සිරුරු හඳුනා ගන්න ඩී. එන්. ඒ. පරීක්‍ෂණ
“මම බේරුණේ කොහොමද කියලා හිතාගන්න බැහැ” යනුවෙන් පවසා ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවිගලවා ගත් ඉන්දියා සම්භවයක් සහිත බි්‍රතාන්‍ය ජාතික විශ්වාෂ් කුමාර් රමේෂ් නමැති අයෙකි.
දැනට ඔහු ගුජරාටයේ රෝහලක ප්‍රතිකාර ලබන අතර ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද රමේශ් බලන්නට ගොස් තිබිණි.
අහමදාබාද් පොලිස් කොමසාරිස් ජී. එස්. මලික් AN, පුවත් ඒජන්සිය වෙත පැවසුවේ, ලන්ඩන් බලා ගිය බෝයිං 787-8 ගුවන් යානයේ 11A අසුනේ සිටි එක් අයකු දිවිගලවා ගත් බව යි.
සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක පසුබිමින් දුමාරයක් නැගෙන මධ්‍යයේ, රමේෂ් ගිලන් රථයක් දෙසට ඇවිද යන ආකාරය සටහන් වී තිබිණි.
නමුත් ගුවන් යානයේ සිටි ඔහුගේ සහෝදරයා වන අජේ අතුරුදන් වී තිබේ. ගුවන් අනතුරින් මියගිය මගීන්ගේ සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති නිසා ළඟම ඥාතීන්ගෙන් ලේ ලබාගෙන ඩී.එන්.ඒ. පරීක්ෂාවක් හරහා එම සිරුරු ලබාදීමට රෝහල් බලධාරීහු කටයුතු කරති. මෙය ඉන්දියාවේ සිදුවූ දැවැන්තම හා විශාල හානියක් සිදුවූ ගුවන් අනතුරයි.
චතුර පමුණුව