Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

22 hours ago
8964 Views

පොලිස් නිලධාරියෙක් උදව් කරලා…

ඉන්දියාවට පැන්නේ බළපිටියෙන්….

ගෙන්වා ගත්තේ කෙහෙල්බද්දර පද්මේ…

ඉෂාරා සෙව්වන්දි පිළිබඳව රටම කතා කිරීමට පටන් ගත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා භාවිත කළ ගිනි අවිය අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළට ගෙන යෑමේ ආන්දෝලනාත්මක සිද්ධියත් සමඟයි.

ඉන්පසු ශ්‍රී ලංකා පොලිසිය ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා මෙහෙයුම් සිදු කළේය. එම පොලිස් නිලධාරීන් ඇය සැඟවී ඇතැයි සැක කළ ස්ථාන දෙසීයක් පමණ සෝදිසි කළත් ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය සොයා ගැනිමට නොහැකි ව්ය.

ඇය පිළිබඳව ඔවුන් සොයා ගත් එකම තොරතුර වූයේ කළුතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසලකින් රත්තරන් භාණ්ඩ මිලදීගෙන ඇති බව පමණි. එහෙත් දන්නා තරමින් ඇය එලෙස ස්වර්ණාභරණ මිලදීගෙන තිබුණේ නැත. එහි සිටින්නේ ඉෂාරා සෙව්වන්දි ද ඒ සමාන රුවක් ඇති වෙනත් කාන්තාවක්ද යන්න පිළිබඳව යළි පරික්ෂණ සිදු කළ යුතුය.

එලෙසම ඉෂාරා සෙව්වන්දි පිළිබඳ සත්‍ය තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ දොළහක මුදල් පරිත්‍යාගයක් කිරීමටද ශ්‍රී ලංකා පොලිසිය පියවර ගත්තේය. එහෙත් ඇය ගැන කිසිදු තොරතුරක් නොලැබිණි.

තවද ඉෂාරා සෙව්වන්දි ගේ මව, සහෝදරයා පමණක් නොව ඇයට උදව් උපකාර කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු පවා අත්අඩංගුවට ගත්තත් මෙම සැකකාරිය පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට නොහැකි විය.

ඉෂාරා ගැන කටකතා

එම කාලවකනානුවේ කිසියම් පාතාල කල්ලියක් විසින් ඇයව ඝාතනය කර සිරුර කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි වන ලෙස වළ දමා ඇති බවට ද රාවයක් පැතිරුණි. තව පිරිසක් පැවසුවේ ඇය හොර රහසේම විදෙස් රටකට පැන ඇති බවයි. එහෙත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය. පසුව කාලයත් සමඟ රටම කතා කළ ඉෂාරා සෙව්වන්දි ගැන ජනතාවට පමණක් නොව ශ්‍රී ලංකා පොලිසියට පවා අමතක විය.

එලෙස රටම කතා කළ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය දැනට දින කිහිපයකට ඉහතදී ඉතාමත් සූක්ෂම ආකාරයට ඩුබායි රාජ්‍යය වෙත පැන ගොස් තිබේ. ඇයව එලෙස ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීම සඳහා සියලු උදව් උපකාර කර ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකරු වන කෙහෙල්බද්දර පද්මේ විසිනි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ ගණේමුල්ල සංජීව සමඟ සිටියේ දැඩි වෛරයකිණි. එයට ප්‍රධාන හේතුව වූයේ ගණේමුල්ල සංජීව කෙහෙල්බද්දර පත්මේගේ පියා වන නෙවිල් පෙරේරා ඝාතනය කිරීමයි.

කෙහෙල්බද්දර පද්මේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට වසරකට පෙර ඩුබායි රාජ්‍යයේ සිට පළමුවරට මෙම ලියුම්කරු සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා දිවයින ඉරිදා සංග්‍රහය ට පැවසුවේ “ගණේමුල්ල සංජීව කොහේ හිටියත් කවද හරි මැරුම් කන්නේ මගෙන් කියාය.” ඒ සමඟම වැඩිදුරටත් ඔහු පැවසුවේ “සංජීව කිසි වරදක් නැති මගේ තාත්තාව නිරපරාදේ මැරුවා. ඒකෙ පලිය ගන්න තමයි මම පාතාලයට සම්බන්ධ වුණේ. කවදාවත් සංජීවට මගෙන් ගැලවීමක් නැහැ. මොන ලෝකෙක හිටියත් මම ඕකට ජීවත්වෙලා ඉන්න ඉඩ තියන්නේ නැහැ. කවදහරි ඕකා මගෙන් තමයි මැරුම් කන්නේ.”

ප්‍රසිද්ධියේ එලෙස පවසා සිටි පද්මේ ඉන් වසරකට පසු කොමාණ්ඩෝ සලින්ත ඇතුළු පිරිසක් සමඟ මනා ලෙස සැලසුම් කර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීව ඉතාමත් සූක්ෂම අයුරින් ඝාතනය කළේය. එම ඝාතන සැලසුමේ ඉෂාරා සෙව්වන්දි ද ප්‍රබල චරිතයක් විය.

කෙහෙල්බද්දර පද්මේගේ සැලසුමට අනුව කිසිදු බියක් සැකක් නොමැතිව නීතිඥවරියක් වෙසින් වෙස් වලාගෙන තවත් දරුණු ගණයේ පාතාල නායකයකු වූ ගණේමුල්ල සංජීවට වෙඩිතැබීම සඳහා අවශ්‍ය ගිනි අවිය වෙඩික්කරු වෙත ලබාදීම සඳහා උසාවිය ඇතුළට රැගෙන ගියේ ඇයයි. මෙය මෙරට පාතාල ලෝකයේ අපරාධයක් සිදු කිරීම සඳහා ප්‍රසිද්ධියේ කාන්තාවක් සහභාගි වූ පළමු අවස්ථාව ලෙසද සැලකිය හැකිය. මෙයට පෙර කාන්තාවන් පාතාල සාමාජිකයන් සමඟ අපරාධ සඳහා සම්බන්ධ වුවත් මෙලෙස සෘජුවම සම්බන්ධ වී නොතිබුණි.

ගණේමුල්ල සංජීව ඝාතනය සැලවී පැය කිහිපයක් ගතවීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි පිළිබඳව රටම දැන ගත්තේය. ඒ සමඟම ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළත් අද වනතුරුත් ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. එලෙස කලක් ගතවීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි ගැන මතකය පවා අමතක විය. එහෙත් මෙම ලියුම්කරුට ඉෂාරා සෙව්වන්දි මෙරට සැඟවී සිටි ස්ථාන සහ මෙරටින් පැනගිය ආකාරය පිළිබඳ තොරතුරු දැන ගන්නට ලැබුණි. පහතින් පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.

ත්‍රිරෝදයෙන් මතුගමට

සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි ත්‍රිරෝද රථවලින් පානදුරට, කළුතරට සහ මතුගමට පැමිණ තිබේ. ඒ සදහා දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින නිලංගගේ අනු දැනුම ඇතිව ඔහුගේ ගෝලබාලයන් උදව් කර තිබේ. විටින්විට ත්‍රිරෝද රථ මාරුකර තිබුණු අතර මතුගම සිට තිනියාවලට ඇය ගොස් තිබුණේ පොලිස් නිලධාරියෙකු සමඟයි. මතුගම සිට සෙව්වන්දිව රැගෙන ගොස් උදව් උපකාර කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේගේ සල්ලි වලට යටවූ පොලිස් නිලධාරියෙකි. ඉන්පසු එම පොලිස් නිලධාරියා ඉෂාරා සෙව්වන්දිව තිනියාවල ප්‍රදේශයේ තමා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන කාන්තාවකගේ නිවසේ සඟවා තිබුණි.

උණුසුම අඩුවෙනතුරු තිනියාවල

ගණේමුල්ල සංජීව /ඉෂාරා සෙව්වන්දි

පොලිසිය රට පුරා මෙහෙයුම් දියත් කර සෙව්වන්දිව සොයන අතරතුර ඇය කිසිදු බාධාවක් නොමැතිව එම නිවසේ රැඳී සිටියාය. නිවස තුළම සැඟවී සිටි ඇයට අවශ්‍ය සියලුම දේ සපයා තිබුණේ එම පොලිස් නිලධාරියා සහ ඔහු සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ කාන්තාව විසින්ය.

මෙම කාලය අතර තුර කෙහෙල්බද්දර පද්මේ ඇයව ඉන්දියාව වෙත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබුණි. ඒ සඳහා තවත් පාතාල නායකයන් කිහිපදෙනකුගේ උදව් උපකාරද ඔහු ලබා ගත්තේය.

ඉන්දියාවට පලා යෑම සඳහා සියල්ල සූදානම් කර තිබුණත් සෙව්වන්දිව එලියට ගැනීම මහත් ගැටලුවක් විය. ඒ එම කාල වකවානුව වනවිට රට පුරාම පොලිස් මෙහෙයුම් යොදවා ඇයව සොයනා නිසාවෙනි. එම නිසා පද්මේ විසින් එම පොලිස් නිලධාරියට පවසා තිබුණේ එම උණුසුම නිවෙන තෙක් ඇය එම නිවසේම සඟවා තබන ලෙසයි. ඒ අනුව ඇයට තවත් කලක් එම නිවසේ සැඟවී සිටීමට සිදුවිය.

තවත් සති කිහිපයක් ගතවිය. සෙව්වන්දි ගැන තිබූ උණුසුම අඩුවන්නට පටන් ගත් අතර එයින් ප්‍රයෝජන ගත් පද්මේ තම සැලසුම ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය.

පද්මේ විසින් සැලසුම් කර තිබුණේ සෙව්වන්දිව බළපිටිය ප්‍රදේශයෙන් බෝට්ටුවකට නංවා ඉන්දියාව වෙත රැගෙන ඒමටයි. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ඔහු සූදානම් කර තිබුණි.

පසුගිය අප්‍රේල් මස දාහතර සහ විසි වැනිදා අතර දිනයක් තුළ සෙව්වන්දිට රැකවරණය ලබා දුන් පොලිස් නිලධාරියා විසින් පද්මේගේ සැලසුමට අනුව ඇයව බළපිටිය ප්‍රදේශයේ අදාළ ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි. ඒ සඳහා එම පොලිස් නිලධාරියාට පත්මේ විසින් ලක්ෂ ගණන් මුදල් ලබාදී තිබුණි.

ඉෂාරා ඉන්දියාවට පනී

අදාළ ස්ථානය වෙත ඉතා නිරුපද්‍රිතව පැමිණි පසු සෙව්වන්දි අදාළ යාත්‍රාවට නැග ඉන්දියාව බලා පිටත් විය. එලෙස ඉන්දියාවට පැමිණි ඇය සති කිහිපයක් එහි ගත කළාය.

ඉන්දියාවට පැමිණි පසු ඇය ඉන්දීය ජාතික කාන්තාවකි. ඇයට වෙනම නමක්, නිවසක් දෙමාපියන්, සහෝදර සහෝදරියන් පමණක් නොව ඉන්දීය රජයෙන් නිකුත් කළ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් පවා ලැබුණි. මේ සියල්ල පත්මේ විසින් ඉන්දිය පාතාල සාමාජිකයන් සහ ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී සැලසුම් කර තිබුණි.

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ ක්‍රියා මෙරටත් වඩා වැඩිය. මුදල් යහමින් තිබෙනවා නම් ඉන්දියාවට පැනගිය පසු කළ නොහැක්කක් නොමැත. මෙරට නමගිය පාතාල අපරාධකරුවන් රැසක් වෙනත් විදේශ රටවලට පැන ගත්තේ පළමුව ඉන්දියාවට ගොසින්ය.

ඉන්දියාවේ ජාවාරම්කරුවෝ වෙනත් රටවල අපරාධකරුවන් එම රටේ පුද්ගලයන් ලෙස පෙන්වා විදේශ ගුවන් ගමන් බලපත්‍ර පමණක් නොව අවශ්‍ය නම් දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඉගෙන ගත් පාසල, අධ්‍යාපන සහතික ආදී ඕනම දෙයක් සකසා දෙති. ඒ සඳහා විශාල මුදලක් ඔවුහු අය කරති.

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනගොස් වෙනස් වූයේ එලෙසින්ය.

ඉන්දියාවේ වැඩ කටයුතු අවසන් වූ පසු නේපාලයට පැන ගත් සෙව්වන්දි සති කිහිපයක් එහි ගත කළාය. ඒ අතර අවස්ථා දෙකකදී ඩුබායි රාජ්‍ය වෙත යෑමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එහෙත් උත්සාහය අත් නොහැරපු පත්මේ විසින් දැනට සතියකට ඉහතදී ඇයව ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වාගෙන තිබේ. ඒ අනුව දැන් ඇය ඩුබායි රාජ්‍යයේ ආරක්ෂිත ස්ථානයක සැඟවී සිටී.

ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසමින් ඉතා සූක්ෂම ලෙස ඩුබායි රාජ්‍ය වෙත පැන ගිය ඇයව අත්අඩංගුවට ගැනීම දැන් ලෙහෙසි පහසු කටයුක්තක් නොවනු ඇත.

ඉෂාරා සෙව්වන්දි පිළිබඳ සිදුකරන පරීක්ෂණවලදී මෙරට ආරක්ෂක අංශ වෙත මෙම තොරතුරු වලද වැදගත්කමක් තිබෙනු ඇතැයි අපි සිතන්නේමු.

ගයාන් සමරසිංහ
[email protected]

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

1 day ago
Related News
ප්‍රාදේශීය පුවත්

මිලාගිරිය ශාන්ත පාවුළු දැරියන්ගේ දන්සල

ප්‍රාදේශීය පුවත්

කමිටුවේදී දේශබන්දු කරමුලටම අහුවෙන සාක්ෂි

ප්‍රාදේශීය පුවත්

වගාව එපා කියන කණ්ඩලම ගොවියෝ !

ප්‍රාදේශීය පුවත්

වධහිංසා වින්දිතයාට වෙඩි…වෙඩිල්ලට මිතුරා බිලි

ප්‍රාදේශීය පුවත්

දොස්තරගේ පරණ කාර් විජිතය…වෛද්‍ය උපාලි සූරියආරච්චි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok