ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ ජීවිත අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම අරමුණු කරමින් සකස් කරන ලද විවිධ මූල්‍ය විසඳුම් හරහා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව පසුගිය දා ප්‍රමුඛ ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ආයතනයක් වන ACH Education සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එලඹිණි- මෙම උපායමාර්ගික සහයෝගීතාවයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලාංකික සිසුන් සඳහා විදේශ අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීම, ඔවුන්ට අවශ්‍ය පුළුල් මූල්‍ය සහ උපදේශන සහාය ලබා දීම මඟින් එම සිසුන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කරගැනීම සඳහා සහාය වීමයි-
නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු විය- NDB බැංකුව වෙනුවෙන් සහකාර උප සභාපති – ප්‍රිවිලේජ් බැංකුකරණය, ගිහාන් පුංචිහේවා මහතා අත්සන් කළ අතර, ACH Education නියෝජනය කරමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චානකා පලිහක්කාර මහත්මිය සහභාගි විය-
ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දශකයකට ආසන්න පළපුරුද්දක් ඇති ACH අධ්‍යාපන ආයතනය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව සහ යුරෝපය පුරා සිටින ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනකට ඔවුන්ගේ විදේශීය අධ්‍යාපන සිහින සැබෑ කරගැනීම සඳහා සාර්ථකව මඟ පෙන්වමින් සිටී- විශේෂඥ උපදේශන සේවාව හරහා විදේශීය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම සහ වීසා ඉල්ලුම් කිරීමේ සිට එම ක්‍රියාවලිය අවසානය දක්වාම සේවය සලසන, විදේශ අධ්‍යාපනයේ විශ්වාසදායක හවුල්කරුවකු ලෙස ACH ආයතනය කීර්තිය හිමිකරගෙන ඇත-
මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුව අධ්‍යාපන ණය පහසුකම් ලබාදීම, විදේශ ප්‍රේෂණ සහ විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට අත්‍යවශ්‍ය අනෙකුත් ආධාරක සේවාවන් ඇතුළු විවිධ බැංකුකරණ විසඳුම් ලබා දීම මඟින් විදේශ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා සිසු සිසුවියන් සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ඇත- NDB බැංකුවේ සුවිශේෂී මූල්‍ය විශේෂඥතාව, ACH ආයතනයේ ගෝලීය අධ්‍යාපන උපදේශන සේවා සමඟ ඒකාබද්ධ කිරීමෙන්, සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ජාත්‍යන්තර අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම සහ අවශ්‍ය කරන අරමුදල් සපයා ගැනීම සඳහා ඒකාබද්ධ සහ බාධා වලින් තොර සේවාවක් ලබාදීම අපේක්ෂා කෙරේ-