පනත කැබිනට් මණ්ඩලයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කොට විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
ඇමැති මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
රනිල් ධර්මසේන