Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: දේවි කුසුමාසන පරාජිත චරිතයක් නෙමෙයි… – උදාරි වර්ණකුලසූරිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: දේවි කුසුමාසන පරාජිත චරිතයක් නෙමෙයි… – උදාරි වර්ණකුලසූරිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංගමීවිත

දේවි කුසුමාසන පරාජිත චරිතයක් නෙමෙයි… – උදාරි වර්ණකුලසූරිය

1 week ago
70 Views

වර්තමාන ආදරේ හරි සීනිබෝලයි

මහනුවර රාජධානියේ රාජ්‍ය පාලනය කළ කුසුමාසන රැජින සහ කොනප්පු බණ්ඩාරගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ “දේවි කුසුමාසන” සිනමා නිර්මාණය පසුගියදා තිරගත කිරීම ආරම්භ කරන ලදී. දේවි කුසුමාසනගේ චරිතය සඳහා රංගනයෙන් දායක වූයේ උදාරි වර්ණකුලසූරියයි. මෙවර මීවිත කතාබහ උදාරි සමගය.

දේවි කුසුමාසන පරාජිත චරිතයක් නෙමෙයි… - උදාරි වර්ණකුලසූරිය

දේවි කුසුමාසන සිනමා නිර්මාණයේ අත්දැකීම මොන වගේද?

දේවි කසුමාසන චිත්‍රපටය ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ. මම ඔහු සමග ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයෙන් පසුව රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ, ඔහුගේ දෙවැනි නිර්මාණයටත් ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔහු නිසා තමයි මම මුලින්ම සිනමාවේ හොඳම නිළිය බවට සම්මානයෙන් පිදුම් ලබන්නේ. ඒ මිදුණු විශ්වය චිත්‍රපටය සඳහා ඔහු මාව විශ්වාස කරලා, මට චරිතය ලබා දුන්න නිසයි, මටත් වෘත්තීයමය වශයෙන් වටිනාකම්ක් ලැබෙන්නේ. දේවි කුසුමාසන ලයිකා නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක්. ලයිකා නිෂ්පාදන කියන්නේ මුළු ලෝකයත් සමග ගනුදෙනු කරනු ලබන දැවැන්ත නිෂ්පාදන සමාගමක්. ඉතිං ලංකාවේ ඔවුන් නිෂ්පාදනය කරන නිර්මාණවලින් මම දායක වුණු පළමුවැනි නිර්මාණය. මම හිතනවා අපේ සිනමා කර්මාන්තයට හොඳ අනාගතයක් ලැබේවි කියලා.

මිදුණු විශ්වයෙන් පසුව ජයන්ත චන්ද්‍රසිරිගෙන් මේ ලැබුණු ආරාධනාව ගැන මොකද හිතෙන්නේ?

ඔහු මට දුන්නු වටිනාකම මිල කරන්න බැහැ. ඔහුට, මා කෙරෙහි තිබුණු විශ්වාසයට මම පුදුමාකාර විදිහට ගරු කරනවා. මිදුණු විශ්වයේ හොඳම නිළියට සම්මානයට පාත්‍රවුණාට පසුව නෙමෙයි මට දේවි කුසුමාසන චරිතයට ආරාධනා කරන්නේ. සම්මානයට පාත්‍ර වෙන්න කලින් ඉඳලා ඔහු මා ගැන විශ්වාස කරලා තිබුණා. ඒ දුන්නු වටිනාකම මට මිල කරන්න බැහැ.

දේවි කුසුමාසන පරාජිත චරිතයක් නෙමෙයි… - උදාරි වර්ණකුලසූරිය

දේවි කුසුමාසන කියන්නේ අති දැවැන්ත සිනමා නිර්මාණයක්. ලේසි නැහැ නේද රංග කාර්යය?

ඔව්. මේක ඇත්තටම දැවැන්ත සිනමා නිර්මාණයක්. මේක යුද්ධය හා පටබැඳුණු කතාවක් වුණාට මට යුද්ධ කරන්න තිබුණේ නැහැ. රැජින විදිහට තමයි ඉන්න තිබුණේ. අහිමි ප්‍රේමය සහ ප්‍රේමය වෙනුවෙන් කැප කිරීම, ප්‍රේමයේ දී ඉවසීම යන කාරණා ගැන තමයි කතාබහ කළේ. අපේ පෞද්ගලික ජීවිතවලදී ප්‍රේමයේ දී ඉවසීම කියන කොටස අනිවාර්යයෙන් තිබිය යුතුයි. නැතිනම් එතැනදී අනිවාර්යයෙන්ම අහිමි වීමක් සිද්ධ වෙනවා. ඉතිං ඒ ඉවසීම නිසාම අවසානයේ ඔවුන්ගේ ප්‍රේමය ජයග්‍රහණයක් බවට පත්වෙනවා. මේ වෙලාවේ හේමාල් රණසිංහ රංගන ශිල්පියාවත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

දේවි කුසුමාසන වෙනුවෙන් මොන වගේ කැප කිරීම්ද කරන්න සිද්ධ වුණේ?

දේවි කුසුමාසනව දෝන කතිරිනා බවට පත් කෙරෙනවා. ඒ චරිත දෙකටම එකම කෙනානේ ඉන්නේ. ඒ චරිත දෙකටම ගැළපෙන ආකාරයට මම සූදානම් වුණා. අනික ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ඒ හැම දේකටම මාව සූදානම් කළා. මට රූගත කිරීමේදී අමතක නොවන කොටසක් තමයි මම දෝලාවෙන් පෙරළෙන දර්ශනය. එතැනදී ඇත්තටම මාව දෝලාවෙන් පෙරළෙනවා. ඒ වෙලාවේදී මට ඇත්තටම ජීවිත හානියක් වෙන බයක් නෙමෙයි තිබුණේ. පුටුවකින් වැටෙනකොටත් බියක් දැනෙනවනේ. නමුත් වැටෙනවා කියන දේ දැනගෙන ඒ දර්ශනය රූගත කරනකොට ලැබුණ අත්දැකීම හරි වෙනස්. අවදානමක් සහ භයානක හැඟීමක් දැනුණා.

චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණාට පසුව මොකද හිතුණේ?

චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණාට පස්සේ හරි ආදරවන්තියකගේ ආදරණීය හැඟීමක් තමයි ආවේ. මෙහෙමත් ආදරය කරන්න පුළුවන්. අපි දැන් කාලේ කරන ආදරය මොනවද කියලා හිතෙනවා. වර්තමාන ආදරය හරි සීනිබෝලයි කියලාත් හිතෙනවා. වර්තමාන ආදර කතාන්දර හරි සැහැල්ලුයි.

දේවි කුසුමාසන පිටපත අතට ලැබුණට පස්සේ මොන වගේ බයක් සැකක් හිතට ආවද?

ලොකු වගකීමක්. දේවි කුසුමාසන කියන චරිතය, මට ඕනෑ විදිහට හසුරුවන්න ඕනෑ චරිතයක් නෙමෙයි. අතීතයේ සත්‍ය වශයෙන්ම ජීවත් වෙච්ච චරිතයක්. ඒ චරිතය මුළු රටක් රාජ්‍යයක් නියෝජනය කරපු චරිතයක්. දේවි කුසුමාසන කියන්නේ පරාජිත චරිතයක් නෙමෙයි, ඒක ලොකු වගකීමක්. ඒ චරිතය මට භාර දෙද්දී, මේ චරිතය මම හරියට කරාවි ද… මාව විවේචනයට ලක්වේවි ද… කියන තැන තමයි හිටියේ. තවම ඒ ගැන කියන්න බැහැ. මේ වෙනකොට මේ ආදර කතාව ප්‍රේක්‍ෂකයන් අතරට යමින් තිබෙනවා. මම හිතනවා මට පුළුවන් උපරිමයෙන් දේවි කුසුමාන ට සාධාරණයක් ඉෂ්ට කළා කියලා. දැන් ඉතිං දේවි කුසුමාසන ව ප්‍රේක්‍ෂකයන්ට භාරයි.

ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන්නේ මොන වගේ නිර්මාණවලින්ද?

ශමීර නාඔටුන්න මහත්මයාගේ ‘වයිෆ්’ සිනමා නිර්මාණය මේ වසරේ අගභාගයේ දී බොහෝ දුරට තිරගත වේවි. එතැනත් බිරිඳ සහ සැමියාගේ චරිත නිරූපණය කිරීමට ඉන්නේ මම සහ හේමාල්. ඒ නිර්මාණය වර්තමාන සමාජයේ පවුලක් තුළ මතුවන අර්බුද අළලා තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඒකත් පවුලේ චිත්‍රපටයක්.

මෑත කාලයේ ඔබට දැවැන්ත අධ්‍යක්‍ෂවරු රැසක් මුණගැසෙනවා. රංගන ශිල්පිනියක් විදිහට ඒ ගැන මොන වගේ හැඟීමක් ද තියෙන්නේ?

මම හරි භාග්‍යවන්තයි කියලා හිතනවා. රංගන ශිල්පීන් ශිල්පිනියන් විදිහට අපි හැමෝම හීන දකින්නේ, අතිදැවැන්තයන් යටතේ අධ්‍යක්‍ෂණය වන නිර්මාණයකට එක වරක් හෝ සහභාගි වෙන්නයි. මට නැවත නැවත වතාවක් එවැනි ආරාධනා ලැබිල තිබෙනවා. මට ඒ අවස්ථාව ලබා දෙනවාට ඒ දැවැන්තයන්ට නැවත නැවත ස්තූතිවන්ත වෙනවා. අනික මාව විශ්වාස කරනවාට, මට ඒ වටිනාකම ලබා දෙනවාට. ජැක්සන් ඇන්තනී මහත්මයා ජීවතුන් අතර ඉන්න කාලයේදීත් ඔහුගේ ‘එකගෙයි සොකරි’ චිත්‍රපටයට මාව සම්බන්ධ කරගෙන ඊළඟ චිත්‍රපටය වුණු ‘දේවි සම්බුලා’ නිර්මාණයේ සම්බුලා දේවියගේ චරිතයටත් මට දායකවෙන්න ලැබුණා. ඒ නිර්මාණ දෙකම ප්‍රේක්‍ෂකයන් අතරට පැමිණීමට නියමිත චිත්‍රපට. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ඔහුගේ මිදුණු විශ්වය චිත්‍රපටයෙන් පසුව දේවි කුසුමාසන චිත්‍රපටයට මාව සම්බන්ධ කරගත්තා. ඒකත් හරි භාග්‍යවන්ත අවස්ථාවක්.

තිරයේදී දකින විවිධ පරාසයන් සමග තමයි ඔබත් සමග අපට හැමදාම කතාබහ කරන්න ලැබෙන්නේ?

රංගන ශිල්පිනියක් හැටියට මම මට ලැබෙන චරිත සම්බන්ධයෙන් උපරිමව විඳිනවා. රංගන ශිල්පිනියක් විදිහට මම අසීමාන්තිකව තෘප්තිමත්. ‘අයියෝ… මම මේ වගේ චරිතයක් කළානේ. මොකක්ද දැන් මම මේ චරිතයේ කරන වෙනස කියලා එකක් හිතන්න වෙලාවක් නැහැ, වගේම හිතන්න විදිහකුත් නැහැ. මොකද එක වගේ චරිත මට ලැබෙනවා හරි අඩුයි. මට ලැබෙන්නේ එකකට එකක් වෙනස් පරාසයන්ගේ චරිත. මාධ්‍යට වුණත් මගෙත් එක්ක හැමදාම වගේ කතාබහ කරන්න අලුත් අලුත් මාතෘකා, චරිත තිබෙනවා.

‘පායා එන්න හිරු සේ’ තුළින් අරඹපු ගමනේ දී මේ වගේ දුරක් එන්න ලැබේවි කියලා එදා හිතුවද?

කවමදාකවත් හිතුවේ නැහැ. ඒ කාලෙ මම මං ගැන අඩු තක්සේරුවෙන් හිතන්න ඇති. මට මෙච්චර රඟපාන්න පුළුවන් ද? මාව ප්‍රේක්‍ෂකයන් වැලඳ ගනීවි ද? කියලා හිතුවේ නැහැ. මං ගැන ඒ කාලේ ලොකු විශ්වාසයක් තිබ්බේ නැහැ. මගේ තාත්තාගේ සහ අම්මාගේ හීනයක් තමයි රංගන ජීවිතයට එන එක, රූපසුන්දරියක් වෙන එක. අම්මගෙයි තාත්තගෙයි හීන සැබෑ කළා කියලා දරුවෙක් හැටියට නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

දුව ඉන්න තැන ගැන අද වෙනකොට තාත්තා මොනවද කියන්නේ?

තාත්තා හරි නිශ්ශබ්දව ආඩම්බර වෙනවා. අඩුපාඩුවක් විතරක් තිබ්බොත් මට කතා කරලා කියනවා. එයා හරිම වින්දනීය හැඟීමකින් ඉන්නවා කියලා මට දැනෙනවා. මම මගේ දෙමාපියන් කැමැති දේ කරනවා. රංගන ශිල්පිනියක්, හොඳ බිරිඳක්, මවක් විදිහට ලොකු ගමනක් යන්න මම උත්සාහ කරනවා. ඉතිං මගේ දෙමාපියන් මා ගැන සතුටු වෙනවා ඇති කියලා මම හිතනවා.

කොහොමද ටෙලි නාට්‍ය වැඩ කටයුතු?

කොටස් සියයට අඩු ටෙලිනාට්‍ය තමයි මම දැන් භාර ගන්නේ. ඒකට හේතුව මෙගා ටෙලි නාට්‍යවලට ගැරහීමකට නෙමෙයි. ‘බොඳ මීදුම්’ ප්‍රේක්‍ෂකයන් මාව ආදරයෙන් වැලඳගත්තා. මගේ දෝණි පිටරට අධ්‍යාපනය හදාරන හින්දා මට නිතර විදෙස්ගත වෙන්න සිද්ධ වෙනවා. ෂූටින්වලට මගෙන් ප්‍රශ්නයක් වෙනවට කැමැති නැති හින්දයි මම මෙගා වැඩ භාරගන්නේ නැත්තේ. වෘත්තීය ජීවිතයේ ප්‍රශ්න ඇති කරගන්න බැරි නිසයි එවැනි තීරණයක් ගත්තේ. මගේ පුංචි තිරයේ ප්‍රේක්‍ෂකයෝ මාව කවදාවත් අමතක කරන්නේ නැහැ.

අද වෙනකොට සංසලා ගැන මොකද හිතෙන්නේ?

අදටත් ගම්වලට ගියහම සංසලා බේබි කියලා තමයි කතා කරන්නේ. මගේ නමට වඩා මගේ ප්‍රේක්‍ෂකයන්ට සංසලාව තමයි මතක් වෙන්නේ. ප්‍රේක්‍ෂකයන්ගේ හදවත්වල රැඳුණ චරිතයක් තමයි සංසලා. මගේ ජීවිතයෙත් පෙරළිකාර චරිතයක් කියලා කියන්න පුළුවන්.

ජනප්‍රියත්වය එකදිගට රඳා පවත්වා ගන්නවා කියන්නේ ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ඇත්තටම ඒක කරන්නේ කොහොමද?

අපිට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන්න හරි අමාරුයි. අර කිව්වත් වගේ ජනප්‍රියත්වය පවත්වාගෙන යෑම ඊටත් වඩා අමාරු කාර්යයක්. ඉතිං මම ඒ අභියෝගයට මුහුණ දීලා ඒක එලෙසම පවත්වාගෙන යනවා . මොනවා වුණත් අපි ජීවත් වෙන්නේ සිංහල සංස්කෘතියක් තිබෙන සදාචාර සම්පන්න රටකනේ. ඉතිං අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ. වෘත්තීයමය නළු නිළියන් විදිහට අපිට හොලිවුඩ්වල, බොලිවුඩ්වල තිබෙන පරාසයන්ට ගමන් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. ලෝකයත් එක්ක ගත්තාම අපේ රට වගේම අපේ සිනමාව හරිම පුංචියි. අපි ඉතිං අපිට සුදුසු දේවල් තෝරාගෙන චරිතවත් විදිහට හිටියොතින් ප්‍රේක්‍ෂකයන් අපිට හැමදාම ආදරය කරාවි.

දිනේෂ් විතාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

අහිංසක ආත්මය මාලිනී

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

මාලිනී – මිහිතලය මත දිස්වුණු රන් තරුව

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

මාලිනිය තිළිණ කළ සංස්කෘතික කලා ප්‍රාග්ධනය

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

ජාතික සංහිඳියාවට ලියැවුණු රත්න ශ්‍රී ගී

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

ඔයගොල්ලෝ හැමෝටම මම ආදරෙයි…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok