ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (අයිටීඒකේ) වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් යාපනය මහනගර සභාවේ බලය පිහිටුවා ඇත.
ඒ අනුව මන්ත්‍රීනී විවේකානන්දරාජා මදිවදනි යාපනය මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත්ව තිබේ.
නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේදී ඇයට ඡන්ද 19 ක් ලැබී ඇති අතර ඊපීඩීපී, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල සහාය හිමි විය.
කෙසේවෙතත් මෙහිදී ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇත.