මනුෂ්‍යයකුගේ ආයුකාලය අවුරුදු 120ක් ලෙස ගණනය කරයි. 120ට 240ක් ආයූබෝ වේවා කියන්නේ ඒ නිසයි. නමුත් අද වනවිට අනුපාතයක් ලෙස ගතහොත් මනුෂ්‍ය ජීවිතයේ ආයුකාලය වන්නේ වසර 60ක් – 65ක් පමණි. මෙම කාලසීමාව අර පැරණි පිංතූර සටහනේ එනම් ළදරුවෙක් මව් කුසින් එළියට පැමිණ තමන්ගේ ළදරු, ළමා, යෞවන ආදී වශයෙන් එහි මධ්‍ය හෙවත් මැදට එනම් වසර 60ක කාලසීමාවේදී තමන් පරිණත පුද්ගලයකු වශයෙන්ද එයින් පහළ අවධිය ක්‍ෂය කාලය වශයෙන් හඳුන්වන අතර අවසානයේ මරණයට පත්වීම සිදුවේ. එලෙ අප ්ජීවත්වන නිවහනේද ආයුකාලය ගණනය කරයි. නිවාසවල වර්ගඵලය ගණනය කිරීමෙන් අනතුරුව ගෘහපිණ්ඩය 27න් ගණනය කර 100න් බෙදීම සිදුකරනු ඇත. එවිට එය 50ට අඩුවීම ආයුෂ පොරොන්දම අශුභවීමක් ලෙසද 50ට වැඩිවීම ආයුෂ පොරොන්දම සුභවීමක් ලෙස ගණනය කරනු ලබයි. ගෘහ පොරොන්දම් පරීක්ෂාවේ එකොළොස් පොරොන්දම්වලින් අත්‍යවශ්‍යම පොරොන්දමක් ලෙස මෙය ගළපා ගැනීම හෙවත් ශුභ අගයක පැවතීම අත්‍යවශ්‍ය වේ.
මේ ආකාරයට වසර 50ට වඩා අගයකින් එනම් 60, 70, 80, 85…. 95 දක්වා ආයුෂ පොරොන්දම ගළපා ගැනීමේ අරුත නම් මෙම නිවස අවුරුදු 90ක් 95ක් පැවතීම හා පරම්පරා ගණනාවක් ජිවත්වීමක් නොව නිවසේ සක්‍රීය බව පවත්වා ගැනීම උදෙසාය. නිවසක කාල ගණනයේදී එය කොටස් 3කට බෙදා ගනී. එනම් මනුෂ්‍යයාගේ ළදරු කාලය හෙවත් නිවාසකට ගෙවදින කාලය සමහර විට වසර 1 සිට 4 දක්වා වූ පමණ කාලයයි. මෙම ළදරු කාලය හෙවත් නිවසේ වර්ධන කාලය එතරම්ම අයහපත් බවක් දක්නට නොලැබේ. තමන්ගේ ශක්ති ශරීරය හෙවත් ඕරාව ඝනත්වයෙන් පිහිටන අතර දිනෙන් දින එය නිවසේ අශුභ තරංගයන් පවතින විට නිවසින් ලැබෙන සෘණ අංශු ශක්ති ශරීරයේ ධනශක්තීන්ට ආරෝපණය සිදුවේ. මෙලෙස වසර තුනක් පමණ වන විට ශක්ති ශරීරය දුර්වල වී නිවසත්, ගෘහහිමියා ඇතුළු නිවැසින් නොයෙක් පීඩාවලට පත්වීම නිවසක වාස්තු දෝෂවලට හෙවත් නිවස විශ්වයට අවනත නැතිවීම එය මනුෂ්‍යයන්ට හඟවන කාලයයි. මේ කාලයේ දී පවතින දෝෂ හඳුනාගැනීමට හැකියාව පැවතීමට නම් තමන් සතුව කුසල් ශක්තීන් තරමක් හෝ බලවත්ව පැවතිය යුතුය. කෙසේ වුවද නිවසක ආයු කාලය 95ක්ව පැවතුනද එය සක්‍රීයව පැවතීමට නම් වසර 30කින් වත් පවතින නිවස අලුත්වැඩියාවට ලක්කළ යුතුමය.
වසර 3-4කින් පසුව පදිංචි වී සිටින නිවසේ කාලය ගණනය කරන්නේ ස්ථාවර කාලය වශයෙනි. එය වසර 25 – 28 පමණ කාලයක් වේ. මෙයින් පසුකාලය වන්නේ ක්‍ෂය කාලය හෙවත් අවසන් කාලයයි. මෙය වසර 33ක් පමණ වන කාලයකි. වාස්තු දෝෂ බලවත්ව පීඩාදෙන කාලය ස්ථාවර කාලය වේ. නොයෙක් ලෙඩ රෝගවලට, පීඩාවලට, අමනුෂ්‍ය බලපෑම්වලට, හදිසි අනතුරු හා ජීවිත හානිද ගෙනදෙන කාලය මෙම ස්ථාවර කාලයයි. ක්‍ෂය කාලය ලබන විටදී සිදුවීමට අලුත් දෙයක් නොපවතී. ඒ වනවිට සෑම පීඩාවක්ම දරාගෙන සංසාරයේ ගෙනා කුසල් අකුසල් අවසන්වන කාලය වීමටද මානසිකව ඉතා දුර්වලව සිටින කාලය ද වේ. නිවසක අලුත් වැඩියාවට සුදුසුම හා අවශ්‍ය කාලය වසර 30කින් පමණ උදාවේ. අලුත්වැඩියා කිරීමක් යන්නෙහි වර්තමාන අරුත නම් දූ දරුවන්ගේ අවශ්‍යතාවයන්වලට නිවස හැඩගන්වා ගැනීම පමණක් යැයි සිතීම අනුවන ක්‍රියාවකි. යම් නිවසක් අලුත්වැඩියා කිරීමේදී එය ආවාට ගියාට හිතුමතයට කළයුතු කාර්යයක් නොවේ. ඔබ ඔබගේ පදිංචි නිවස අලුත්වැඩියා කිරීමක් යනු නියම අරුත නම් දැනට පවතින වර්ගඵලය අඟලකින් හෝ වෙනස් කර කරන ප්‍රතිසංස්කරණයකි. එසේ නැතිව පදිංචි ගෙට ටයිල් අල්ලා තීන්ත ආලේපනය කිරීමත් අලුත්වැඩියාවක් වුවද එහි වර්ගඵලය වෙනස් කිරීමක් නොවේ. නමුත් වසර 30කට පසුව කළයුතු වන්නේ එම නිවසේ වර්ගඵලය වෙනස් වන ආකාරයේ අලුත්වැඩියාවකි. එසේ කිරීමෙන් නිවසේ ආයුකාලය වර්ධනයකර ගැනීමට හැකිවනු ඇත. අලුත් වර්ගඵලයක්, අලුත් ගෘහපිණ්ඩයක්, අලුත් ද්වාර සටහනක්, දොරවල් ජනෙල්වල වැඩිවීමක් පැවතිය යුතුය. නමුත් මෙම වෙනස්කිරීම් තමන්ගේ හෝ තම දරුවන්ගේ හිතුමනාපයට අලංකාරයට පමණක් තැනදෙන නිවාස සැලසුම් ශිල්පියාගේ සැලසුමට එකඟ වන අලුත් වැඩියාවක් නොව විශ්වයට ගැළපෙන වාස්තු විද්‍යාවට අනුකූල වෙනස්වීමක් සිදුකර ගත යුතුයි. එසේ තමන් හිතු මතේට වෙනස් කිරීමක් නිසා
මෙපමණ කාලයක් කරදරයක් අගහිඟයක් නොමැති සිටි නිවැසියන් කරදරයට, විපතට පත්වන සිදුවීමක් බවට පත්වීම.
මෙපමණ කාලයක් කරදර, විපත්,
දුක්, ධනහානි තත්ත්වයන් නිසා පීඩා විඳි කාලය අවසන් වන ආකාරයේ නිවැරදිව වාස්තුන්ට අනුකූලව ඉන්න හිටින්න හොඳ නිවසක් බවට පත්විය යුතුය.
මෙම තත්ත්ව දෙකෙන් පළමුවන තත්ත්වය හෙවත් මෙපමණ කාලයක් කිසි පීඩාවක් නොමැතිව සිටි නිවසේ පොඩි කොටසක් දික් කිරීමෙන්, වහලය වෙනස් කිරීමෙන් වැනි එක කරුණක් නිසා මෙපමණ පීඩාවන්ට ලක්වන්නේ කෙලෙසද යන්න ඔබට මහ ගැටලුවක් විය හැකිය. නිවසක වර්ගඵලය ගණනය කිරීමෙන් ලබාගන්නා ගෘහපිණ්ඩය සෑමවිටම ශුභ අගයකට ගැනීමක් කළ යුතුය. එය ශුභ ලෙස ගැනීමෙන් නිවසේ එකළොස් පොරොන්දම් හෙවත් අය පොරොන්දම, වැය පොරොන්දම, යෝනි පොරොන්දම්, නැකත පොරොන්දම, දින, අංශක, රාශි, තිථි, වංශ, දේවතා, ආයුෂ පොරොන්දම් ශුභ ලෙස නිවැරදි ලෙස නිවසට උචිත ලෙස සකස්කර ගත හැකිය. ඒ අනුව විශේෂයෙන් අත්‍යවශ්‍යම පොරොන්දමක් වූ නැකත පොරොන්දම සැකසී තිබුණේ ගෘහහිමියා, බිරිඳගේ උපන් නැකතට සීහෙන ආකාරයට ක්‍ෂේම, සාධක, සම්පත්, මෛත්‍රී, පරම මෛත්‍රී නැකතකට නම් නිවසේ හිතුමතයට කරන ලද වෙනස්කමකදී මෙම සියල්ල වෙනසකට භාජනය වේ. අත්තිවාරමේ අඟලක, අඟල් 02ක වැඩිවීමක් සිදුවූවා නම් වර්ගඵලය, ගෘහපිණ්ඩය, හා එමගින් ගණනය කරන නිවාස වර්ගීකරණය වෙනසට භාජනය වේ. මනුෂ්‍ය වාසයට සුදුසුව පැවති නිවාසයේ වර්ගීකරණය මනුෂ්‍ය වාසයට සුදුසු නොවන ආකාරයට පිහිටිය හැක. ඒ වගේම ගෘහපිණ්ඩය අනුව කෙරෙන ගෘහ පොරොන්දම් හෙවත් ඒක දශපොරොන්දම් වෙනසකට භාජනය වනු ඇත.
නිවසක් අලුත්වැඩියාවේදී විශේෂයෙන් වර්ගඵලය වෙනසකට භාජනයවීමත් සමග එහි කලින් තිබූ බ්‍රහ්මපාද ලක්‍ෂය බාධාවකට හිරවීමකට ලක්ව පැවතුණා නම් සමහර විට එය නිදහස්වීම තුළින් නිවැසියන්ට ඉතාමත් ශුභ කාලයක් හිමිවීමට ඉඩ පවතී. නමුත් නිදහස්ව සාලයේ පැවතුන බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය කාමරයකට පතිතවීමට ඉඩ පවතී. එම කාමරය තුළ වාසය කරන්නන් රෝගීන් බවට පත්විය හැකිය. හදිසි අනතුරු පීඩා, මානසික ආතතිය ඇතිවිය හැක. අඹුසැමි නිදන කාමරයක් නම් අඹුසැමියන් අතර ආරවුල් ඇතිවීමට ඔවුන් දික්කසාදවීමට හේතු දේ.
ඒ වගේම බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය වහලයේ මුදුන් යටලීයට, සෙසු යටලීයකට, කුරුපාවකට, බීම් එකකට සෘජු පතිතවීමක් නිසා ගෘහහිමියා නොයෙක් පීඩාවන්ට, අනතුරුවලට පත්වීමට ඉඩ පවතී. නිවාස අලුත් වැඩියාවකදී සමහර අය එම පදිංචි නිවසේ සිටින අතරතුරේම බිත්ති එසවීම, යටලී එසවීම සිදුකරයි. එය ඉතාම අශුභ, හදිසි අනතුරු, මරණ පවා ගෙනදෙන දෝෂයකි. එම නිසා තමන් පදිංචි නිවසේ, පැරණි නිවසේ වහලය එසවීම ඉතාමත්ම ප්‍රවේශමෙන්, ඒ සඳහා ඉතාමත් ශුභ වේලාවන් සකස් කර බිත්ති කැඩීම, බිත්ති එසවීම, යටලී තැබීම සිදුකළ යුතු අතර එසේ කිරීමේදී නිවැසියන් බඩු භාණ්ඩ පිටතට ඉවත් කර පිටත පදිංචි වී කළයුතු කාර්යකි. කෙසේ වුවද නිවසක වර්ගඵලය වෙනස් වන ලෙසින් අලුත්වැඩියා කිරීමේ දී වාස්තු ශිල්පියෙකුගේ උපදෙස් මතම ක්‍රියාකළ යුතුය.

වාස්තු සිද්ධාන්ත අනුවම කළයුතු නිවාස අලුත්වැඩියාව
දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.