ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහා පුළුල් ජාතික සන්නාමකරණ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම ජාතික සන්නාමකරණ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන මේ මස (ජුනි) 26 වැනිදා කොළඹ දී එළිදැක්වීමට සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත වරක් අවධානයට ලක්වන තත්ත්වයට පත්ව සංචාරක පැමිණීම් වේගයෙන් වර්ධනය වෙමින් තිබේ.
රජයේ සහ පෞද්ගලික අංශයේ සංචාරක අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්, සංචාරක නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ සම්භාවනීය අමුත්තන් එකම වේදිකාවකට එක් කරමින් මේ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන එළිදැක්වෙනු ඇත.
මෙම සන්ධිස්ථානීය අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් සංචාරක කර්මාන්තයේ වර්ධනය හා සංවර්ධනය මෙහෙයවන නවතම මුලපිරීම් ප්‍රදර්ශනය කරනු ඇති අතර සංචාරකයන්ගේ පැමිණීම්වල කැපී පෙනෙන ප්‍රගතිය ඉස්මතු කරනු ඇති බව ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත