ශ්‍රී ලාංකීය කාන්තාව සවිබල ගැන්වීමේ අරමුණින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය බැංකුකරණ මූල්‍ය විසඳුම් ලබාදෙන NDB බැංකුවේ NDB අරලිය ඉතුරුම් ගිණුම් මඟින් ‘ජාතිය බලගන්වන කාන්තාවන්ට’ ආකර්ෂණීය ත්‍යාග හිමිකර දීමේ වැඩසටහනක් හඳුන්වා දෙයි. 2025 ජුනි මස 1 වන දින සිට ජූලි මස 31 වන දින දක්වා ක්‍රියාත්මක කරන මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් කාලය තුළ නව සහ පවතින NDB අරලිය ගිණුම් හිමියන් විසින් සිදු කරන තැන්පතු සඳහා විශේෂ ත්‍යාග ප්‍රදානය කරයි.
NDB අරලිය යනු කාන්තාවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය, ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දීමේ හැකියාව සහ කාන්තාවන්ගේ දිගුකාලීන සැලසුම් සඳහා සහය වීම වෙනුවෙන් කැපවූ කාන්තා ඉතුරුම් ගිණුමකි. මෙම ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ට ඔවුන්ගේ ඉතුරුම් පුරුදු වලින් වටිනා ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙයි. ප්‍රවර්ධන වැඩසටහන් කාලසීමාව තුළ රු- 15,000 හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ත්‍යාගා හිමිකර ගැනීමේ හැකියාව ඇත. මෙම ත්‍යාග, අරලිය ගිණුම් හිමි කාන්තාවන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසවන්තභාවය අගය කිරීමේ වටිනා සංකේතයක් ලෙස සංවිධානය කළ අතර, කාන්තාවන්ට තම මූල්‍ය පදනම ශක්තිමත් කර ගැනීමට ද මෙය මහඟු අවස්ථාවක් වේ.