Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හෝර්ටන්තැන්න පුදුමාකාර ලස්සනයි…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හෝර්ටන්තැන්න පුදුමාකාර ලස්සනයි…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංගමීවිත

හෝර්ටන්තැන්න පුදුමාකාර ලස්සනයි…

3 weeks ago
334 Views

මුළුමහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් වූ සිංහරාජ වනාන්තරය කියන අගනා පරිසර පද්ධතිය මම බෙහෙවින් ඇලුම් කරන තවත් ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. ඒ අර්ථයෙන් ගත් විට ලාංකික අපට සිංහරාජය කියන්නේ මිල කළ නොහැකි වස්තුවක්.

සිංහල සිනමාවේ නිළි රැජින ලෙස අභිසෙස් ලද ප්‍රවීණ රංගවේදිනී මාලිනි ෆොන්සේකා නිර්මාණ 150කට අධික සංඛ්‍යාවක සිය රංගන කුසලතාවයන් දක්වා ඇත. එම නිර්මාණ රූගත කිරීම් අතරතුර මෙරට සුන්දරත්වය ඇය විඳගත් ආකාරය මීට කලකට ඉහත දී ‘මීවිත’ සමග බෙදාහදාගත්තේ මෙලෙසිනි. අද ඇය අප හැර ගොසිනි. ඒත් ඈ කියූ කතා අදටත් අමතක නැත.

හෝර්ටන්තැන්න පුදුමාකාර ලස්සනයි…

මෙරට ඔබ වඩාත්ම ප්‍රියකරන ස්ථානය එහෙමත් නැත්නම් ප්‍රදේශය කුමක්ද?

ඇත්තටම අපේ රට ගත් විට මම අතිශයින්ම ඇලුම් කරන ප්‍රදේශ කිහිපයක් තියෙනවා. චිත්‍රපට රූගත කිරීම් පිණිස ඒ ඒ ප්‍රදේශවලට ගිය අවස්ථා සම්බන්ධ කරල ඒ ගැන කතා කරනවා නම් හෝර්ටන්තැන්න, ඒ වගේම මස්කෙළිය ආදී ප්‍රදේශ මගේ සිත තදින්ම ආකර්ෂණය කරගත් ප්‍රදේශ ලෙස හඳුන්වන්න පුළුවන්. ස්වභාවික පරිසරය තුළ පවතින වචනයට නැඟිය නොහැකි සුන්දරත්වය ඒ වගේම පිරිසිදු වාතාශ්‍රය මේ හැම දෙයක්ම අඩු නැතිව විඳගන්න නම් ඒ පරිසර පද්ධතියත් එක්ක ඒකාත්මික වෙන්න ඕන.

හෝර්ටන්තැන්න පුදුමාකාර ලස්සනයි…

ඒ ඒ ප්‍රදේශවල පවතින ශීත දේශගුණික තත්ත්වයන් ඔබ සඳහන් කරන සුන්දරත්වය පිණිස යම් තරමක හෝ හේතුවක් බවට පත් වුණාද?

දේශගුණික තත්ත්වයටත් වඩා ඒ ඒ පරිසර පද්ධතීන් තුළ පවතින නිස්කලංක බව සහ සුන්දරත්වයට මම වඩාත් කැමැතියි. කඳු මුදුනකින් පැනනඟින පුංචි දොළපාරක් තවත් තැනක දී දකින ලස්සනදිය ඇල්ලක් ඈතින් ඈතට විහිදිල යන සුන්දර කඳු යායක්…. ඔය ආදී වශයෙන් අපමණ චමත්කාරයක් ඒ හැම තැනකදීම දැක ගන්න පුළුවන්. ශීත දේශගුණයටත් වඩා ඒ ඒ පළාත්වල පවතින විශේෂත්වය ලෙස මම ඒ දේවල් දකිනවා.

එවැනි ප්‍රදේශ මුල්කර ගනිමින් සිදු කළ සිනමා නිර්මාණ පිළිබඳ යමක් සඳහන් කරනවා නම්…

විශේෂයෙන්ම විනෝදාත්මක දර්ශන රූගත කිරීම පිණිස ඉහත සඳහන් කළ හෝර්ටන්තැන්න. මස්කෙළිය ඒ වගේම හපුතලේ ආදී ප්‍රදේශවලට ඒ දවස්වල අපට නිතර නිතර සංචාරය කරන්න සිද්ධ වුණා. මට මතකයි, දයා විමලවීර මහතා අධ්‍යක්‍ෂණය කළ ‘මිහිදුම් සිහින’ චිත්‍රපටය රූගත කළේ මස්කෙළියේ. මතකහැටියට ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ 1982 අවුරුද්දේ. ඒ රූගත කිරීම් අතරතුර තමයි මම ඒ ප්‍රදේශයේ සුන්දරත්වය මුල්වරට දැක්කේ.

ඊට අමතරව ඒ ප්‍රදේශ මුල්කර ගනිමින් රූගත කළ අනිකුත් සිනමා නිර්මාණ පිළිබඳ යම් මෙනෙහි කිරීමක් සිදුකරන්න පුළුවන්ද?

මිහිදුම් සිහින ඊට අමතරව ගත්තොත් ආවා සොයා ආදරේ, සදහටම ඔබ මගේ, ආරාධනා, අපේක්‍ෂා, දැන් මතකද ඔය වගේ මම රංගනයෙන් දායකත්වය සැපැයූ තවත් නිර්මාණ බොහෝමයක් ඒ ඒ පළාත් මුල්කර ගනිමින් රූගත කරල තිබෙනවා. ඒ හැම අවස්ථාවකම රූගත කිරීම්වලට අමතරව ඒ ඒ ප්‍රදේශවල ස්වභාවික පරිසරය විඳගන්න පුදුමාකාර කැමැත්තක් මා තුළ පැවතුණා.

ඒ සඳහා රූගත කිරීම් බාධාවක් බවට පත් වුණේ නැද්ද?

නැහැ. අපි කණ්ඩායමක් ලෙස ඒ ප්‍රදේශවල වැඩ කරගෙන යද්දී මගේ කාලසටහනේ යම් වෙලාවක් ඒ සඳහා වෙන්කරන එක පුරුද්දක් බවට පත්වෙලා තිබුණා. ඒ බව නිෂ්පාදන කණ්ඩායම් පවා දන්නවා. පිරිසිදු දිය පිරුණ ඇළක් දොළක් ළඟ එහෙම නැත්නම් හොඳින් සෙවණ පවතින ගසක් යට විවේක ගනිමින් පරිසරයට ඇහුම්කන් දෙනවා. ඇත්තටම මිනිසුන් වෙච්ච අපි වගේම පරිසරයත් ඊට ආවේණික භාෂාවකින් කතාකරන හඬ එවිට අහගෙන ඉන්න පුළුවන්.

ඉහත සඳහන් කළ ප්‍රදේශ හැරුණු කොට ඔබේ සිත්ගත් වෙනත් ප්‍රදේශයක් හෝ ස්ථානයක් පිළිබඳ මතකය අවදි කරන්න පුළුවන්ද?

මුළුමහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් වූ සිංහරාජ වනාන්තරය කියන අගනා පරිසර පද්ධතිය මම බෙහෙවින් ඇලුම් කරන තවත් ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. ඒ අර්ථයෙන් ගත් විට ලාංකික අපට සිංහරාජය කියන්නේ මිල කළ නොහැකි වස්තුවක්. නමුත් එච්චර වටිනාකමක් සහිත ස්ථානයක් වන සිංහරාජය ඇතුළේ අත්දැකීම් මම එච්චර විඳල නෑ. ඒ නිසා ඉදිරියේදී එහි සංචාරය කිරීමේ ලොකු කැමැත්තක් මා තුළ පවතිනවා. ඇත්තටම දවස් දෙක තුනක් එහි නතර වී හිඳිමින් ඒ අද්දැකීම විඳ ගැනීමට අපේක්‍ෂාවෙන් ඉන්නවා.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
අතිරේක විශේෂාංග

න්‍යායාත්මක පැහැදිලි කිරීම්වලට සාහිත්‍ය තරම් හොඳ වෙන මෙවලමක් නෑ

අතිරේක විශේෂාංග

සරල සුගම නිදොස් බස් වහරකින් මිරිඟු දිය රචනා කළා – නන්දසේන පලිහක්කාර

අතිරේක විශේෂාංග

සුද්දන් විසින් මරා දැමුණු කුඩාපොළ හාමුදුරුවෝ

අතිරේක විශේෂාංග

නකදිව බුජමෙහි (නාගදීපය) බොදු සළකුණු

අතිරේක විශේෂාංග

‘යෝගා’ හිතයි ගතයි දෙකම නිරෝගී කරන විද්‍යාත්මක ක්‍රමයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok