Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිවසට ගේට්ටුවක් දැමීමේදී සලකා බැලිය යුතු කරුණු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිවසට ගේට්ටුවක් දැමීමේදී සලකා බැලිය යුතු කරුණු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකනැකත

නිවසට ගේට්ටුවක් දැමීමේදී සලකා බැලිය යුතු කරුණු

June 8, 2025
248 Views

නිවසක වාස්තු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී නිවස පමණක්ම සැලකිල්ලට ගෙන නිවසේ පවතින දෝෂ සම්බන්ධයෙන් සලකා ඒවාට අවශ්‍ය පිළියම් යෙදුව ද ඵලක් නොවේ. නිවසට සමානව නිවසින් හරි අඩක්ම භූමියට ද හිමිවන නිසාවෙනි. නිවසක දෝෂ පමණක් නිවැරදි කිරීම හරියට හොඳට සෝදාගත් දෙයක් යළි මඩට විසිකළා වැනි දෙයක් වන්නේය. නිවස අයත් භූමියේ වාස්තු දෝෂයන් ගැන ද ප්‍රථමයෙන් සලකා බැලිය යුතුය. භූමියේ ඍණ ශක්තීන් පැවතුනහොත් එම භූමියේ පවතින නිවස කොතරම් ධන ශක්තියෙන් යුක්ත වුවද ඍණ ධන වෙත ඇදී එමින් නිවස ද ඍණ ශක්තියක් බවට කලක් ගතවීමේදී පරිවර්තනය වේ. එම නිසා තමයි ගැමි කියමනක් පවතින්නේ කහ වගේම අඹරන ගලත් හොඳට තිබෙන්න අවශ්‍යයි කියලා. භූමි දෝෂයන් ගැන කතා කිරීමේදී භූමියේ පවතින හැඩය හා හැඩතලයන්, භූමියේ දිශාවන්ගේ උස් පහත්වීම් හා වැසි ජලය බැස යෑම, භූමියේ පිහිටි වෘක්ෂලතා සම්බන්ධයෙන් මෙන්ම භූමියේ ප්‍රවේශය හෙවත් ගේට්ටුව සම්බන්ධයෙන් සලකා බැලීම සිදුකළ යුතුය. ගේට්ටුව වගේම නිවසේ ආරක්ෂාව අලංකාරය උදෙසාම උස් තාප්ප හා බැමි ද දමනු ලබයි. මේවා වාස්තු විද්‍යාවට එකඟව කිරීම තුළින් නිවසේ දියුණුව ළඟාවෙන අතර හිතුමතයට වාස්තුවලට පටහැනිව සිදුකිරීමෙන් නොයෙක් දෝෂ තත්ත්වයන්ට මුහුණදීමට ද සිදුවේ. භූමිය උතුර – නැඟෙනහිර දිශාවලට උස් බැමි, තාප්ප නුසුදුසු අතර දකුණ – බටහිර මායිම් උස් බැමි – තාප්ප සුදුසු බව කිව යුතුය. ඒ වගේම නිවසේ ප්‍රවේශය හෙවත් ගේට්ටුව දැමීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් කීපයක් පිළිබඳව ඔබ දැනුවත් කළ යුතුය. නාගරික මෙන්ම ග්‍රාමීය නිවෙස්වල ද වර්තමානයේ තරාතිරම නොබලා මනුෂ්‍යයන්ගෙන් මෙන්ම සතුන්ගෙන් ආරක්ෂාවීමට ද ගේට්ටුවක් යොදාගැනීම සිදුකරයි. නිවසේ අලංකාරය හා පෞරුෂත්වය ඉහළ දමා ගැනීමට නම් ගේට්ටුවක් පැවතිය යුතුය. යම්කිසි නිවසක ඉදිරිපස ලෙස සලකන්නේ නිවසේ ගේට්ටුව දමා ඇති කොටසයි. නමුත් සමහර නිවාස පිටුපස ද ගේට්ටුව දමා ඇත. එය හොඳ නැත. නිවසට පිටුපස ගේට්ටුව පැවතීම එම නිවසේ දියුණුව අඩාලවීමට හේතුවක් වන්නේය. ඒ වගේම නිවසේ ගේට්ටුව භූමියේ මුල්ලකටවීම මුලු කැපීයන ලෙස මැදින් පැවතීම ද අශුභයි. එලෙසම භූමියක වැඩි ගේට්ටු ප්‍රමාණයක් පැවතීමෙන් එහි නිවැසියන් ණය තුරුස් වීමද වැඩි බව ප්‍රකාශ වේ. එය ව්‍යාපාර කරන ස්ථානවලට ද ගොඩක් බලපායි.

වර්තමානයේදී මිල ගණන් අධිකවීම නිසා භූමියේ මූල්‍ය වටිනාකම දිනෙන් දින ඉහළ යයි. පවතින භූමිය පියාගෙන් දරුවන්ට ද දරුවන්ගේ දරුවන්ට ද බෙදාදීමෙන් ඉඩම්වල ප්‍රමාණය නාගරිකව පර්චස් 3 දක්වා අඩුවී ඇත. විශාල භූමිවල ග්‍රාමීය ප්‍රදේශවල නම් ශුභ පාදයන් තුළ නිවැරදි දිශාවන් තෝරා භූමි ප්‍රවේශය හෙවත් ගේට්ටුව දැමිය හැක. එම නිසා කුඩා ප්‍රමාණයේ භූමි සඳහා ගේට්ටුව දැමීමේදී සම්මත නීති වාස්තු ක්‍රම අනුගමනය කිරීම ප්‍රායෝගිකව කළ නොහැක. මක් නිසාද

ගේට්ටුවක් දැමීමේදී වාස්තු විද්‍යාත්මක නීති රාශියක් පවතී. ගේට්ටුව හෝ ගේට්ටුව තුළ සවිකර ඇති කුඩා ගේට්ටුව, ලොකු ගේට්ටුව වසාදමා තිබෙන විට නිවැසියන්ට භූමියෙන් පිටවීමට දමා ඇති කුඩා ප්‍රවේශය යන දෙකෙන් එකක් ප්‍රධාන දොර කෙළින් පැවතීම එහි නිවැසියන් කොතරම් ධනය ඉපැයුව ද එම ධනය වාෂ්ප කරන දෝෂයක්ම වන්නේය. ඒ වගේම නිවසේ මුදුන් යටලීය ගේට්ටුව මැදට වැටීම බිත්ති යටලී හෝ වහලයේ කෙළවර ද ගේට්ටුවට හසුවන සේ පැවතීම ශුභ නොවේ.

එක්තරා ව්‍යාපාරික ස්ථානයක ප්‍රධාන දොර, බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය හා ගේට්ටුව එකම කෙළින් පැවතීමෙන් එම ව්‍යාපාරය කිසිම කෙනකුට කුලියට ගෙන කරගෙන යෑමට නොහැකි වුණ අතර මා විසින් එම වරද නිවැරදි කිරීමෙන් පසුව එය බදු පදනමට ගත් පුද්ගලයා අද එම ව්‍යාපාරික භූමිය හා ව්‍යාපාරික ගොඩනැඟිල්ල තමන්ටම මිලයට ගෙන එහි හිමිකරු වී සිටී. කුඩා භූමි සඳහා ගේට්ටුව දැමීමේදී පාද පිහිටවීම කළ නොහැකි නිසා ගේට්ටු දැමීමේදී ඉඩමේ මුහුණත උතුරු දිශාවට පවතී නම් වයඹ දිශාවට ගේට්ටුව දැමීම ද

නැඟෙනහිර දිශාවට නිවසේ මුහුණත පවතින විටදී ගේට්ටුව ගිනිකොන දිශාවට ද දකුණු දිශාවට පවතින විටදී

ගිනිකොන දිශාවටත් බටහිර දිශාවට පවතින විටදී වයඹ දිශාවටත් සුදුසු වේ. පාසල්, පෞද්ගලික අධ්‍යාපන ගොඩනැගිලි සඳහා එය නැඟෙනහිරට මුහුණලා පවතින විට ඊශාන දිශාවට ද ගේට්ටුව සුදුසු වේ. කෙසේ වුවද භූමියේ කෙළවරටම ගේට්ටුව ගැනීම ද අශුභ වේ. එයට හේතුව භූමියේ දෙපසට කැපෙන කතිර රේඛා හෙවත් විකර්ණ රේඛා චේදනය වන ලෙස ගේට්ටුව පැවතීමයි. භූමියේ

ගිනිකතිරය හරියටම ගේට්ටුව මැදට දර්ශනය වන ලෙස පැවතීම ද අශුභයි.

ගේට්ටුව පාද බෙදීම සඳහා වාස්තු විද්‍යානුකූලව ක්‍රම 02ක් භාවිත කරයි.

  1. දිශාව අනුව පාද බෙදීම
  2. නවග්‍රහයන් අනුව පාද බෙදීම

කුමන ආකාරයේ පාද බෙදීම් පැවතුණ ද ඔබ ඔබගේ නිවස ඉදිරිපිට නිවසට පිටුපා සිටගෙන වම් පැත්තේ සිට පාද බෙදීම කළ යුතුය. දිශාව අනුව පාද බෙදීම කිරීමේදී

  1. උතුරු දිශාව තුළ පාද බෙදීමේදී වයඹින් සමාන කොටස් 8කට බෙදා මුල් පාද 02ක අතහැර 3,4,5 පාදවල ගේට්ටුව තැබීම ශුභදායක වේ.
  2. නැඟෙනහිර දිශාව

ඊශානේ සිට පටන්ගෙන ගිනිකොන දක්වා ප්‍රමාණය 08කට බෙදා 2 හා 3 කොටස තුළ ගේට්ටුව තබන්න.

  1. දකුණු දිශාව

මෙය ද ගිනිකොන – නිරිත කොටස සමාන කොටස් 08කට බෙදා ගිනිකොන සිට මුල් කොටස් 06 තුළ 04 වැනි කොටස අතහැර ගේට්ටුව තැබිය හැක. කුමන ආකාරයකට වත් නිරිත කොටස තුළ ගේට්ටුව නොතබයි.

  1. බටහිර දිශාව

නිරිත සිට කොටස් 03ක් අතහැර ඉතිරි 4 හා 5 කොටස්වල ගේට්ටුව දැමිය හැක.

ග්‍රහයන් අනුව පාද බෙදීම.

මායිම් වැටේ සිට අනෙක් මායිම් වැට දක්වා පවතින දිග 9න් බෙදා එක් කොටසක් අදාළ ග්‍රහයා වෙනුවෙන් වෙන්කරන්න. එය රවි, චන්‍ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රහයන් සඳහා බෙදන්න.

රවිගේ පාදය – අශුභයි. රෝග පීඩා ගෙනදේ. ධනහානි.

චන්‍ද්‍ර පාදය – ශුභයි. ධන සම්පත් හිමිවේ. ගෞරවය හිමිවේ.

කුජගේ පාදය – අශුභයි. බලාපොරොත්තු කඩ වේ. හදිසි අනතුරු.

බුධගේ පාදය – අශුභයි. මානසික පීඩා, කරදර, අවනම්බු

ගුරුගේ පාදය – ඉතා ශුභයි. ශ්‍රියාව ඇතිවේ. ධනය සතුට හිමිවේ.

කිවිගේ පාදය – ඉතා ශුභයි. ධනය ලැබේ. කීර්තිය, නිතර සිතේ සතුට ගෙන දේ.

ශනිගේ පාදය – අශුභයි. විපත් දේ. සිත් රිදීම් ඇතිවේ.

රාහුගේ පාදය – අශුභයි. අරමුණකින් තොරව ඇවිදීම, නීතිමය ගැටලු පැන නඟී.

කේතුගේ පාදය – අශුභයි. දුක් දොම්නස් ඇති වේ.

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
අතිරේක විශේෂාංග

උරුමය

අතිරේක විශේෂාංග

මනෝවිද්‍යා උපදේශනයෙන් සියදිවි හානිය වළකමු

අතිරේක විශේෂාංග

සරුබිම සරුවෙන්න….. පැළයක්ම සිටුවන්න….

අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

අකුරු දි​ගේ අතිරේක

ජයතිලක සාහිත්‍ය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok