Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අනුබුදු මිහිඳු හිමියන්ගේ කේන්ද්‍රයෙන් හෙළි වන කරුණු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අනුබුදු මිහිඳු හිමියන්ගේ කේන්ද්‍රයෙන් හෙළි වන කරුණු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකනැකත

අනුබුදු මිහිඳු හිමියන්ගේ කේන්ද්‍රයෙන් හෙළි වන කරුණු

June 8, 2025
313 Views

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ කේන්ද්‍රය මෙසේ වෙයි. උන්වහන්සේගේ ලග්නය තුලා ලග්නයයි. එහි ලග්නයේ සිකුරුය. තුන්වැන්නේ කේතුය. හතර වැන්නේ සඳුය. නවවැන්නේ ශනි, රාහු දෙදෙනාය. දසවැන්නේ රවි, බුධ, ගුරු, කුජ, යන ග්‍රහයන් සතර දෙනාය.

මේ කේන්ද්‍රය මට ලැබෙන්නේ අහඹු සිදුවීමකිනි. එනම් බෝතල් පත්තර එකතු කරන කඩයකිනි. මේ තැන්වල පරණ පොත් ඇති නිසා එම ස්ථානවලට ගොස් සොයාබලා වැදගත් පොත් තිබුණොත් එයට මුදල් ගෙවා එය ලබාගැනීමට අපි කිහිපදෙනෙක් පුරුදුව සිටියෙමු. දිනක් ඉපැරණි ජ්‍යොතිෂ පොතක් මට ලැබුණි. එහි පිටකවරයත් පොතේ මුල සිට පිටු 16ක් පමණ අඩුවී තිබුණි. ඉතිරි කොටසේ මැද හරියේ මෙම අනුබුදු මිහිඳු හිමියන්ගේ කේන්ද්‍රය සටහන් වී තිබුණි. එහි දිගු විස්තර නොතිබුණි.

දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ කලක් සේවය කර දැන් ගුරුවෘත්තියේ නියැළෙන බුලත්සිංහල ඈගල්ඔයේ චමින්ද කාරියප්පෙරුම මාගේ මිත්‍රයා අනුබුදු හිමියන් ගැන මට ලබාදුන් ඓතිහාසික තොරතුරු සමග ගැළපීමත් මේ කේන්ද්‍රය තුළින් මට පෙනී ගියේය.

ඒ අනුව මිහිඳු හිමියන්ගේ මව විජිතා දේවියයි. ඇය සිටියේ විජිතා නුවරය. (වර්තමානයේ සාංචි ප්‍රදේශයයි.) ධර්මාශෝක යුද්ධ කරන කාලයේ නැවතී සිටි විජිතා ජනපදයේ දී මේ මනරම් රූපශෝභාවක් හිමි ඇයව හමුවූ අතර ප්‍රේම කර ඇයව විවාහ කර ගත්තේය. නමුත් ධර්මාශෝක ක්‍ෂත්‍රීය වංශයේ කෙනෙකි. ඇය ඊට පහත් කුලහීන කතකි.

මේ කේන්ද්‍රයේ මව පෙන්වන චන්ද්‍රයා සිටින්නේ හතර වන කොටුවේය. මිහිඳු කුමරා මවට බොහෝ ඇලුම් කර ඇත. මේ පිහිටීම සෙනසුරුට අයත් මකර රාශිය වූ 4 වැන්නේ පිහිටි අතර, ඒ සෙනසුරු පියා ගැන තොරතුරු කියන බුධට අයත් මිථුන රාශිය වූ 9 වැන්නේ සිටියේය. එම බුධ පිහිටා ඇත්තේ විශ්ව නායක වූ රවි සමග 10 වැන්න වූ විධායක බලය ඇති තැනය. එනිසා පියා රාජවංශික ක්‍ෂත්‍රීය කුලයේ කෙනෙක් බව පෙන්වයි. මව කුලහීන කෙනෙකි. ධර්මාශෝක රජතුමාගේ රාජාභිෂේක අවස්ථාවේදී බිරිඳ කුලහීන කාන්තාවක් කියා ක්‍ෂත්‍රීයවරුන් හා බ්‍රාහ්මණයන් විරුද්ධ වූහ.

ඉන්පසු ඒ විවාහය අත්හැර “චිත්ත රකිතා” නම් කුලවත් කාන්තාවක් හා විවාහ වී රාජාභිෂේකය කළේය. ඉන් පසු විජිතා කුමරිය පැවිදි දිවියට පත්වූවාය. ධර්මාශෝක රජතුමා ඔවුන්ට විජිතා පුර (එනම් වර්තමානයේ සාංචි ප්‍රදේශය) ආරාමයක් සාදා දී තිබේ. එතැන් සිට මිහිඳු කුමරාත් නැඟණිය වූ සංඝමිත්තා කුමරියත් මේ ආරාමයේම ජීවත් වූහ. ධර්මාශෝක රජු ඒ අයට බොහෝ උපකාර කර තිබේ.

මිහිඳු කුමරුගේ කේන්ද්‍රයේ සඳුට ගුරුගේ දෘෂ්ටිය ලැබීමෙන් පෙන්වන්නේ පියා දඹදිවට ම අගරජ වුවත් විජිතා කුමරියට හා දරු දෙදෙනාට උදව් කරන බවත්ය. මේ රවි, ගුරු, බුධ, කුජ 10 වැන්නේ උච්ච හා ධර්මකර්මාධිපති බලයෙන් බොහෝ පැති හරහා කාර්ය සිද්ධි ඇති වන බව පෙනේ. මෙම මිහිඳු කේන්ද්‍රයේ ගුරු, රවි, බුධ, කුජ සමග 10 වැන්නේ පිහිටීම මහණ දිවියට පත් කරන යෝගයකි. එම දිවිය තුළ සියලු ගැඹුරු දේවල් අවබෝධ කරවන බලයත් එයමය. පසු කාලයක මිහිඳු කුමරාත් සංඝමිත්තා නැඟණියත් මහණ දිවියට පත්වූහ. ටික කලකින් මේ දෙදෙනාම විදසුන් වඩා රහත් ඵලයට පත්වූ සේක. එසේ නම් නැඟණිය වූ සංඝමිත්තාටත් තිබී ඇත්තේ බලවත් කේන්ද්‍රයකි. මිහිඳු කේන්ද්‍රයේ 03 වැන්නේ කේතු මිත්‍රව සිටීමත් ගුරු, කුජ, රවි, බුධ බලයත් හේතු කොටගෙන මිහිඳු හාමුදුරුවෝ එවන් උච්ච බලයක් ලද සේක. එනම් විශ්මිත ප්‍රඥාව ලැබීමය.

එනිසා බුදුවරයකුගේ විශ්මිත අවබෝධය තත්ත්වානු රූපව මිහිඳු හිමි අවබෝධ කරමින් චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම දක්නා ලද සේක. ඒ තුළින්ම මහ රහත් යන අග්‍ර ඵලයට උන්වහන්සේ පත්වූ සේක.

එතැන් සිට උන්වහන්සේ ලංකාවට වැඩම කර අසිරිමත් බුද්ධ මෙහෙවරක් සිදු කරමින් “අනුබුදු” නම් ගෞරව නාමයට උන්වහන්සේ පත්වූ සේක.

උන් වහන්සේ අප රටට වැඩියේ මේ රට තුළ බෞද්ධ සංස්කෘතිය පතුරවා මිනිසුන් උසස් බවට පත් කිරීමටය. ඒ බලය ද කේතුගෙන් ගුරු, රවි, බුධ, කුජ ග්‍රහයන්ගේ පිහිටීමත් එයට ම සමගාමීව උන්වහන්සේ රහත් නම් අග ඵලය ලැබීමත් නිසා සාක්ෂාත් වී තිබේ. විශේෂයෙන් මිහිඳු හිමියන්ගේ කේන්ද්‍රයේ රවි, බුධ, ගුරු, කුජ යෝගය ලෙස ඉතා උසස් ලෙස පිහිටා ඇත.

එදා උන් වහන්සේ තම පිරිවර සමග අනුරාධපුරයට පැමිණ බුදු දහමේ හදවත වූ චතුරාර්ය සත්‍යට අදාළව “චූල්ලහත්ථි පදෝපම හා” මහා හත්ථි පදෝපම යන සූත්‍ර දෙක දේශනා කළ සේක. නමුත් මිනිසුන්ට කිසිවක් වැටහුණේ නැත. ඒ නිසා උන් වහන්සේ පව් කර නිරයන්වල වැටී මිනිසුන් දුක්විඳින අන්දම විස්තර කරන “දේව දූත සූත්‍රය” දේශනා කළ සේක. මිනිසුන් එයින් බියට පත්ව ධර්මය අසන්නට පෙළඹුණහ. එයින් පසුව ඔවුන්ට වැටහෙන අන්දමට චතුරාර්ය සත්‍යයට අදාළව ධර්ම දේශනා සරලව කළ සේක.

මොකක්ද මේ චතුරාර්ය සත්‍යය? බුදුන් වහන්සේ එදා මේ විශ්වයේ ඒකාන්ත ඇත්ත විදිහට දැක්කේ “දුක” කියන තත්ත්වයයි. මේ දුක මොකක්ද කියා අපි දකිමු. අපි අපේ ජීවිත දෙස බලමු. අපි දුප්පත් වුණත් පොහොසත් වුණත් අපේ ජීවිතවලට ප්‍රශ්න කරදර අවුල් වියවුල් දුක් පීඩා ශෝක කිරීම් අඬා වැළපෙන්නට සිදුවීම්, කැමති දේවල් නොලැබීම්, ලැබෙන්නට ඇති ඇතැම් දේවල් දිගුකාලීනව ප්‍රමාදවීම්, සිතුම් පැතුම් වෙනස් වී යෑම්, ඥාණය, බුද්ධිය, ප්‍රඥාව දුර්වලවී යෑම්, ලෙඩ දුක්වලින් මහා වේදනා කැක්කුම් විඳින්න සිදුවීම් ආදී වූ මහා දුක් ගොඩක් අපි විඳින්නෙමු.

එපමණක් නොව ජීවිතයේ උසස්ම කාලය සුන්දර තරුණ කාලයයි. ඒ කාලය සුන්දර රූප ශෝභාවක් වැඩි වශයෙන් නීරෝගි බවත් කායික පිරිපුන් බවත් මානසික හා කායික ශක්තියත් අපට තිබේ. නමුත් වසර 15ක් 20ක් තරම් සුලු කාලයක දී ඒ සියලු තාරුණ්‍ය වෙනස් වී මැදි විය, මහලුවිය, ජරා ජීර්ණ විය. මරණය වශයෙන් වෙනස් වී යෑම ද බලවත් දුකකි. නමුත් ඒ සියලුම දුක් වෙනස් කළ හැකි එකම මඟ මේ චතුරාර්ය සත්‍ය බවත් එය අවබෝධ කළ යුතු බවත් බුදුන් වහන්සේ අනුදැන වදාළ සේක. ඔබටත් ධර්මධර ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන තොරතුරු විමසා අවබෝධ කළ හැක. එමගින් අපට ලැබෙන්නේ ඒ දුක් සියල්ලම නැති කිසිදා වෙනස් නොවන සදාකාලික සැපයයි. එය “නිවන” ලෙස හඳුන්වයි. සියලු දුක්වලින් නිවී ගිය තැන නිවන නම් වේ.

මල්පහන් පුදන – දන්දෙන ඔබටත් “පච්චත්තංවේදි තබ්බෝ විඤ්නූ හිති” යන බුදු වදනේ හැටියට ඔබේ නැණ නුවණේ තරමට මෙය අවබෝධ කරගන්න. ඒ අනුව ඔබට ලබන ආත්මේදී ඒ සැපය නොලැබුණත් ආත්ම භාව 07ක් දක්වා ඔබට අග්‍ර සැපවිඳිය හැකි දෙව්ලොවක හෝ ඉපදෙන්නට වාසනාව ලැබේ. ආත්ම හතෙන් පසු ඒ සුන්දර සැපය වූ නිවනට යාහැක.

දිවිය ලෝක 06ක් තිබේ. එනම් යාමය- තුසිතය තාවතිංශය – චාතුම් මහාරාජිකයා – නිම්මාණරතිය – පරනිම්මිත වසවත් යනුවෙනි. දෙව්ලොව මිනිස් ලොවට වඩා සැප සම්පත් ඇත. නමුත් මේ නූතන ලෝකයේ වැඩිම මිනිසුන් පිරිස මියගිය පසු යන්නේ ප්‍රේත-තිරිසන්-අසුර- නිරය යන සතර අපාවලටය. වැඩියෙන්ම යන්නේ ප්‍රේත ලොවටය. එනිසා ඔබ පංචඋපාදානස්ඛන්ධ ලෝභ, ද්වේශ – මෝහ සමග චතුරාර්ය සත්‍යය ගැන ධර්මධර ස්වාමින් වහන්සේලාගෙන් අසා දැනගෙන තමන්ගේ නැණ පමණින් හෝ අවබෝධ කරගැනීම මේ මිනිස් භවය තුළ ඔබ කරගන්නා උසස්ම ලාභයයි. අඩු තරමින් දෙව්ලොවක ඉපදීමට හෝ භාග්‍ය ලැබෙන්නේ එවිටය.

මිනිස් ලොවේ නැති අග්‍ර සැප දෙව් ලොවේදී ලැබේ. එම ලෝකවල උපදින්නේ පහළ වීමකිනි. මිනිස්ලොවේ නැති විශ්මිත රූප ශෝබාවක් සහිතව තරුණ තත්ත්වයෙන් එහි පහළ වේ. එක් එක් දෙවිලෝකවල ආයූ කාලය අවුරුදු කෝටි තුනෙන් ඉහළය. ලෙඩදුක් කියා කිවිසුම් යෑමක් එන් නැත. රැකීරක්ෂා කිරීමක් නැත. තමන්ට අවශ්‍ය සියලුම දේ තමන්ට ඇති චතුරාර්ය සත්‍ය අවබෝධයසේම දුන් දානවල ප්‍රතිඵල ලෙසින් මුලු ආයුකාලයටම පිං බලයෙන් සියල්ල ලැබේ. එහි ඇත්තේද බහුභාර්යාවන් ලෙස දිව්‍යාංගනාවන් ලැබීමය. එතරම් විශාල සැප සම්පත් දෙව්ලොව පවතින බව “විමාන වත්ථු” නම් සූත්‍රයේ සඳහන් වේ.

එදා සිටි බන්ධුල මල්ලිකා – අනේපිඬු සිටුතුමා – විසාකා උපාසිකාව ඇතුළු බොහෝ පිරිස් අද තාරුණ්‍යය තුළම දෙව්ලොව ජීවත්වෙති. අපිත් ධර්මධර ස්වාමීන් වහන්සේලාගෙන් චතුරාර්ය සත්‍යය අසා අපේ මට්ටමට හෝ අවබෝධ කරගෙන දාන මානාදි පිංකම් කර සදාකාලික සැපත වූ නිවන ලබනතෙක් එවැනි තැනක හෝ උප්පත්තිය ලැබිය යුතුය. මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පෝදා ලක්දිවට වැඩම කොට දේශනා කළ ඒ ධර්මයෙන් ලක්වැසියා තුළ බෞද්ධ ආකල්ප සහිත උසස් සංස්කෘතියක් උදාකර ගත්හ.

ජ්‍යොතිෂවේදී
අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය අසල, අගලවත්ත.
දු.ක.-071-2154253

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
අතිරේක විශේෂාංග

උරුමය

අතිරේක විශේෂාංග

මනෝවිද්‍යා උපදේශනයෙන් සියදිවි හානිය වළකමු

අතිරේක විශේෂාංග

සරුබිම සරුවෙන්න….. පැළයක්ම සිටුවන්න….

අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

අකුරු දි​ගේ අතිරේක

ජයතිලක සාහිත්‍ය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok