මෙම වසරේ (2025) ජුනි මාසයේ පළමු දින 10 තුළ දී සංචාරකයින් 43,962ක පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765 බවයි ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
ජුනි මාසයේ පළමු දින 10 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජුනි 5 වන දින වන අතර එම ප්‍රමාණය 5,421කි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේල මෙම මාසයේ පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 43,962 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවය. ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්ය.