Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොතලාවල වෛද්‍ය පීඨය ලංකාවේ සිසුන්ට වැසෙයි?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොතලාවල වෛද්‍ය පීඨය ලංකාවේ සිසුන්ට වැසෙයි?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

කොතලාවල වෛද්‍ය පීඨය ලංකාවේ සිසුන්ට වැසෙයි?

11 hours ago
192 Views

අවුරුද්දකට සිසුන් 800ක් පිටරට වෛද්‍ය පීඨවලට…

කොතලාවල වෛද්‍ය පීඨ වාරණය කුහකත්වය ප්‍රදර්ශනය කිරීමක්…

කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගෙනගන්නා බහුතරයක් වෛද්‍යවරුන්ගේ දරුවො…

කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගෙනගන්නෙ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න පුළුවන් සිසුන්…

ළමයෙක් පිටරට යවන්න තැරැව්කරුවන් මිලියන 2ක් ගන්නවා…

විදේශීය විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ගන්න වියදම මිලියන 60යි…

හාල් – පොල් වැඩි මිල ස්ථාවර වී, ලුණුත් හිඟ වී තිබෙන පසුබිමක තවත් ප්‍රශ්න පැටවීම රටේ ජනතාවට දරාගැනීමට අසීරු තරම් ය. එහෙත් ප්‍රශ්න ගොඩ, දිනෙන් දින තර වේ. මේ දිනවල කරළියේ රැව්දෙන ප්‍රමුඛ ගැටලුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මේ වසරේ සිට දේශීය සිවිල් සිසුන් බඳවා නොගැනීම ය. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා විදේශ ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ද පසුගිය 22 වැනි දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. ඔහු ඒ බව ප්‍රකාශ කිරීමට දිනකට පෙර, මැයි මස 21 වැනි දා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විවිධ පාඨමාලා සඳහා සිසු – සිසුවියන් බඳවාගැනීම ප්‍රසිද්ධ කර තිබිණි. රජය විසින් හිටි හැටියේ ප්‍රසිද්ධ කළ වෛද්‍ය පීඨ වාරණයත් සමග වෛද්‍යවරු වීමට සිහින දකිමින් සිටි මෙරට සිසුන් විශාල පිරිසක් අන්ත අසරණ වී සිටින බව වාර්තා වේ.

එමෙන්ම වෛද්‍ය සිහින බොඳ වී ගිය සිසුන් පිරිසක් එම වාරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පසුගිය 02 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබිණි. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් නම් කර තිබිණි. උද්ගතව ඇති කොතලාවල වෛද්‍ය පීඨ ගැටලුව සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ දෙමවුපියන්ගේ පොදු මතය වූයේ ද කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිවිල් සිසුන් ඇතුළත් නොකරගැනීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බව ය. එමෙන්ම කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිවිල් සිසුන් බඳවාගැනීමට දැඩි ලෙස විරුද්ධව සිටිනුයේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරු කණ්ඩායම බව ද ඔවුහු පැවසූහ.

පිටරට වෛද්‍ය විද්‍යාලවලට මෙරට සිසුන් යොමු කරන තැරැව්කරුවන් රට හැම තැන සිටින බව සැබෑ ය. එම තැරැව්කරුවන් විසින් රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වීමට නොහැකි ළමයින්ව ඉහළ මිල ගණන්වලට පිටරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යොමු කිරීමට විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ. පිටරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ළමයි යොමු කිරීම මේ වන විට මෙරට පවතින මහා පරිමාණ ව්‍යාපාරයක් බව ද සැබෑ ය. වසරකට වෛද්‍ය අධ්‍යාපනය සඳහා පමණක් මෙරට සිසුන් 350 – 800ක් අතර සංඛ්‍යාවක් පිටරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙති. විදේශගතව වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට එක් සිසුවෙක්ට රුපියල් මිලියන 30 – 60ක මුදලක් වැය වනු ඇති බව ද වාර්තා වේ. විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් කිරීමට එක් සිසුවකුගෙන් තැරැව්කරුවන් රුපියල් මිලියන 1.5 – 2ත් අතර මුදලක් ලබාගන්නා බව ද වාර්තා වේ. කරුණු අනාවරණය වන ආකාරයට අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගත කිරීමේ ‘තැරැව්කාර ව්‍යාපාරය’ සීතල ජාවාරමක් වී තිබෙන බව පෙනේ. මේ තැරැව්කාර ව්‍යාපාරයට සම්බන්ධ වෛද්‍යවරු කොතලාවල වෛද්‍ය පීඨ වාරණය පිටුපස සිටිනවා ද කියා අපි නොදනිමු. එහෙත් කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිවිල් සිසුන් ඇතුළත් නොකරගැනීම යට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව පෙනේ.

මෙරට සිසුන් බහුතරය වෛද්‍ය අධ්‍යාපනය ලබාගන්නේ මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් සහ මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමට මෙරට ඇති එකම රාජ්‍ය වෛද්‍ය විද්‍යාලය වන ජෙනරාල්, ‘සර් ජෝන් කොතලාවල’ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් පමණි. කොතලාවල වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සියලුම සිසුන් ජීව විද්‍යා අංශයෙන් ’ Z score 1.5 අගයට වඩා වැඩි අගයක් ගත් සහ වැඩි දෙනෙක් උසස් පෙළ ප්‍රතිඵල AAA, AAB, AAC, ABB ලබාගත් සිසු සිසුවියන් වේ. ඔවුන් මෙරට තුළ දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, කෘෂිකාර්මික, ජීව විද්‍යා පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසු – සිසුවියන් මෙන්ම සබරගමුව, ඌව, මොරටුව, වයඹ රජයේ වෛද්‍ය විද්‍යාලවලට සුදුසුකම් ලැබූවෝ වෙති. ඔවුන් එම පීඨවලට ඇතුළත් නොවී, මුදල් වියදම් කරමින් කොතලාවල වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබීම තුළ අවම Z score අගයක් සහිත සිසුන් පිරිසකට රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත්වීමට අවස්ථාව හිමි වේ. ඒ අනුව වසරකට කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් වන සියයක් පමණ දේශීය සිවිල් සිසුන් විසින් තවත් සිසුන් සියයකට ආසන්න පිරිසකට නොමිලේ අධ්‍යාපන කටයුතුවල නියැළීමට සරසවි වරම් හිමි කර දෙනු ලැබේ. එය පැසසිය යුතු පරිත්‍යාගයකි. එමෙන්ම කොතලාවල වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතුවල නිරත වන බහුතරය මෙරට දිස්ත්‍රික්ක කෝටා ක්‍රමය තුළ අසාධාරණයට ලක් වූ සිසුන් ය. කොතලාවල වෛද්‍ය පීඨයේ ඇතැම් සිසුන් ලබාගත් Z score අගයට වඩා අඩු Z score අගයන් ලබාගන්නා සිසුන් රජයේ වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතුවලට නිරත වී සිටින බව ද සැබෑ ය. (නුවරඑළිය, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලින් රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වන සිසුන්)

පවතින දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිර්මාණය කර ඇත්තේ මෙරට සෑම දිස්ත්‍රික්කයකම සිසුන්ට සමාන අධ්‍යාපන අවකාශයක් නොතිබූ වකවානුවක ය. අද තත්ත්වය වෙනස් ය. උසස් පෙළ ජීව විද්‍යා අංශයේ 90%ට වැඩි සිසුන් සංඛ්‍යාවක් පුද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වන අතර දුෂ්කර යැයි හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල සිසුන් ද Online හරහා මෙරට ප්‍රසිද්ධ පුද්ගලික උපකාරක පන්තිවලට යොමු වී අධ්‍යයන කටයුතු කරගෙන යන බව රහසක් නොවේ. ඇතැම් පුද්ගලික උපකාරක පන්තිවල ප්‍රායෝගික පරීක්‍ෂණ සිදු කිරීමට විද්‍යාගාර පහසුකම් ද සලසා ඇත. Online ක්‍රමය ඔස්සේ සියලු විද්‍යාගාර ප්‍රායෝගික පරීක්‍ෂණ සිදු කරනු ලැබේ. ඒ අනුව පවතින ක්‍රමය තුළ අධ්‍යාපනය ලබාගැනීමට අතිදුෂ්කර යැයි සැලකෙන දිස්ත්‍රික්ක මෙරට නොමැති තරම් ය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය ඉදිරියට ද ක්‍රියාත්මක වීම තුළ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතර, ගාල්ල වැනි දිස්ත්‍රික්කවල සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වනු ඇත. එවැනි පසුබිමක, ඇති හැකි පවුල්වල සිසුන්ට මුදල් ගෙවා හෝ කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළු වී වෛද්‍ය සිහිනය සැබෑ කරගැනීමට තිබූ අවස්ථාව ද අහිමි කිරීම අසාධාරණයකි. කොතලාවල වෛද්‍ය පීඨ වාරණයත් සමග දැඩි කලකිරීමට පත් වී සිටින ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසූ වචන දෙසවනේ රැඳෙනවිට මම තිගැස්සිණි.

“කොතලාවල වෛද්‍ය පීඨ වාරණය කුහකත්වය ප්‍රදර්ශනය කිරීමක්. කොතලාවල අධ්‍යාපන පීඨයේ ඉගෙනගන්නා ළමයින්ගෙ දෙමවුපියන් සියලුදෙනා මෙරට සෑම පුරවැසියෙක්ම ගෙවන වක්‍ර බදුවලට අමතරව රජයට බදු ගෙවන පුද්ගලයන්. බහුතරය වෛද්‍යවරුන්. අපි හැමෝම රජයේ විශ්වවිද්‍යාල නඩත්තු කිරීමට යම් දායකත්වයක් ලබාදී අපේ දරුවන්ට පෞද්ගලික ධනයෙන් උගන්වනවා. එහෙම කරලත් අපිට මෙහෙම කරනවා නම් මේ රටේ ඉඳල වැඩක් නෑ. අවම පහසුකම් යටතේ අදටත් අපි මේ රටේ ජීවත් වෙන්නෙ උපන් රට, අපේ රට කියන හැඟීම තියෙන නිසා. ඒත් අපේ දරුවන්ට උගන්වන්න තියෙන එකම අවස්ථාවත් නැති කරනකොට මේ රටේ ඉඳලා ඵලක් නෑ. සියලු දේ විකුණල පිටරටකට යන්න මම තීරණය කරලා ඉවරයි…” ඒ සංවේදී හඬ දෙසවනේ රැව්පිළිරැව් දෙන විට යටි සිත KDU ඉතිහාසයට දිවගියේය.

සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාල පනත යටතේ ‘ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය’ ආරම්භ කර ඇත්තේ 1981 වර්ෂයේදී ය. එම විශ්වවිද්‍යාලය ඉදිකර ඇත්තේ මෙරට හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතා විසින් රජයට පරිත්‍යාග කරන ලද කන්දවල ඉඩමේ ය. කොතලාවල විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ මුඛ්‍ය අරමුණ වූයේ, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා නිලධාරි සිසුන්ට උසස් අධ්‍යාපනය සහ සෙනාරක්‍ෂක පුහුණුව ලබාදීමට ය. ආරම්භයේ සිට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අන්තර්ජාතික යුද විද්‍යාල ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ වෘත්තීය අවශ්‍යතා සපුරාලීම සඳහා අධ්‍යාපනීය විශිෂ්ටත්වය සහ නායකත්වය සංවර්ධනය සමබරව ඉදිරිපත් කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වර්ෂයේදී ‘කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය’ සාමාන්‍ය සිසු – සිසුවියන්ට ද විවෘත කෙරිණි. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය, කළමනාකරණය සහ ගණනයන විද්‍යාව ඇතුළුව බහු අංශ විෂයයන් සඳහා පාඨමාලා පවත්වන බහු විෂය විශ්වවිද්‍යාලයකට පරිවර්ථනය විය. එමෙන්ම මෙරට එකම ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය යි. එවකට ත්‍රිවිධ හමුදාවේ පැවැති වෛද්‍ය නිලධාරීන්ගේ ඌනතාව සම්පූර්ණ කිරීමේ අරමුණින් 2009 වර්ෂයේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරමින් වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලා ආරම්භ කෙරිණි. ත්‍රිවිධ හමුදාවේ පැවැති වෛද්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණවීමත් සමග 2013 වර්ෂයේ සිට විදේශ පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික දෙමවුපියන්ගේ දරුවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම ආරම්භ කෙරිණි. එමෙන්ම ජාතික විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ නිර්ණායක ප්‍රතිසංශෝධනය කිරීම හේතුවෙන් උද්ගත වූ ගැටලුව විසඳීම සඳහා 2022 වර්ෂයේදී සිවිල් සිසුන් 87 දෙනකු කොතලාවල වෛද්‍ය පීඨයයේ වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලා සඳහා යොමු කරවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කෙරිණි. පසුගිය වර්ෂයේ අප්‍රේල් මස 08 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිවිල් සිසුන් බඳවාගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබිණි. එවකට ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණි. අනතුරුව පසුගිය වසරේ සිට ගෙවීමේ පදනම මත සහ උසස් පෙළ Z score අගය හා අනෙකුත් සුදුසුකම් පදනම්ව කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිවිල් සිසුන් බඳවාගැනීම ආරම්භ කෙරිණි. එහෙත් වර්තමාන රජය කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිවිල් සිසුන් ඇතුළත් කරගැනීම නතර කෙරිණි.

“මේ වාරණය රටේ අනාගතයට ගහපු මරු පහරක්…” වෛද්‍ය ඊ.සී.වී. සිල්වා මහත්මියගේ උස් හඬින් මම පියවි සිහියට පැමිණියෙමි.

“කොතලාවල වෛද්‍ය පීඨය කියන්නෙ, අඩු ලකුණු ළමයි ගන්න පෞද්ගලික වෛද්‍ය පීඨ කඩයක් නෙමෙයි. ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ අවසරය ලත් රජයට බරක් නොවී පවත්වාගෙන යන විශ්වවිද්‍යාලයක්. රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න සමහර වෛද්‍ය සිසුන්ටත් වඩා ඉහළ ලකුණු තියෙන ළමයි කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගෙනගන්නවා. ඒ ගුණාත්මකභාවය නිසාම කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට ලෝකයේ හොද පිළිගැනීමක් තියෙනවා. විදේශීය සිසු – සිසුවියන් විශාල පිරිසක් කොතලාවල වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. උපාධි පාඨමාලා මිල ගණනුත් බොහොම සාධාරණයි. වෛද්‍ය පීඨයේ වසර 05 උපාධි පාඨමාලාවට මෙවර ගාස්තුව රුපියල් ලක්‍ෂ 175යි. සිසුන් 150ට වැඩි පිරිසකට අධ්‍යයන කටයුතු කරගෙන යෑමට පහසුකම් තියෙනවා. මවුපියන්ගේ රැකවරණය යටතේ නිවෙස්වල ඉඳලා ළමයින්ට විශ්වවිද්‍යාලයට යන්න එන්න පුළුවන්. ළමයින්ටත් උපන් රටේ මානසික නිදහසින් අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. කොතලාවල විශ්වවිද්‍යාලය රටේ ආර්ථිකයටත් විශාල ශක්තියක්. එම වෛද්‍ය පීඨය දේශීය සිවිල් සිසුන්ට වසා දෑමීම නිසා වෛද්‍ය උපාධි ලබාගන්න මෙරට සිසුන් විශාල පිරිසක් විදේශීය රටවල විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. දෙමවුපියො කොහොමහරි දරුවන්ට උගන්වනවා…” ඇය නිහඬ වූවාය.

එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ටේ්‍රලියාව, කැනඩාව, කොරියාව, රුසියාව, ජාපනය, චීනය, මැලේසියාව, පිලිපිනය, තායිලන්තය, පාකිස්තානය, නේපාලය, ඉන්දියාව බංග්ලාදේශය, බෙලරූස් ආදී ලෝකයේ විවිධ රටවල විශ්වවිද්‍යාවල මෙරට ළමයි උපාධි පාඨමාලා හදාරන බව සැබෑ ය. මෙරට සිසුන් උපාධි හදාරන ලෝකයේ විශ්වවිද්‍යාලවලට සාපේක්‍ෂව ඇමරිකානු පෞද්ගලික විශ්වවිද්‍යාලවල අය කිරීම අතිශය වැඩි ය. ලොස්ඇන්ජලීස් නුවර ‘යුනිවර්සිටි ඔෆ් සදන් කැලිෆෝනියා’ ටියුෂන් ගාස්තු සහ නවාතැන් පහසුකම් සඳහා පමණක් වසරකට ඇමරිකානු ඩොලර් පනස් දහසකට වැඩි මුදලක් ගෙවිය යුතු ය. කෑම – බීම වෙනත් පහසුකම් සඳහා අමතරව වියදම් කළ යුතු ය. නෝර්ත් වෙස්ටන් විශ්වවිද්‍යාලයේ පන්ති ගාස්තුවලට පමණක් වසරකට ඇමරිකන් ඩොලර් විසිදහසක් පමණ ගෙවිය යුතුය. එහෙත් මෙරට සිසුන් එම විශ්වවිද්‍යාලවල ද උපාධි පාඨමාලා කරගෙන යන බව සැබෑ ය. ඇමරිකාවේ මැසිටියුට් ප්‍රාන්තයේ ලෝක ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල රාශියක් පිහිටා තිබේ. එම ප්‍රාන්තයේ ප්‍රධාන ආදායම බවට පත් වී ඇත්තේ විදේශීය රටවලින් පැමිණෙන සිසුන්ගෙන් ලැබෙන විශ්වවිද්‍යාල ගාස්තු ය. ඇමරිකානු පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් රජයට, ප්‍රාන්ත රජයන්වලට විශාල ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන බව ද වාර්තා වේ. එමෙන්ම ඇමරිකාවේ වෛද්‍ය පීඨයකින් උපාධි ලබාගැනීමට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදු වේ. එහෙයින් එරට ළමයි ද වෙනත් රටවල විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී වෛද්‍ය උපාධි පාඨමාලා කරගෙන යන බව වාර්තා වේ. ජේ. ආර්. ජයවර්ධන රජය කාලයේ ආරම්භ කළ රාගම වෛද්‍ය පීඨයේ ඇමරිකානු ළමයි විශාල වශයෙන් අධ්‍යාපනය ලැබුවේ ය. කාගේ වුවමනාවකට හෝ රටේ අවාසනාවකට එම වෛද්‍ය පීඨයට පිටරට ළමයි ඇතුළත් කරගැනීම නතර කළේ ය. කොතලාවල වෛද්‍ය පීඨයේ සිදු වී ඇත්තේ එහි කණපිට ය. දේශීය සිසුන්ට වැට බැඳීම ය.

අපට හැඟෙන විදිහට පිටරට විශ්වවිද්‍යාලයකට දරුවෙක්ව යොමු කළ හැකි මවුපියන් මෙරට ජීවත් වනුයේ සුළුතරයකි. පිටරට විශ්වවිද්‍යාලයකට ඇතුළත් කර දරුවන්ට ඉගැන්වීමට එම සුළුතරය වියදම් කරනුයේ ද අපේ රටේ මුදල් ය. එමෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා වසරකට අතිවිශාල විදේශ විනිමයක් මෙරටින් පිටරටවලට ගලාගෙන යන්නේ ය. එහෙයින් වර්තමාන රජය කළ යුත්තේ කොතලාවල වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට තහනම් කිරීම නොවේ. වැඩි වැඩියෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පසුබිම සකස් කොට ඇමරිකාවේ මැසිටියුට් ප්‍රාන්තය මෙන් මෙරට අධ්‍යාපනය ලෝකයට විවෘත කිරීම ය. ඒ තුළින් ඉහළ විදේශ විනිමයක් ඉපැයීම ය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ කොතලාවල වෛද්‍ය පීඨයත් දේශීය සිවිල් සිසුන්ට වසා දමා ඔවුන්ව ද පිටරට විශ්වවිද්‍යාලවලට තල්ලු කිරීම ය. ඒ ළමයි සමග පිටරටට ගලා යනුයේ මෙරට මුදල් ය. ‘සිස්ටම් චේන්ජ්’ එක අපූරු ය. පංකාදුය. ඒ ගැන කියන්න තවත් වචන නැත.

තරංග රත්නවීර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
විශේෂාංග

සිල්ලර දේශපාලනය, ජාතික ආරක්ෂාව සහ PTA

විශේෂාංග

බදු ශක්ති තෝරු මෝරුන්ටද?

විශේෂාංග

ශ්‍රී ලන්කන්ට පියාඹන්න පුළුවන්ද?

විශේෂාංග

සාම්පූර් කොට්ටියාර් බොක්කේ සුන්දර නවාතැන

විශේෂාංග

කෝටි 120 පිල්ලි යවපු ෆොරින් බියුරෝවේ වෙළෙඳ කුටි සෙල්ලම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok