොතිෂ්විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ,
ජ්‍යොතිෂ විද්‍යා ශිරෝමණී,
ආචාර්ය මනෝරී ලෙවන්ගම
”ශ්‍රි ලක්ෂ්මී” ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය,
බණ්ඩාරවත්ත ගම්පහ.
0718213150 -0705038978

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

1 day ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

14 hours ago
Related News
අතිරේක විශේෂාංග

ජනබසට පණ දුන් මහැදුරු ජේ.බී. දිසානායක

අතිරේක විශේෂාංග

සිංහල පාඨකයාට ජගත් සාහිත්‍යයේ දොර විවර කරන අව්ව ඇති තැනක්

අතිරේක විශේෂාංග

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිය

අතිරේක විශේෂාංග

සුනිල් සාන්ත: නැත්ත ඇත්ත හා මැද්ද

අතිරේක විශේෂාංග

සරසවි අධ්‍යාපනය පොදු ජනතාවට විවර වුණ විදුලකර සරසවිය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok