වියළි මිරිස් මෙට්‍රික් ටොන් හතළිස් අට දහසක් පමණ වාර්ෂිකව ආනයනය කිරීමට සිදුවී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන තහවුරු කරයි.
වියළි මිරිස් ආනයනයට රුපියල් බිලියන 52ක් පමණ වැය කිරීමට සිදුව ඇත.
වාර්ෂික දේශීය පරිභෝජනය වියළි මිරිස් මෙට්‍රික් ටොන් 55800 කි. වාර්ෂික අමු මිරිස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 70000ක් බවට දෙපාර්තමේන්තුව ගණන් බලා ඇත. 2018 වසර දක්වා මිරිස් වගාව පුත්තලම, වව්නියාව, කුරුණෑගල, හම්බන්තොට, අනුරාධපුර දිස්ත්‍රික්කවල සහ මහවැලි එච් කලාපයේ ඉහළ මට්ටමින් සිදුවී ඇත. බීජ, පොහොර, කෘෂි රසායන මිල දරා ගත නොහැකි ලෙස ඉහළ යෑම ගොවීන් වගාවෙන් ඉවත්වීමට බලපා ඇත.
80 දශකයේ දී වියළි මිරිස් නිෂ්පාදනය සඳහා වගාව සුළු, මධ්‍යම සහ වාණිජ මට්ටමින් සිදුවී ඇති අතර පසු කාලීන වගාවෙන් ගොවීන් පසු බැසීමෙන් වගාකටයුතු අකර්මණ්‍ය වී ඇත. ඒකපුද්ගල වාර්ෂික වියළි මිරිස් පරිභෝජනය කිලෝ ග්‍රෑම්ස් 2.10 – 2.31 කි. අමු මිරිස් පරිභෝජනය ගණනය කළ නොහැකි අතර අවශ්‍යතාව අනුව පාරිභෝගිකයෝ අමු මිරිස් මිලදී ගැනීමට පෙළඹී සිටිති.
තොග සහ විවෘත වෙළෙඳපළේ වියළි මිරිස් සහ අමු මිරිස් මිල වරින් වර ඉහළ පහළ යෑම ද ගොවීන් වගාවෙන් ඉවත්ව යෑමට බලපා ඇත. කෙසේ වෙතත් මිරිස් වගාව යළි ප්‍රචලිත කිරීමේ අරමුණින් බඳුන්ගත මිරිස් වගාව ගෘහස්ථව ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
නිමල් ගුණතිලක