සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකාවේ පිට්සා හට් සහ ටකෝ බෙල් සඳහා එකම බලයලත් නියෝජිතයා වන ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගිතාවයක ප්‍රතිඵලයක් ලෙස, පිට්සා වර්ග හා අනෙකුත් ක්ෂණික ආහාර සිසිල් වීමට පෙර පාරිභෝගිකයන් වෙත බෙදා දීම තම ජීවිකාව කරගත් 800ක් පමණ වූ යතුරුපැදිකරුවන් හට වඩා ආරක්ෂිතව තම කාර්යය ඉටුකර ගැනීමට අවස්ථාව උදා වී ඇත.
මෙම හවුල්කාරිත්වය හරහා පිට්සා හට් හි ලියාපදිංචි වී සිටින බෙදාහැරීමේ ධාවකයන්ට යතුරුපැදි හා ස්කූටර් ටයර් සඳහා විශේෂ වට්ටම් ඇතුළු විවිධ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලැබේ. මෙසේ ඔවුන්ට ලබා ගත හැකි දීමනා සියල්ල සැලසුම් කර ඇත්තේ උසස් තත්ත්වයේ ටයර් වඩාත් දැරිය හැකි මිලකට මිලදී ගැනීමට සහ ආරක්ෂිතව හා කාර්යක්ෂමව චාරිකාවේ යෙදීමේ හැකියාව ලබා දීමට බව සමාගම පවසයි.
පිට්සා හට් පාරිභෝගිකයන් කොතැනත සිටියත් ඔවුන් වෙත පහසුවෙන් ළඟා වීමට හැකියාව ලබා දෙමින්, දිවයින පුරා පිහිටි බලයලත් සියැට් අලෙවිකරුවන් 600කට අධික සංඛ්‍යාවකින් මෙන්ම සියලුම ද්වීතීයික හවුල්කාර අලෙවිසැල්වලින් ද මෙම වට්ටම් ලබාගත හැක.