ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයට අයත් ලොස්ඇන්ජලිස් හා සැන් ෆ්‍රැන්සිස්නකෝ යන නගරවලින් ඇරඹි නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ විරෝධතාවන් මේ වනවිට එරට සෙසු නගරවලට ද පැතිර ගොස් තිබේ. මේ අනුව නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ විරෝධතාවන් ටෙක්සාස් ප්‍රාන්තයේ නගර, නිව්යෝර්ක් නගරය ඇතුළු නගර ගණනාවකට මේ වනවිට ව්‍යාප්ත වී ගොස් ඇති අතරපොලිසිය විසින් නිව්යෝර්ක් නගරයේ නීති විරෝධී සංක්‍රමණිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර ඇමරිකානු ආගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් කොටු කරගැනීම සඳහා දියත් කර තිබෙන වැටලීම්වලට එරෙහිව ක්‍රියාත්මක වී පවතින විරෝධතාවන් මැඬලීම පහසු කිරීම සඳහා ලොස්ඇන්ජලිස් නගරයේ
නගරාධිපතිනිය විසින් නගරයේ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය (ඩවුන් ටවුන්) තුළ ඇඳිරි නීතිය පනවා තිබේ. මෙම ඇඳිරි නීතිය මධ්‍යයේ අදාළ දිස්ත්‍රික්කයේ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි. ලොස්ඇන්ජලිස් නගරයේ
නගරාධිපතිනිය වන කැරන් බාස් විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් කොටු කරගැනීමේ වැටලීම්වලට එරෙහිව දියත් කර තිබෙන විරෝධතාවන් මැඬලීම සඳහා මෙසේ ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන ඇති අතර විරෝධතාවන් මධ්‍යයේ හටගෙන ඇති හිංසාකාරී ක්‍රියාවන් හා සොරා කෑම් නැවත්වීමද ඇඳිරි නිතිය පැනවීමේ එක් අරමුණක් බව නගරාධිපතිනිය පවසා තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ