Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී BMICH හිදි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී BMICH හිදි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී BMICH හිදි

June 29, 2025
82 Views

Tecxa පුද්ගලික සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සමඟින් එක්ව 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව නිවේදනය කළේය.

“Empowering Sri Lanka’s Digital Economy: Innovations Driving Financial Inclusion and Growth” යන තේමාව යටතේ සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී (BMICH) මෙම සමුළුව පැවැත්වේ. රටවල් 25 කට අධික සංඛ්‍යාවකින් 2,000 කට අධික පිරිසක් මෙයට සහභාගි වීමට නියමිතය.

මෙම දෙදින උත්සවය ප්‍රධාන මාතෘකා හයක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත- ඒවා නම් මූල්‍ය ක්‍ෂේත්‍රයේ අනාගතය; ජාත්‍යන්තර සහ කලාපීය ප්‍රවණතා; බ්ලොක්චේන්; කෘතිම බුද්ධිය (AI) හා ක්‍රිප්ටො මුදල් වැනි නව තාක්ෂණයන්; මූල්‍ය නවෝත්පාදනය සහ අන්තර්ගතභාවය; නීති සහ රෙගුලාසි සහ ආයෝජන, අංකුර ව්‍යවසායක වර්ධනය වේ. තවද මෙම මාතෘකා ස්ථාන පහකදී පැවැත්වෙන විවිධ සැසිවලදී සාකච්ඡා කරනු ඇති අතර ෆින්ටෙක් ව්‍යාපාරවල නිර්මාතෘවරුන්, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්, බැංකු, තාක්ෂණික සමාගම් සහ රජයේ නිලධාරීන් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් කරා ළඟා වීමට නම්, 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව වැනි අවස්ථා අපට අවශ්‍යයි. එය අපට නව අදහස් ගෙන ඒමට, ශක්තිමත් උපායමාර්ග ගොඩනඟා ගැනීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ පුළුල් නීති රීති සකස් කිරීමට උපකාරී වනවා- මෙම සමුළුව රජයට, ව්‍යාපාරවලට සහ ගෝලීය හවුල්කරුවන්ට එකට වැඩ කිරීමටත්, අභියෝග විසඳීමට සහ රටේ අනාගත ඩිජිටල් පද්ධති ප්‍රවේශමෙන් ගොඩනැඟීමට කදිම අවස්ථාවක් වනු ඇති බව මට විශ්වාසයි-” යනුවෙනි.

මෙහි සංවිධායකයන්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ මෙම සමුළුව පැවැත්වෙන අතරතුර ඇමරිකානු ඩොලර් මිලියන 100 කට අධික ඍජු විදේශ ආයෝජන ලබා ගැනීම සහ 2030 වන විට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට සැලසුම් කිරීමයි- තවද මෙම ආයෝජන 95% ක මූල්‍ය අන්තර්ගතභාවය කරා ළඟා වීමටත්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක දායකත්වයක් ලබා දීම සඳහා මූල්‍ය තාක්ෂණ අංශය වර්ධනය කිරීමටත් සහ 2030 වන විට දේශීය ෆින්ටෙක් ව්‍යාපාර 200 කට අධික සංඛ්‍යාවකට සහාය වීමටත් උපකාරී වනු ඇත.

මීට අමතරව මෙම ප්‍රධාන උත්සවයට පෙර ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සඳහා ICTA ශ්‍රවණාගාරයේදී විශේෂ උත්සවයක් ද පැවැත්විණි.

මෙම සමුළුව පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරි දමිත් පල්ලෙත්ත මහතා පැවසුවේ “මූල්‍ය සේවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමෙන් සහ නවෝත්පාදන හා ආයෝජන සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට ෆින්ටෙක් කැපවී කටයුතු කරනවා. මෙම වැදගත් සමුළුවට දායකත්වය ලබා දීම සහ ශක්තිමත්, වඩාත් ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට උපකාර කිරීමට හැකි වීම පිළිබඳව HNB ආඩම්බර වනවා-” යනුවෙනි.

ඡායාරූපය- සුජාතා ජයරත්න

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි

ගණුදෙනු ලොව

Dialog, නවතම Power Plans සමඟින් අසමසම වාසි රැසක් පිරිනමයි

ගණුදෙනු ලොව

TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවත්වෙයි

ගණුදෙනු ලොව

පිට්සා හට් හි රසවත් ආහාර ආරක්ෂිතව හා කඩිනමින් බෙදා හැරීමට සියැට් සහාය

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව නැවතත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය ලෙස තේරී පත් වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok