ඉරානය , ඊශ්‍රායලයට එල්ල කරන බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවෙහි අඩුවක් දක්නට නොලැබෙන බව CBS NEWS වාර්තා කර තිබේ .
ඒ අනුව , මේ එම ප්‍රහාර මාලාවේ කිනම් වටයද යන්න පැහැදිලි නැති බව , එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර තිබේ . අනෙකුත් සියලුම විදෙස් වාර්තා තහවුරු කර තිබුණේද , එරට හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවය.
ජෙරුසලමේ පිපිරීමක් කිහිපයක් සිදුව ඇති බවත්, ඊශ්‍රායල අගනුවර වන ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බවත් විදෙස් වාර්තාවන්හි දැක්වේ.
මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40 ක් හෝ ඊට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් එම විදෙස් වාර්තා පෙන්වා දේ .
ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට එල්ල වූ ඉරාන මිසයිලයකින් එහි ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, ඊශ්‍රායල ආරක්ෂක අංශ එහි සිටින තුවාලකරුවන් සොයමින් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරමින් සිටියි.
ඊශ්‍රායලය තමන්ට එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කරන බව ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අල් කමෙනි පවසා තිබිණි .


