ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි
දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ ප්‍රමුඛයා වන Arpico නිෂ්පාදනය කරන නවතම මෙට්ට වර්ගය වන Arpico NextGen හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. පුරෝගාමී Air Cooling Pocket තාක්ෂණය භාවිතා කරමින් මෙම මෙට්ට නිපදවනු ලබයි. ශ්‍රී ලංකාවේ වෙළඳපොළට මෙබඳු මෙට්ට වර්ගයක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් 2025 ජුනි 13 දින කොළඹ Ramada by Wyndham හිදී පැවැත්විණි.
මෙම උත්සවයේදී Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා විසින් නව මෙට්ට වර්ගය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙය පාරිභෝගිකයන්ට සුව නින්දක් ලබාදෙන පුරෝගාමී විසඳුම් හඳුන්වා දීම සඳහා Arpico දරන උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරකි. මෙවැනි පුරෝගාමී නිෂ්පාදන නිරන්තරයෙන් වෙළඳපොළට හඳුන්වා දීම Arpico හි අරමුණ වී තිබේ. අතිනවීන ජර්මානු තාක්ෂණය සහිත Computer Numerical Control (CNC) Foam Cutting තාක්ෂණය භාවිතයෙන් මෙම නව මෙට්ට නිපදවනු ලැබේ. එමගින් මෙට්ටයේ සිසිලස සහ සුවපහසුව වැඩි වන නිසා එය සුපහසු නින්දක් ලැබීමට උපකාරී වෙයි. ප්‍රමාණවත් නින්දක්, නිරෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයකි. Arpico NextGen මෙට්ට විවේකයේ සුවපහසුව වැඩි කර සුව නින්දක් ලැබීමටත්, ප්‍රබෝධමත්ව පිබිදී ජවසම්පන්නව දවස ගෙවීමටත් අවස්ථාව උදා කර දෙයි.
“ඵලදායී හා නිරෝගී ජීවිතයක් සඳහා ගුණාත්මක නින්දක වැදගත්කම තවමත් වැඩි දෙනෙක් නිවැරදිව වටහාගෙන නෑ, එමෙන්ම අපගේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ දැක්ම යටතේ අප පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙන අතරම, ඔවුන්ට තම දෛනික ජීවිතවලදී අත්‍යවශ්‍ය දෙයක් වන සුවදායී නින්දක් ලබාදීමට සෑමවිටම උත්සාහ කරනවා. නව තාක්ෂණයන් භාවිතයට ගනිමින් අපගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමටත් අලුතින් නිෂ්පාදන හඳුන්වා දීමටත් අප නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒ නිසයි.” Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා පැවසීය.
Arpitech (පුද්.) සමාගම යනු පොලියුරතීන් ෆෝම් සහ ස්ප්‍රින් මෙට්ට, ඇඳ ඇතිරිලි, කුෂන් සහ සිලිකනයිස්ඩ් ෆයිබර් කොට්ට වැනි නිෂ්පාදන සම්බන්ධ පුරෝගාමියකු වන, දශක ගණනාවක ඉතිහාසයක් හිමි සමාගමකි. ISO 9001-2015 සහතිකකරණය හිමි Arpico සිය ජනප්‍රියතම නිෂ්පාදන එකතුවක් වන Arpifoam මෙට්ට නිපදවීමේදී SLS ප්‍රමිති නිර්ණායකවලට අනුකූලව කටයුතු කරයි. Arpitech (පුද්.) සමාගම පන්නරය ලබනුයේ, එහි මවු සමාගම වන Richard Pieris & Company PLC හි දශක 9 කට අධික ඉතිහාසය තුළිනි.