Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මිලියන 538ක පීඩනය තරුණ සේවා නිලධාරීන්ගේ ඇඟට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මිලියන 538ක පීඩනය තරුණ සේවා නිලධාරීන්ගේ ඇඟට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මිලියන 538ක පීඩනය තරුණ සේවා නිලධාරීන්ගේ ඇඟට

5 hours ago
47 Views

ජාතික තරුණ සේවා සභාව මගින් ඉකුත් වර්ෂයේ මුල් මාස අටේදී තාරුණ්‍යය පීඩාවෙන් මුදා ගැනීම සඳහා වූ වැඩසටහන් 06ක් පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 538.79ක මුදලක් වැය කර තිබූ අතර එම මුදල් නිලධාරින්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

මෙකී වැඩසටහන් පැවැත්වීමේ දී රජයේ ප්‍රසම්පාදන, මාර්ගෝපදේශ, නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව හා නීතිමය කටයුතු සිදුකිරීමට ද විගණනය මගින් නිර්දේශ කර ඇත.

2024 පූර්ව ජනාධිපති මැතිවරණ කාලපරිච්ජේදය වූ 2024 ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා වූ මාස අටක කාලයේ දී තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීම සඳහා වූ වැඩසටහන් 06ක් සඳහා මෙම මුදල වැයකොට තිබුණි. මෙම වැඩසටහන් යටතේ ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උළෙල, ජාතික තුරුණු පොසොන් කලාපය, තරුණහමු වැඩසටහන්, දෙසැම්බර් 31 රාත්‍රී ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පවත්වා තිබුණි.

මෙකී වැඩසටහන් සඳහා තවදුරටත් රුපියල් මිලියන 45.29ක මුදලක් ගෙවීමට තිබුණි. මෙම වැඩසටහන් කිසිවක් ජාතික තරුණසේවා සභාවේ ප්‍රමුඛතා කාර්යයන්වලට අදාළ වැඩසටහන් නොවූ අතර ඒවා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් වී නොතිබුණි. මෙම වැඩසටහන් සඳහා රුපියල් මිලියන 493.25ක මුදලක් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අනුමත කර තිබුණි. එහෙත් ලබා දී ඇත්තේ රුපියල් මිලියන 74.20ක මුදලකි. ඉතිරි වියදම වන රුපියල් මිලියන 464.59ක මුදලක් තරුණ සේවා සභාවේ වාර්ෂික ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝගී කර ගෙන ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok