වාස්තු විද්‍යාවේ මූලිකම හරය වන්නේ යහපත්ව නිවසේ වෙසීම හෙවත් වාසය කිරීමයි. එයින් අදහස් කරන්නේ නිවසක පදිංචි වීමෙන් පසුව නීරෝගීකම හා සතුට අත්වීමයි. ආරෝග්‍යයා පරමාලාභා යන්නෙහි අරුත නීරෝගීකම පරම ධනය යන්නයි. ලෙඩ රෝගවලින් බහුලව නිතරම වෛද්‍ය උපදෙස් පිට ජීවිතයේ වැඩි කාලයක් රෝගී වී රෝහල්වල ගතකිරීම තමන් කළ අකුසල් ගෙවා දැමීමක් ය. කුමන දේ තිබුණ ද නීරෝගීකම නැතිනම් මේ ජීවිතයේ ඵලක් නොමැත. අනෙක් දෙය නම් සතුටයි. සතුට ධනය මතම නොරැඳුනද තරගකාරී ජීවන රටාවකට හුරුවී සිටින අපහට සතුට ලැබීමට නම් ධනයක් යම් තරමකින් හෝ අවශ්‍යය. මේ සියල්ල සමබරව පැවතිය යුතුය.
ජීවිතයේ වැඩි කාලයක් අප රැඳෙන ස්ථානය වන්නේ අපගේ නිවහනය. වාස්තු විද්‍යාව මෙයට වසර දහස් ගණනකට උරුමකම් කියන ගවේෂණාත්මක පරීක්ෂණයකි. මෙයට වසර 200කට 300කට ප්‍රථම සමහර දේ අපට නොතිබුණි. දිනෙන් දින තාක්ෂණික දියුණුවක් සමග බොහෝ දේ වෙනස් වෙමින් පවතී. නිවසක වාහන, ගරාජය, විදුලි මීටරය, පඩිපෙළ ආදිය ජනජීවිතවලට ළඟා වූයේ මෑත කාලයේදී නමුත් වාස්තු පරීක්ෂණවලදී එදා සිට පැවතෙන න්‍යායයාත්මක පිහිටා පෘථිවියේ පවතින පංච මහා ශක්තීන්ට අනුකූලව වර්තමානයේදී සෑම ඉදි කිරීමක් ගෘහ අංග පිහිටීම, නවීන තාක්ෂණික මෙවලම් භාවිතය යන සියලු කරුණුවලදී දිශාවන් හා දිශාවන්ට අයත් වන ශක්තීන් මත උපකල්පනය කරමින් වාස්තු විද්‍යාව නවීකරණය වෙන අවස්ථා ද නැතිව නොවේ. එදා නිවාසවලට විදුලි බල්බ තිබුණේ නැත. රේඩියෝ, ටී.වී., ෆ්‍රිජ් නොතිබුණි. මේවා නිවෙස්වල භාවිතයට ආවේ විදුලි බල සැපයුම සමගිනි. විදුලිබලය යනු දහනය වීම හෙවත් ගින්දරට සම්බන්ධතාවයක් පවතින දෙයකි. එය ගැළපෙන දිශාව වන්නේ ගින්දරට හෝ වායුවට ගැළපෙන දිශාවන් වන ගිනිකොණ හෝ වයඹ දිශාවන්ය. මෙය සැලකිල්ලට ගනිමින් වර්තමානය වනවිට විදුලි මීටරය සවි කරන දිශාවන් තීරණය කර පවතී. එනම් ගිනිකොණ හෝ වයඹ දිශාවයි.
මෙයට වසර ගණනකට පෙරාතුව බොහෝ නිවාස පැවතියේ නිවසේ බිත්තිවලට මැටි ගසා වහලය පොල් අතු සෙවිලිකරය. ඒ නිසා සමහර වාස්තු විද්‍යාත්මක දෝෂ තාක්ෂණික දියුණුවත් සමග වෙනස් විය යුතු වන අතර ඒත් එදා සම්මතයෙන් පරපුරෙන් පරපුරට පැමිණි සමහර සම්මත ක්‍රියාවන් විද්‍යාත්මක පසුබිමක් රහිතව ප්‍රකාශ කරමින් එය වැරදි ක්‍රියාවන්, වැරදි පුරුදු ලෙස වර්තමානයේ ද එය අනුගමනය කරන බොහෝ අය සිටී.
සමහර අය තම බිරිඳට දරුවකු ලැබීමට ලකුණු පහළ වීම නිසා නිවස සෑදීම කල් දමන අවස්ථා වර්තමානයේ ද බහුලව දැකිය හැක. මෙය ඇත්තට ම සත්‍යතාවයක් පවතී ද නැතිනම් මෙය එදා සිට පැවත එන සම්මතයක් ද යන්න බලමු. මෙයට වසර ගණනාවකට පෙරාතුව පුරාණයේ නිවාස ඉදි කළේ තම ගෙවත්තේම වළක් කපා මැටි ලබාගෙන ඒවාට ජලය දමා පාගා ගැනීමෙන්ය. මේ කාලය තුළ ගෙහිමියාගේ බිරිඳ ගැබ්බර වීමක් සිදුවීම එකල ඉදිකෙරෙන නිවස නවතා දැමීමට ප්‍රධාන හේතුව වන්නේ පස් කැපීමේදී දූවිලි ඇයට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට සිදුවීමය. වළවල් කපා ජලය අද මෙන් නොව එදා රැගෙන ආවේ කළගෙඩි උස්සා පැමිණීමේ දී ලිස්සා වැටීමට හෝ මැටි කපන වළකට ලිස්සා වැටීමෙන් තම ජීවිතයෙන් පවා එකල වන්දි ගෙවීමට සිදුව ඇත. එම නිසා දරුවකු ලැබීමට ලකුණු පහළ වීමකදී එලෙස නිවාස කටයුතු නවතා දැමීමට එදා සිටි අය නතර කළ ද අද එවැනි තත්ත්වයක් නොපවතී. කොන්ත්‍රාත්කරුවන් නිවසේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන අතර නිවෙස් හිමියන් එම ස්ථානයෙන් පිටත ස්ථානයක පදිංචි වීම හෝ නැතිනම් බිරිඳ තම මවගේ නිවසේ තබා එම කාර්ය සිදුකිරීම වරදක් නොවේ. නමුත් වර්තමානයේදීත් එය එලෙසම අනුගමනය කිරීම ගම්බද ප්‍රදේශවල මෙන්ම නාගරිකව ද සිදුකරයි. මෙයට දශක ගණනාවකට පෙර නැකත් රාල යනු ගමේ ප්‍රභූ පුද්ගලයකු විය. එතුමාට ජ්‍යොතිෂය, වාස්තු, වෙදකම හා යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත කටයුතු සඳහා ද මනා දැනීමක් අවබෝධයක් පැවතිණි. නිවාස පරීක්ෂාව, භූමි පරීක්ෂාවන්, ඒ සඳහා අවශ්‍ය නැකත් ආදී සියල්ල සිදු කෙරුණේ නැකත් රාලගේ උපදෙස් මතය. ඒ පුරුද්දට ඒ සම්මතයට කටයුතු කරමින් අද ද නිවසක් ඉදිකිරීමට ප්‍රථම බොහෝ දෙනකු යන්නේ ජ්‍යොතීර්වේදියෙක් හමුවීමටයි. බොහෝ ජ්‍යොතීර්වේදීන් දෛවඥයන් ඒ පිළිබඳ විශේෂඥයන් වුවද සමහර අය වාස්තු විද්‍යාව කෙරෙහි දැනුම අඩුය. එම නිසා සෑම රෝගයකටම එකම වෛද්‍යවරයකු ගැළපෙන්නේ නැතැයි කියමන අනුව නිවසක් ඉදිකිරීමේදී වාස්තු ශිල්පියකුගේ උපදෙස් දැනුම ලබාගැනීමෙන් තමන් ඉදිකරන නිවස වාස්තු විද්‍යාත්මකව ඉදිකිරීමට හැක. මා එලෙස පවන්නේ වාස්තු පරීක්ෂණවලදී එවැනි නිවාස බහුලව දැක ඇති නිසාත් ඒවා ඉදිකිරීම් කර ඇති බව දන්නා නිසාවෙනි.
පුරාණයේ පටන්ම සම්මතයෙන් එන කියමනකි ගිනිකොණ දිශාවේ වැසිකිළි වළ පැවතිය යුතු බව. ගිනිකොණ දිශාවේ තේජෝ බලය නිසා දහනයට ලක්වන බවත් වැසිකිළි වළ සඳහා සුදුසු දිශාව බවත් මෙය පැරණි වළව්වල එම වළව් පාළුවට ගියද එම වැසිකිළි වළවල් අදටත් පවතී. සමහර විට ඒවා එලෙස පාළුවීම කෙරෙහිත් මෙම වැසිකිළි වළවල් හේතුවක් විය හැක. එක්තරා පැරණි වළව්වක් මා පරීක්ෂාවට ගිය අතර එහි පදිංචි වී සිටියේ වසර 18කට කලින් විවාහ වී දරුඵල අහිමිව සිටි යුවළකි. දරු ඵල හිමි වුණද කෙටි කලකින් ඇයට ගබ්සා වීම් සිදුවීමෙන් කලල විනාශයට පත්වේ. මා එම පැරණි නිවස පරීක්ෂාවේදීත් පරම්පරා 03ක පමණ වැසිකිළ වළවල් 03ක් ගිනිකොණ දිශාවේ නිවසට ආසන්නයේ පැවතිණි. එලෙස පැවතීම අශුභ වේ. ගිනිකොණ දිශාව නිවසක බිරිඳගේ දිශාව මෙන්ම මූල්‍ය ශක්තිය රඳන දිශාව යි.
අග්නිකෝණය දුර්වලවීම නිවසේ බිරිඳට මෙන්ම නිවසේ ආර්ථිකය ආදායම් වියදම් කෙරෙහි ද බලපවත්වයි. කෙසේ හෝ ගිනිකොණ පැවති වැසිකිළි වළවල් ඉවත් කර තුන් මසක් ගත වීමටත් ප්‍රථම එම බිරිඳට දරුවකු ලැබීමේ ලකුණු පහළ වී අද වනවිට ඇය දරු සිඟිත්තකුගේ මවකි.
මුල්ගල තබන නැකතට අද වනවිට අලුත් නැකතක් එකතු වී පවතීත එය නම් ඉඳුල් කිරීමේ නැකතයි. මෙයට වසර ගණනකට ඉහතදී නිවෙස් ඉදිකරනු ලැබුවේ අසල්වැසි මේසන්වරුන් විසින් වන අතර ඔවුන් තම වැඩය දහවල් කාලයේ නතර කර තම නිවෙස වෙතට ගොස් ආහාර ගෙන යළි ආපසු ගෙපල වෙත පැමිණියේය. නමුත් වර්තමානයේ නිවසක් ඉදිකිරීමේදී නවීන විලාසිතාවන්ට මුල්තැන දෙමින් ඒවා කළ හැකි දක්ෂ මේසන්වරු ඈත ප්‍රදේශවලින් කැඳවා ගෙපල අසල කුඩා වාඩියක් ගසා නවාතැන් සපයයි. ඔවුන් මෙම ස්ථානයෙන් නික්ම යන්නේ නිවසේ සියලු වැඩ කටයුතු අවසන් කර ගෙවදීමට කිට්ටු වන මොහොතේදීය. එතෙක් සමහර විට ඔවුන් ඉදිකෙරෙන නිවහන තුළ ආහාර පිසීම, ආහාර අනුභවය පවා සිදුකරයි. එම හේතුවෙන් වර්තමානයේ නිවාස ඉඳුල් කිරීමේ කටයුත්ත ද මුල්ගල තබන දිනයේ මුල්ගල තබා පවුලේ සාමාජිකයන් සියලු දෙනාම නිවාස ඉදිකෙරෙන භූමියේ එම නිවෙස සීමාවේ සිට කැවුම්, කිරිබත්, කෙසෙල් අනුභව කිරීමට අවස්ථාව ලබාදෙමින් නිවස ඉඳුල් කිරීමේ කටයුත්ත ඉටු කරනු ලබයි. මේ සඳහා පිළියෙළ කරගත් නැකත් හෝරාව අනුව කටයුතු කරනු ලබයි. පුරාණයේ සිට පැවති අනිවාර්යයෙන්ම සිදුවිය යුතු කාර්යකි ඉදිකරන නිවසේ මුල් ගල එම නිවස ඉදිකිරීමට මුල්වන ගෘහයේ හිමිකරු අතින්ම සිදු කිරීම. නමුත් අද වනවිට එය නොසලකා එම නිවස ඉදිකරන කොන්ත්‍රාත්කරු හෝ මේසන් බාස් විසින් එම කාර්ය සිදු කරන්නේය. එය ඉතාම වැරදි ක්‍රියාවක් මෙන්ම වැරදි ආදර්ශයකි. තමුන් වියදම් කර ඉදිකෙරෙන නිවස තමන්ගේ නැකත්වලට සීහුම් කර නිවැරදි නැකතට මුල්ගල තැබීම සිදුකිරීම එදා මෙන්ම මතුවටත් සිදුවිය යුතුමය.

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.