Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව සඳහා ඉහළ කාර්ය සාධනයක් සමඟ සිය අඛණ්ඩ වර්ධනය තහවුරු කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව සඳහා ඉහළ කාර්ය සාධනයක් සමඟ සිය අඛණ්ඩ වර්ධනය තහවුරු කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ගණුදෙනු ලොව

සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව සඳහා ඉහළ කාර්ය සාධනයක් සමඟ සිය අඛණ්ඩ වර්ධනය තහවුරු කරයි

June 22, 2025
802 Views
සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර මහතා / සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය

2025 අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, සම්පත් බැංකුව දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් (Domestic Systemically Important Bank) ලෙස එහි කාණ්ඩ අංක 01 යටතේ වර්ගීකරණය කරන ලදී. රට තුළ මූල්‍ය ක්‍ෂේත්‍රයේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සම්පත් බැංකුව දක්වන දායකත්වය මෙමගින් මනාව පිළිබිඹු වේ.

සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 13.4 ක්ද, බදු පසු ලාභය රුපියල් බිලියන 8.3 ක්ද වාර්තා කිරීමට සමත් වූ අතර, එය 2024 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී පිළිවෙළින් 115% ක හා 149% ක වර්ධනයකි. මීට අමතරව සම්පත් සමූහය ද රුපියල් බිලියන 14.3 ක බදු පෙර ලාභයක් ද රුපියල් බිලියන 8.9 ක බදු පසු ලාභයක් ද වාර්තා කරන ලද අතර මෙය පිළිවෙළින් 107% ක හා 135% ක වර්ධනයකි.

සලකනු ලබන කාල පරිච්ඡේදය සඳහා මුළු පොලී ආදායම රුපියල් බිලියන 44 ක් වූ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 10% ක පහත වැටීමකි. මේ සඳහා සලකනු ලබන කාලපරිච්ඡේදය තුළදී අවදානම් මත බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) පහත වැටීම හා රජයේ සුරැකුම්පත්වල පොලී අනුපාත පහත වැටීම මූලික වශයෙන් හේතු විය. තවද වෙළෙඳපොළ පොලී අනුපාතයන් පහත වැටීම හේතුවෙන් බැංකුවේ පොලී වියදම ද 12% ක පහත වැටීමක් සහිතව රුපියල් බිලියන 24.9 ක් ලෙස වාර්තා විය.

බැංකුවේ ශුද්ධ පොලී ආදායම පළමු කාර්තුව අවසානයේ දී රුපියල් බිලියන 19.1 ක් ලෙස වාර්තා වූ අතර, මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 6% ක පහත වැටීමකි. එසේම ශුද්ධ පොළී ආන්තිකය 2024 වසරේ වාර්තා වූ 4.90% සිට 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 4.32% දක්වා පදනම් ලකුණු 58 කින් පහත වැටිණ.

2025 වසරේ පළමු කාර්තුව තුළදී සම්පත් බැංකුවේ අරමුදල් මත පදනම් නොවූ ආදායම ශක්තිමත් ලෙස ඉහළ ගිය අතර, එය පසුගිය වසරේ අනුරූප කාලසීමාවේදී වාර්තා වූ රුපියල් බිලියන 0.7 සිට රුපියල් බිලියන 8.8 ක් දක්වා ඉහළ යන ලදී. කාඩ්පත්, ණය හා වෙළෙඳාම් ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ලද ආදායම් ඉහළ යෑම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 6% කින් ඉහළ යන ලදී. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 3.02 කින් අවප්‍රමාණය වීම හේතුවෙන් පසුගිය වසරේ පළමු කාර්තුව සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 4.3 ක විනිමය අලාභයට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.2 ක මුළු විනිමය ලාභයක් වාර්තා කිරීමට බැංකුවට හැකි විය. තවද, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම මගින් රුපියල් බිලියන 2.7 ක මූල්‍ය ලාභයක් වාර්තා කරන ලද අතර මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 582% ක වර්ධනයකි.

2025 වසරේ පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් මිලියන 81.8 ක අපහායන ආපසු හැරවීමක් වාර්තා කරන ලද අතර, මෙය පෙර වසරේ අනූරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී රුපියල් බිලියන 4.5 ක පහත වැටීමකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් මිලියන 53.4 ක ආපසු හැරවීමකින්ද, (1Q 2024 – රුපියල් බිලියන 2.4 අයකිරීමක්), වෙනත් මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 0.4 ක අයකිරීමකින්ද (1Q 2024 – රුපියල් බිලියන 0.9), අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 0.5 ක ආපසු හැරවීමකින්ද, (1Q 2024 – රුපියල් බිලියන 1.1 ක අයකිරීමක්) සමන්විත විය. සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා මෙහෙයුම් වියදම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව රුපියල් බිලියන 2.3 ක වර්ධනයක් වාර්තා කරන ලද අතර මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධකය හේතුවෙන් ඉහළ ගිය පුද්ගල පිරිවැය මූලික වශයෙන් හේතු විය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ගණුදෙනු ලොව

මහජන බැංකුව හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව People s BizTeens Challenge 2025 දියත් කරයි

ගණුදෙනු ලොව

වාර්ෂිකව පවත්වනු ලබන ලංකා බැංකු 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මෙවරත් නුවරඑළියේදී

ගණුදෙනු ලොව

කොළඹ Marina Square හි LV power distribution පද්ධතිය සැලසුම් කිරීම සහ සැපයීම DIMO ආයතනයට පැවරේ

ගණුදෙනු ලොව

යූනියන් ඇෂුවරන්ස් සම්භාවනීය ඇගයුම් උලෙළක් සමගින් 2024 වසරේ විශිෂ්ටතම බෑන්ක් ඇෂුවරන්ස් ජයග්‍රාහකයින් සමරයි

ගණුදෙනු ලොව

උතුරේ සිය වෙළෙඳ සන්නාමය HNB ඇෂුවරන්ස් පුළුල් කරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok