උතුරු අයර්ලන්තයේ නගරයක ගැහැනු ළමයෙකුව දූෂණය කිරීමට තැත් කිරීමේ සිදුවීමකට විරෝධය පාමින් මුව ආවරණ (මාක්ස් )පැලඳගත් සිය ගණනක් වූ පිරිසක් විසින් ඇතැම් නිවාස හා පොලිසිය ඉලක්ක කරගනිමින් පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයන් එල්ල කර ඇති බව වාර්තා වේ. උතුරු අයර්ලන්තයේ බැලිමේනා නගරයේ ගැහැනු ළමයෙකු දූෂණය කිරීමට තැත් කිරීමේ සිදුවීමකට විරෝධය පාමින් මුව ආවරණ පැලඳි පිරිස් විසින් නිවාස හා පොලිස් නිලධාරීන් වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයන් එල්ල කරමින් ඇතැම් වාහන හා නිවාස ගිනි තබා ඇති බව වාර්තා වේ. ගැහැනු ළමයෙකු දූෂණය කිරීමට තැත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇතත් ඉන් පසුවද විරෝධතාකරුවන් විසින් විරෝධතා පවත්වමින් කළ කෝලාහල කිරීම නිසා එම පිරිස මැඬලීමට පොලිසිය විසින් ජල බවුසර් හා ප්ලාස්ටික් බැටන් පොලු යොදා ගෙන ඇති බව වාර්තා වේ.
ඉකුත් සඳුදා සිට බැලිමේනා නගරයේ හටගෙන ඇති නොසන්සුන්තාවය මැඬලීම සඳහා සන්නද්ධ පොලිස් රථ රැසක් නගරයේ ආරක්ෂාවට යොදවා ඇති බව වාර්තා වේ.