මෙරට විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සහ අනෙකුත් ඉටු කළ යුතු ක්‍රියාමාර්ග ඉටු කිරීම ගැන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කිරීමෙන් පසු අමෙරිකානු ඩොලර් මිලියන 344 ක ණය මුදලක් ලබාගැනීමට අදාළ අනුමැතිය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.
මෙරට විදුලි ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඒ සඳහා වන සංශෝධිත තොග සැපයුම් ගනුදෙනු ගිණුම් මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අදාළ බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පවසා ඇත. මුල්‍ය අරමුදලේ ඉකුත් ජුනි 12 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව සඳහන් කර ඇත.
2025 අප්‍රේල් 25 වැනිදා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වැනි සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවට එළඹීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර එම ණය පහසුකමට අදාළ මීළඟ වාරිකය ලබාගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත