Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විවාහ පොරොන්දම් ගැලපීමේදී මේ ගැනත් හිතන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විවාහ පොරොන්දම් ගැලපීමේදී මේ ගැනත් හිතන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංගනැකත

විවාහ පොරොන්දම් ගැලපීමේදී මේ ගැනත් හිතන්න

3 weeks ago
231 Views

විවාහ පොරොන්දම් ගැලපීමේදී මේ ගැනත් හිතන්න

දෙහදක් එක් කිරීමේ අවසාන ප්‍රතිඵලය විවාහයයි. තරුණයකුගේත් තරුණියකගේත් එක්වීම සඳහා දෙපාර්ශ්වයේම වැඩිහිටියන් විසින් බොහෝ කරුණු කාරණා සොයා බලනු ලබති. මෙම කරුණු කාරණා අතිරින් වඩාත් ප්‍රමුඛස්ථානයක් ගනු ලබන්නේ තරුණයාගේත් තරුණියගේත් උත්පත්ති කේන්ද්‍ර අනුව පොරොන්දම් ගැළපීමයි. පොරොන්දම් ගැළපීම ක්‍රම කිහිපයකින් සිදුකරනු ලැබේ.

පොරොන්දම් අටතිස්, දහයකින්, දොළහකින්, දහ අටකින් සහ විස්සකින්ද පොරොන්දම් ගැළපීම සිදුකරනු ලබන අතර සුදර්ශන චක්‍රය භාවිතා කිරීමෙන් ද පොරොන්දම් ගැළපීම කරනු ලැබේ. ස්ත්‍රී – පුරුෂ දෙදෙනාම එකම නැකතක ඉපදී ඇත්නම් ඒක දින පොරොන්දම් ගැළපීමෙන් පෙරොන්දම් බලනු ලබයි.

මෙයින් වඩාත් ප්‍රචලිතව භාවිත වන්නේ විසි පෙරොන්දම් ගැළපීමයි. පොරොන්දම් වැඩි සංඛ්‍යාවක් ශුභවාදීව ගැළපේ නම් දෙපාර්ශ්වයේ එකඟත්වය මත විවාහය සිදුකෙරේ.

පොරොන්දම් වැඩි ප්‍රමාණයක් ශුභවාදීව ගැළපී තිබුණත් ස්ත්‍රී – පුරුෂ දෙදෙනාගේ උත්පත්ති කේන්ද්‍ර අනුව වඩාත් ගැඹුරින් අධ්‍යයනයකට යොමු කිරිමෙන් තරුණයාගේත් තරුණියගේත් ගති පැවතුම් මනාව අවබෝධ කරගත හැකිය. එකී කරුණු කාරණා අනාවරණය කරගැනීම සඳහා උත්පත්ති කේන්ද්‍ර තුළ පවත්නා යෝග උපයෝගි කරගත හැකිය.

උත්පත්ති කේන්ද්‍ර තුළින් මතුවෙන්නාවූ යෝග කිහිපයක් විග්‍රහ කිරීමෙන් ඔවුන්ගේ චරිතයන් හඳුනාගනිමු.

  1. කේමදාම යෝගය

චන්ද්‍රයාගේ දෙපැත්තෙහි එනම් චන්ද්‍රයාගෙන් දෙවැන්නේත් චන්ද්‍රයාගෙන් දොළොස්වැන්නේත් ග්‍රහයන් නොපිහිටි විට කේමදාම යෝගය යෙදේ. මේ සම්බන්ධව තවත් නොයෙකුත් මත පැවතිතත් වඩා ප්‍රබල වන්නේ ඉහත සඳහන් කාරණයයි.

කුමන ආකාරයෙන් හෝ වේවා මෙම යෝගය ඉතා අවාසනාවන්ත යෝගයක් බව පෙනේ.

මෙම යෝගයෙන් උපන් අය කිලුටු වස්ත්‍ර අඳිති. සිතින් දුක් විඳිති. තම කුලයට නුසුදුසු ක්‍රියාවන්හි යෙදේ. රජ පවුලක ඉපිද රජ සැප විඳින භාග්‍යවන්තයකු වුවද කේමදාම යෝගය නිසා දිළින්දෙක් වේ.

තවත් මතයක් වන්නේ මෙම යෝගයෙන් උපන් තැනැත්තා සක්දෙවි රජුගේ පුතා වුවද දරු සම්පත් හා පස්කම් සැපයෙන් හීන වූ දුෂ්ට හැසිරීම්වලින් යුත් බොහෝ දුක් විඳින්නා වූ පොළොවෙන් වස්තු ලැබීමට භාග්‍යයක් නොමැති රෝගියෙක් හෝ සම කෙනෙක් වන බවයි.

  1. බහු ස්ත්‍රී යෝගය

ලග්නාධිපතියා හා හත අධිපතියා එකට සංයෝගව සිටියේ හෝ ඒ එකිනෙකා දෘෂ්ටියෙන් හෝ සම්බන්ධ වූයේද එසේ වූ විට බහු ස්ත්‍රී යෝගය යෙදේ.

මේ යෝගයෙන් උපන් ජන්මීහු බොහෝ ස්ත්‍රීන් ලබති. ඔවුහු සිය ජීවිතය කාමසුඛල්ලිකානු යෝගීව ගත කිරීම පරමාර්ථය කොටගෙන ජීවත් වෙති. නීතියෙන් එක් පුරුෂයකුට ලද හැක්කේ එකම භාර්යාවකි. එහෙත් එය නීතියට පමණක් සීමා වූවකි. එබැවින් මේ යෝගයෙන් උපත ලද්දෝ එක කාන්තාවකගෙන් පමණක් තෘප්තියට නොපැමිණෙති.

  1. කලත්‍ර සන්ධා යෝගය

හත් වැන්නාධිපතියා සිකුරු සමග හයවැන්නේ පිහිටි විට කලත්‍ර සන්ධා යෝගය යෙදේ.

මේ යෝගයෙන් උපන් ජන්මියාගේ භාර්යාව වීර්ය හීන කාන්තාවක් වන්නීය.

වීර්ය හීන බව කිහිප ආකාරයකින්ම සිදුවිය හැකිය. කාමාශ්වාදයේදී නියම තෘප්තියක් නොලැබීම මෙහිලා ගනන් ගැනෙන බව සලකන්න. ලිංගික වශයෙන් දුර්වල වීම එයට එක් හේතුවක් වන අතර දෙවන හේතුව වශයෙන් සැලකෙන්නේ බොහෝ කාලයක් සීමාව ඉක්මවන මේ අතින් අතිධාවනයක යෙදීමය.

ඉහත දැක්වූ ආබාධයන් කාන්තාවක කෙරෙහි පිහිටි විට ලිංගිකාශ්වාදයේදී පුරුෂයාට තෘප්තියක් නොලැබේ. සිය භාර්යාව ස්වකීය දුර්වල ආශාවන් හිත පුරා සපුරාලීමට අපොහොසත් වූ විට පුරුෂයා තමාගේ ජිවිතය අවාසනාවන්ත කාලකන්නි වූවක් බව බොහෝ විටම කල්පනා කරයි. මේ අනුව ඔහු බොහෝ සංතාපයට පත් වන්නේය.

  1. භාර්යා සහව්‍යාභිචාර යෝගය

සිකුරු – සෙනසුරු සහ කුජ යන තිදෙන චන්ද්‍රයා සමග හත්වැන්නේ යෝග වූ විට මෙම යෝගය යෙදේ.

භාර්ය සහව්‍යාභිචාර යෝග යෙදුණු විට සහකාරයා හෝ සහකාරිය හෝ යන දෙදෙනාම ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙති. මෙය කෙටියෙන් විස්තර කරතොත් ස්ත්‍රීය – පුරුෂයාත්, පුරුෂයා ස්ත්‍රියත් දැනුවත්වම පරදාර කර්මයේ හැසිරෙති.

  1. සර්ප යෝගය

කේන්ද්‍රස්ථානවල පාප ග්‍රහයන් යෙදුණු විට සර්ප යෝගය යෙදේ. කේන්ද්‍රස්ථාන තුනක ශනි – කුජ සහ රවි යන පාප ග්‍රහයන් යෙදී සිටි විට සෞම්‍ය ග්‍රහයකු කේන්ද්‍රගත වූයේ නැතිනම් සර්ප යෝගය යෙදී ඇති බව දත යුතුය. මෙසේ ශනි – කුජ සහ රවි කේන්ද්‍ර ස්ථානයක සිටිනවිට අනෙක් කේන්ද්‍රස්ථානයේ අවසඳු වී නම් එය සර්ප යෝගයම වන්නේය.

සර්ප යෙයෝගයේ ප්‍රතිඵල ඉතා අශුභය. මෙම යෝගයෙන් උපන් ජන්මියෝ ඉතා දුකසේ කල් ගෙවන්නෝ වෙති. මෝඩයෝ වෙති. ක්‍රෑර ක්‍රියාවන්හි නිරත වූවෝ වෙති.

  1. සකට යෝගය

සකට යෝගය යෙදෙන ආකාර පහතින් පෙන්නුම් කෙරේ. ගුරුගෙන් 6,8,12 චන්ද්‍රයා යෙදුණු විට සකට යෝගය යෙදේ. ලග්නයේ සහ සත්වැන්නේ සියලුම ග්‍රහයන් පිහිටි විට සකට යෝගය යෙදේ.

ලග්න භාවයේ සහ සත්වන භාවයේ දෘෂ්ටිය මහත් බලවත් ආකර්ෂණයක් ගෙන දෙයි. ඒ අනුව ජන්මියාගේ ශරීරය හා භාර්යාව කෙරෙහි මෙම ස්ථාන දෙකේ විශේෂ අන්‍යොන්‍ය සම්බන්ධතාවයක් පවතී. සකට යෝගයෙන් උදාකරන්නේ ඉතා දුෂ්ට ඵලවේ.

සකට යෝගයෙන් උපන් අය සිය ජිවනෝපාය දෑතින් කරන කර්මාන්තයකින්ම බොහෝ විට කරගනිති. ඔවුහු නිතර රෝගවලින් පෙළෙන්නෝය. ඔවුන්ගේ භාර්යාවෝ ද ඉතා කලහකාරි අය වෙති. විශේෂයෙන්ම නපුරු ස්ත්‍රීන් ලබන්නෝය.

  1. විහග යෝගය

සිව් වැන්නෙහි හා දසවැන්නෙහි සියලුම ග්‍රහයන් තැන්පත් වී ඇත්නම් විහග යෝගය යෙදේ.

මෙය එතරම් සතුටුදායක යෝගයක් නොවේ. විහග යෝගයෙන් උපන් අයට ස්ථීර වාසස්ථානයක් නැත. තැනින් තැන ඇවිදින අයෙකි. එක තැනක ස්ථීර රැකියාව නොකරයි. අධර්මයෙන් කලකෝලාහල කිරීමාදියෙන් කාලය ගත කරන්නෝ වෙති.

  1. ශක්ති යෝගය

හත්වැන්න, අටවැන්න, නවවැන්න සහ දසවැන්න යන රාශිවල සියලුම ග්‍රහයන් සිටි විට ශක්ති යෝගය යෙදේ.

ශක්ති යෝගයෙන් උපන් ජන්මියෝ ඉතා කම්මැළි එමෙන්ම අලස ගති පැවතුම් ඇත්තෝය. මොවුහු බොහෝ දිළිඳු අයම වෙති. මඳ ආයූ ඇත්තෝය. මහජනයා විසින් පිළිකුල් කරනු ලැබුවෝ වෙති.

  1. දණ්ඩ යෝගය

දසවැන්න, එකොළොස්වැන්න, දොළොස්වැන්න සහ ලග්නය යන සිව් රාශිවල සියලුම ග්‍රහයන් යෙදුණු විට දණ්ඩ යෝගය යෙදේ. දණ්ඩ යෝගයෙන් උපන්නෝ භාර්යාවගෙන් හා දරුවන්ගෙන් සැප නොලබති. එම නිසා ඔවුහු දුක් වෙති. අසල්වැසියන්ගෙන් නින්දා ලබති. පහත් ගති ඇති අය වෙති.

  1. කූට යෝගය

සිව් වැන්නේ සිට රාශි හතක් එනම් 4,5,6,7,8,9 සහ 10 යන රාශින්හි සියලු ග්‍රහයන් එක භාවක්වත් හිස් නොව සිටීමෙන් කූට යෝගය යෙදේ.

කූට යෝගයෙන් උපන්නෝ බොහෝ විටම අනුන් මුසාවෙන් රවටන්නෝ වෙති. බොහෝ විට නරක පුරුදු ඇත්තෝ වෙති. ධන හීනයෝ වෙති. කපටියන් වෙති. ක්‍රෑර අදහස් ඇත්තෝ වෙති. වනචාරි වෙති. මහ දරුණු මංකොල්ලකරුවන්, බේබද්දන්, වංචාකාරයන් වෙති.

  1. යුග යෝගය

සියලුම ග්‍රහයන් රාශි දෙකක යෙදීමෙන් යුග යෝගය යෙදේ. යුග යෝගයෙන් උපන්නෝ දිළින්දෙකු නොහොත් වස්තු නැත්තෙකු වේ. දුෂ්ට අදහස්වලින් යුක්තය. මේ අයගේ ඇසුර යහපත් නොවේ.

  1. ගෝල යෝගය

සියලුම ග්‍රහයන් එක රාශියක යෙදීමෙන් ගෝල යෝගය යෙදේ.

ගෝල යෝගයෙන් උපන්නෝ ධනය නැත්තෝය. අපිරිසිදු ශරීර ඇත්තෝය. මෝඩය, ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණත්වයක් නොලබයි. අලස වේ. කම්මැළියෙකි. ඇවිදිනසුලුවේ. කෑම් බීම් පවා ලබාගත හැක්කේ බොහෝ වෙහෙස මහන්සි වීමෙනි. දුෂ්ට අදහස්වලින් යුක්තය. ඇසුරට යහපත් නොවේ.

  1. දාරිද්‍ර යෝගය

ස. ලග්නාධිපතියාත් දොළාස් වැන්නාධිපතියාත් ඔවුනොවූන්ගේ ස්ථාන මාරු කරගෙන සිටින විට හත අධිපතියා සමග දෘෂ්ටියෙන් හෝ එකතුවීමෙන් සංයෝගවීමක් ඇතිවේ ද එය දාරිද්‍ර යෝගයයි.

සස. ලග්නාධිපතියා හා හයවැන්නාධිපතියා ස්ථාන මාරු කරගෙන එනම් ලග්නාධිපතියා හයේත් හයවැන්නාධිපති ලග්නයේත් යෙදුනු විට චන්ද්‍රයා දෙවැන්න හෝ හත අධිපතියා දකී ද මෙය ද දාරිද්‍ර යෝගයකි.

සසස. ලග්නාධිපතියා අටේ සිටින විට දෙවැන්නාධිපතියා හෝ හත අධිපතියා හෝ විසින් දකිනු ලබත් ද නොඑසේ නම් ඔවුන් හා සංයෝග වේ ද එය ද දාරිද්‍ර යෝගයකි.

සඩ. ලග්නාධිපතියා වැය ස්ථානයේත් වැය ස්ථානාධිපතියා ලග්නයේත් යෙදී හත අධිපතියා විසින් දුටු විට හෝ ඔහු දොළොස්වැන්නේ යෙදුණු විට මෙම නිර්ධන යෝගය යෙදෙන බව පෙනේ.

මේ යෝගවලින් උපන්නෝ බොහෝ දිළිඳු බවට පත්වේ. ඔවුන් සිය ජීවන වෘත්තිය ගෙන යන්නේ බොහෝ දුක් හිරිහැර මධ්‍යයේය.

  1. වැන්දඹු යෝග

පෙම්වතුන් යුවළක් ජීවිතයේ නවතම මිහිරියාව ලබාගැනීමට එක්වීම ශිෂ්ට ජන සමාජය විවාහය වශයෙන් හඳුන්වනු ලබයි. මෙම අලුත් ජීවිතය ඔවුනොවුන්ගේ ප්‍රේමයේ ශක්තිය මත රඳා පවතී. බොහෝ විටම මෙම පෙම්වතුන්ට නොසිතූ පරිදි සිය පෙම් මාලිගා අකාලයේ කඩා බිඳ දමා මෙලොවින් වියෝවීමට සිදුවන අවස්ථා ඇත.

එය තරම් ඉවසිය නොහැකි දුකක් ඔවුනට අත් විඳින්නට සිදුවූ කරුණු කාරණා ජ්‍යොතිෂ ඇසින් බලමු.

හත සහ අට අධිපතියන් අටවැන්නේ පිහිටි විට පාප ග්‍රහ දෘෂ්ටියෙන් සංයෝග වීම වැන්දඹුවන් වන යෝගයකි.

හත අධිපතියා ශනි සමග වූ විට කුජට පෙනීම ද වැන්දඹු යෝගයකි.

රාහු සහ චන්ද්‍රයා අටවැන්නේ සිටි විට පාපග්‍රහ දෘෂ්ටිවලට ඔවුන් ලක්වීම ද වැන්දඹුවක් බිහිකරන අවාසනාවන්ත පිහිටීමකි.

රාහු සමග චන්ද්‍රයා අටවැන්නේ සිටියදී හත අධිපතියා ශනි සමග වී කුජ විසින් දැකීම ද වැන්දඹු යෝගයකි.

ලග්නාධිපතියා සහ අටවැන්නාධිපතියා දොළොස්වැන්නේ සංයෝග වූ විට අටවැන්නට පාප ග්‍රහ දෘෂ්ටි වැටීම ද වැන්දඹු යෝගයකි.

රවි, රාහු, කුජ ලග්න ගතව ඉපදීම වැන්දඹු යෝගයකි. සෙනසුරා හත්වැන්නේ සිටියදී සතුරු ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වීම ද වැන්දඹු යෝගයකි.

  1. වඳ යෝගය

පස්වැන්නාධිපතියා හයේ, අටේ, දොළහේ සිටීමෙන් වඳ යෝගය යෙදේ.

ලග්නාධිපතියා, පස්වැන්නාධිපතියා, හත්වැන්නාධිපතියා සහ ගුරු දුර්වල වූ විට ද වඳ යෝගය යෙදේ.

මෙම යෝගය යෙදුණු විට ජන්මියා දරුවන් නොලබයි. පොදුවේ බලන කල මෙය අවාසනාවන්ත යෝගයකි. දරුවන් නොලබා ජීවිතයෙන් ඇති ඵලය කුමක්ද? කෙනකුට බොහෝ වස්තුව තිබිය හැක. එසේම සැප සම්පත්වලින් අගතැම්පත් විය හැකිය. එහෙත් සුරතල් දරු සිඟිත්තකුගේ ආදරයක් නොලබන ඒ යුගදිවිය අසාර්ථක බව කීම වරදක් නොවේ.

දේශමාන්‍ය, ජ්‍යෙතිර් විද්‍යා
විභූෂණ, ජ්‍යොතිර්වේදී
උපාලි ආරියරත්න
අංක 26, සුදර්ශන මාවත
දෙමටගොල්ල, උකුවෙල

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
අතිරේක විශේෂාංග

න්‍යායාත්මක පැහැදිලි කිරීම්වලට සාහිත්‍ය තරම් හොඳ වෙන මෙවලමක් නෑ

අතිරේක විශේෂාංග

සරල සුගම නිදොස් බස් වහරකින් මිරිඟු දිය රචනා කළා – නන්දසේන පලිහක්කාර

අතිරේක විශේෂාංග

සුද්දන් විසින් මරා දැමුණු කුඩාපොළ හාමුදුරුවෝ

අතිරේක විශේෂාංග

නකදිව බුජමෙහි (නාගදීපය) බොදු සළකුණු

අතිරේක විශේෂාංග

‘යෝගා’ හිතයි ගතයි දෙකම නිරෝගී කරන විද්‍යාත්මක ක්‍රමයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok