Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සිල්ලර දේශපාලනය, ජාතික ආරක්ෂාව සහ PTA
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සිල්ලර දේශපාලනය, ජාතික ආරක්ෂාව සහ PTA
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

සිල්ලර දේශපාලනය, ජාතික ආරක්ෂාව සහ PTA

6 hours ago
106 Views

රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක අවශ්‍යතාවය අවධාරණය කරයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය කුමක්ද?

රට සලිත කළ අරුගම්බේ අනතරු ඇඟවීම

PTA සම්බන්ධයෙන් මැතිසබයේ එකඟතාවයක් අත්‍යවශ්‍යය

බෙදුම්වාදී ත්‍රස්තවාදය සහ වින්දිත මුස්ලිම් ප්‍රජාව

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ජාතික ජනබලවේගය (ජාජබ) ජනාධිපතිවරණයට පෙර පොරොන්දු විය. එම පක්ෂයේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශයට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළුව සියලුම පීඩාකාරී පනත් අහෝසි කිරීම මගින් රටේ සෑම පළාතකම ජීවත්වන ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කරන බවට පොරොන්දු විය. ඒ 2024 අගෝස්තු මාසයේදී, ජනාධිපතිවරණයට සති කීපයකට පෙරය. මහ මැතිවරණයට සති කීපයකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් (නීති කටයුතු) නීතිඥ ජේ. එම්. විජයබණ්ඩාර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකරන බවට පැහැදිලි ඉඟියක් කළේය. එම පනත අවභාවිතා කිරීමට අවස්ථාවක් නොදෙන බවට ප්‍රකාශ කළ නීතිඥවරයා විශ්වසනීය බුද්ධි තොරතුරු මත පමනක් එය ක්‍රියාත්මක කරන බව පැවසීය.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ජාජබ දුන් පොරොන්දුව කඩ කිරීම සම්බන්ධයෙන් ‘නීතිඥ සාමූහිකය’ දැඩි විරෝධයක් පල කළේය. ‘නීතිඥ සාමූහිකය’ නිකුත් කළ ප්‍රකාශයට අත්සන් කළ අය අතර ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, හිටපු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, හිටපු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, හිටපු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ එම්. එම්. සුහෙර් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් වූ ජනාධිපති නීතිඥවරුන් වන ජෙෆ්රි අලගරත්නම් සහ සාලිය පීරිස් ද විය. ඔවුන් අවධාරණය කළේ අනුර කුමාර ජනාධිපතිවරයා ජනාධිපතිවරණ මැතිවරණ පොරොන්දුව ඉටු කළ යුතු බවය. එලෙසම ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියා මාර්ග ලෝකය පිළිගත් මානව හිමිකම් ආරක්ෂාවන් සමග එකඟ විය යුතු බව අවධාරණය කළේය.

පසුගියදා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් තම ස්ථාවරය රටට ඉදිරිපත් කළේය. එම ස්ථාවරය ජාජබ ප්‍රකාශයට පත් කළ මැතිවරණ පොරොන්දුවක් කඩවුවත්, ධනාත්මක තීරණයකි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක දැඩි අවශ්‍යතාවය අවධාරණය කළේය. ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී මෙවැනි පනතක් අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා තමන් හමුවීමට පැමිණි සිවිල් සංවිධාන නියෝජිතයන්ට ලෝකයේ වෙනත් රටවල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ක්‍රියාත්මක බව පෙන්වා දුන්නේය. රට ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන බැවින් මෙවැනි පනතක් පැවතිය යුතු බවද අමාත්‍යතුමා අවධාරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත ඉවත් කර ඒ වෙනුවට නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයන් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් භාර
ගැනීමෙන් පසුව අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය. තවදුරටත් රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් කිසිදු විචිකිච්චාවක් නැත.

කිසිදු පැකිලීමකින් තොරව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා (පාර්ලිමේන්තුවට 2024 දී කොළඹින් ඇතුළු වූ ඔහු අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන පළමුවන නවක මහජන නියෝජිතයාය) ලෙස කළ එම ප්‍රකාශයට එතුමාට මහජන ගෞරවය හිමිවිය යුතුය. වසර 30 ක දමිළ බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් සහ 1971 සහ 1987-1990 කාලය තුළ දකුණේ ජවිපෙ ත්‍රස්තවාදයට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවට කිසිසේත්ම ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අහිමි කරගත නොහැක. එසේ කිරීමට ජනවරමක් ජාතික ජනබලවේගයට (ජාජබ) නැත. මැතිවරණ පොරොන්දු සහ ජාතික ආරක්ෂාව පටලවා ගත යුතු නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත (1979 අංක 48 දරන පනත) ස්ථිර පනතක් බවට 1982 අංක 10 සංශෝධනය මගින් පරිවර්තනය කිරීම සිදුවිය. එදා එක්සත් ජාතික පක්ෂයට වෙන විකල්පයක් තිබුණේ නැත. ඊට වසරකට පසුව බෙදුම්වාදී ත්‍රස්තවාදය පුපුරා ගිය අතර 2009 වන තුරුම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ පොලිසිය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළේය. ඒ සටන අතරතුර ජවිපෙ තර්ජනයටද මුහුණ දීමට ආරක්ෂක හමුදා සහ පොලිසියට සිදුවිය.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය නොවන බවට අදහස් පලවිය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නැතහොත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඊට එරෙහිව සටන තිව්‍ර කළේය. යුරෝපා සංගමයද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු බවට දැඩි මතයක් දරන බව අමුතුවෙන් කිවයුතු නැත. එජාපය සහ ශ්‍රීලනිපය එක්වී ගොඩනැඟුව යහපාලන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා අරලියගහ මන්දිරයේ පැවැත්වූයේ බටහිර තානාපතිවරුන් සහ එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි. නමුත් බටහිරට සහ ඔවුන්ගේ ඒජන්තයන්ට අවශ්‍ය වූයේ නව පනතක් නොව ක්‍රියාත්මක පනත අවලංගු කර දැමීමයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත් විය. තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට දෙමළ කතා කරන ජනතාව ඉලක්ක කර එම පනත ඉවත් කිරීම ඡන්ද පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කිරීමට දේශපාලනඥයන් උත්සුක විය. කොටි සංවිධානය ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදය දෙමළ කතා කරන ජනතාව වින්දිතයන් බවට පත් කළ බව පාර්ලිමේන්තුව නියෝජය කරන පක්ෂවලට අමතක විය. අවස්ථාවාදී දේශපාලනයේ ස්වරූපය එයයි.

එජාප – ශ්‍රීලනිප යහපාලන නායකයන් ජාතික ආරක්ෂාව නොසලකා හැරියේය. එවකට යාපනය නියෝජනය කළ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා (තමිල් අරසුකච්චි පක්ෂය) ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව කළ කුමන්ත්‍රණය හෙළිදරව් වූ පසුවවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීමට ඒ ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොවීය. එජාප – ශ්‍රීලනිප නායකත්වයට ජාතික ආරක්ෂාව විහිළුවක් විය. ත්‍රස්තවාදීන්ගෙන් (රට, ජාතිය සහ ආගම අදාළ නැත) ඕනෑම අවස්ථාවක අදහාගත නොහැකි තත්ත්වයක ප්‍රහාරයක් එල්ල විය හැකි බව ඔවුන්ට අවබෝධ වූයේ 2019 පාස්කු සංහාරයත් සමගය. සුමන්තිරන්ටත් අවශ්‍ය වූයේ PTA අහෝසි කර දැමීමටය. එම ජනාධිපති නීතිඥවරයා පෙනී සිටියේ ද තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කළ ත්‍රස්තවාදීන් හිතෛෂීන් වෙනුවෙනි. ද්‍රවිඩ ත්‍රස්තවාදීන් සහ ජවිපෙ ඝාතනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දුසිම් ගණනකි.

මෑතකදී අරුගම්බේ ප්‍රදේශයට (2024 ඔක්තෝම්බර් අග) විදේශීය ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමෙරිකාව, ඊශ්‍රායලය, රුසියාව සහ එංගලන්තය අනතුරු ඇඟවූ බවවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව හඬ නඟන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට අදාළ නැත. ජාජබ ඉහළින්ම ජයග්‍රහණය කළ මහ මැතිවරණයට සති කීපයකට පෙර අරුගම්බේ සම්බන්ධව ඇතිවූ තත්ත්වය රට කෙතරම් අනාරක්ෂිත තත්ත්වයකට පත් කළාද? ආණ්ඩුව හිරිවැටුන බව කිව යුතුය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සෑම රජයක්ම අවභාවිතා කර ඇත. ඊට ශ්‍රී ලංකාව වගකිව යුතුය. දැනට ක්‍රියාත්මක පනත සමස්ත නීති රාමුවෙන් පිට ක්‍රියාත්මක කිරීම වැළැක්විය යුතුය. එම පනත දේශපාලනික ආයුධයක් ලෙස පාවිච්චි කිරීමේ අවස්ථාව වැළක්විය යුතුය. නමුත් තම ජීවිත පරදුවට තබා රටට එරෙහිව එල්ල වන තර්ජන මැඬපැවැත්වීමට කටයුතු කරන ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ශක්තිමත් නීති ප්‍රතිපාදන තිබිය යුතුය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉතාමත් නිවැරදිව අවධාරණය කළ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ක්‍රියාත්මක කරන එකම රට ශ්‍රී ලංකාව නොවේ. අනෙකුත් රටවලද එවැනි නීති ක්‍රියාත්මකය. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළ කෙටි අදහස් දැක්වීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල අවධානයට යොමු විය යුතුය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ඊට අදාළ ආංශික අධීක්ෂණ කොමිටියේ අවධානයට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට කරන බලපෑම ලක්විය යුතු නොවේද? ජාතික ශූරා කවුන්සිලය සහ යාපනයේ නීතිඥ සංගමය ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් අවශ්‍ය නොවන බවට කළ ප්‍රකාශය අතිශය බරපතළය. එවැනි ස්ථාවරයක් එම සංවිධානවලට ගත හැකිද? ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිවැරදිව සහ වගකිව යුතු ලෙස කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමයි. මැතිවරණ වේදිකාවේ මොනයම් ආකාරයේ පොරොන්දු වුවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැක. නමුත් ජාජබ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට දුන් පොරොන්දුව ඉටු නොකිරීම සම්බන්ධයෙන් රජයට පහර ගැසීමට ජාතික ශූරා කවුන්සිලය සහ යාපනයේ නීතිඥ සංගමයට පූර්ණ අයිතියක් නැත. එම අයිතිය අභියෝගයට ලක් කිරීමට නොහැකිය.

දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, එම පනත අහෝසිකර නව පනතක් හඳුන්වාදීම සහ ශ්‍රී ලංකාවට එවැනි පනතක් අවශ්‍ය නොවන බවට මත පළකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස කුමක්ද? යාපනයේ නීතිඥ සංගමය මෑතකදී පල කළ ආන්දෝලනාත්මක මතය විමසීමකින් තොරව බැහැර කළ නොහැකිය.

ශ්‍රී ලංකාව සහ කොටි සංවිධානය අතර නොර්වේ රජයේ මැදිහත්වීමෙන් 2002 පෙබරවාරි 22 වන දින අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුමේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහන් විය. එවකට ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගෙන් ඒ පිළිබඳව කිසිදු විමසීමක් එජාප නායකත්වය කළේ නැත. එජාපය හිතුවක්කාර ලෙස කටයුතු කළේය. ඊට දැඩි වන්දියක් ගෙවීමට එම පක්ෂයට සහ රටට සිදුවිය. සටන් විරාම ගිවිසුමේ 2:12 වගන්තිය අනුව සෝදිසි මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොකිරීමට ආණ්ඩුව කොටි සංවිධානය සමග එකඟ විය. අත්අඩංගුවට ගැනීම් දණ්ඩ විධාන සංග්‍රහය යටතේ කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.

හතරවන ඊළාම් යුද්ධයට සූදානම් වෙමින් සිටි කොටි සංවිධානයේ අවශ්‍යතාවය පිළිබඳව කිසිවකු පුදුම විය යුතු නැත. කොළඹ සහ අවට ප්‍රදේශවල රහස් මෙහෙයුම්වල යෙදී සිටි ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ට පහසුකම් සපයන පුද්ගලයන්/පවුල්වලට ආරක්ෂාකාරී පරිසරයක් නිර්මානය කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රීය කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. ආණ්ඩුව ඒ අවස්ථාව ත්‍රස්තවාදීන්ට ලබා දුන් බව අමුතුවෙන් කිවයුතු නැත.

එවකට විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් තම අංක 36, බුලස් ලෙන් කොළඹ 7 නිවසේදී 2005 අගෝස්තු 12 දින රාත්‍රියේ ඝාතනය කිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රීය කිරීම පිටුවහලක් වූවාද? කොටි ඝාතකයා විදේශ අමාත්‍යවරයාගේ අසල්වැසියාගේ අංක 42 දරන නිවසේ උඩු මහලේ නාන කාමරයේ සිට ක්‍රියාත්මක වීම ඛේදවාචකයක් නොවේද?

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව කළ යුද්ධයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්‍යවශ්‍ය කාර්යයක් ඉටු කළේය. එම පනත දෙමළ ප්‍රජාව ඉලක්ක කර ක්‍රියාත්මක කළ නීතියක් නොවේ. නමුත් දෙමළ ජාතිකයන් ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදීම තුළ අනිවාර්යෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔවුන්ට දැඩි බලපෑමක් කළේය. ජවිපෙ සම්බන්ධයෙන් තත්ත්වයද එයමය. ත්‍රස්තවාදීන්ට නිදහසේ කටයුතු කිරීමට නීති අක්‍රීය කරන පිළිවෙතක් කිසිදු රටකට අනුගමනය කළ නොහැක.

ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන මහා බි්‍රතාන්‍යයේද ත්‍රස්තවාදයට එරෙහිව අන පනත් ක්‍රියාත්මකය. ත්‍රස්තවාදයට ඉඩ දීමට මහා බි්‍රතාන්‍යයට නොහැකිය. ඕනෑම අවස්ථාවක එල්ල විය හැකි තර්ජනයක් මැඬපැවැත්වීමට මහා බි්‍රතාන්‍යයේ ආරක්ෂක බලධාරීන් සූදානම්ව සිටිය යුතුය. එම සූදානම නිසියාකාරයෙන් පවත්වාගෙන යෑමට සහ ඇතිවිය හැකි ඕනෑම තර්ජනයකට මුහුණ දීමට ත්‍රස්තවාදයට එරෙහි පුළුල් නීති පද්ධතියක් අවශ්‍යය.

ත්‍රස්තවාදයට එරෙහිව දැඩි නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන තවත් රටක් වන්නේ ඉන්දියාවයි. ලංකාවේ ත්‍රස්තවාදය ව්‍යාප්ත කළ ඉන්දියාවට ඊට වන්දී ගෙවීමට සිදුවිය. එය වෙනමම කතාවකි.

නමුත් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතකින් සන්නද්ධ වී සිටීම පිළිබඳව මහා බි්‍රතාන්‍යය නිරතුරුවම කනස්සල්ල පල කිරීම විහිළුවකි. හිටපු කොටි ත්‍රස්තවාදීන් සහ අනෙකුත් දෙමළ ත්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් විශාල ගණනකට තම පුරවැසිභාවය (ඡන්දය දීමේ අයිතිය) පිරිනමා ඇති මහා බි්‍රතාන්‍ය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධ වීම පුදුමයකි. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ කොටි ස්වයන් ඝාතක තරුණියන්ට පවා සයිනයිඩ් කරල් පැළැන්දවූ ඇඩිලේ බාලසිංහම් මහා බි්‍රතාන්‍යයේ අදටත් වාසය කරන්නේ කිසිදු අවහිරතාවයකින් තොරවය. මිනීමරු කොටි ත්‍රස්තවාදී නායකත්වයට උපදෙස් දුන් 2006 දෙසැම්බර් මාසයේදී මහා බි්‍රතාන්‍යයේ දී මියගිය ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති බි්‍රතාන්‍ය ජාතික ඇන්ටන් බාලසිංහම්ගේ ඔස්ටේ්‍රලියානු ජාතික බිරිඳ ඇඩිලේය. ඇත්ත වශයෙන් ඇය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත යුතු තැනැත්තියකි. ඉන්දීය කොංග්‍රස් නායක රජීව් ගාන්ධි මීට වසර 34 කට පෙර දකුණු ඉන්දියාවේ මැතිවරණ රැලියකදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විනාශ කළ දෙමළ තරුණියට සයිනයිඩ් කරල පැළැන්දුවේ ඇඩිලේ ද ?.

ත්‍රස්තවාදීන් වෙනුවෙන් මුදලට, දේශපාලන වාසියට සහ මරණ තර්ජන හේතුවෙන් පෙනී සිටින පුද්ගලයන් ලෝකයේ සෑම රටකම සිටිති. වෙල්ලමුල්ලිවෛක්කාල් හිදී කොටි ත්‍රස්තවාදීන්ට හිමිවූ පරාජය වෙනුවෙන් කිඹුල් කඳුළු සලනවුන්ට අසහාය දෙමළ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් සහ වෙට්ටිවෙලු යෝගේශ්වරන් කොළඹදී ඝාතනය කළේ ප්‍රභාකරන්ගේ නියෝගයෙන් බව මතක නැත. නැතහොත් වුවමනාවෙන් අමතක කර ඇත.

ප්‍රභාකරන්ගේ නියෝගයෙන් 1999 ජුලි 29 වන දින කොළඹදී ආචාර්ය නීලන් තිරුචෙල්වම් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විනාශ කිරීම දෙමළ සංහාරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා කරන අවස්ථාවාදීන්ට මතක නැත. නැතහොත් වුවමනාවෙන් අමතක කර ඇත.

ත්‍රස්තවාදය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග පැකිලීමකින් තොරව ගැනීමට සිදුවූයේ මෙම මිනීමරු කල්ලිය විනාශ කර දැමීමට බව අමතක නොකරන්න. පාසල් යන දරුවන් ගැහැණු/පිරිමි වෙනසකින් තොරව බලෙන් කොටි සංවිධානයට බඳවා ගත් බව මානව හිමිකම් ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන්ට අමතකය. කොටි ත්‍රස්තවාදීන් තමන්ට කිසිදා ජයග්‍රහණය කළ නොහැකි යුද්ධයකට දරුවන් කොපමන බිලි දුන්නාද ?

ජාජබ ආණ්ඩුව කිසිදු පැකිලීමකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නැවතත් එම ප්‍රතිපාදන වෙනත් නීතියක් හරහා සම්මත නොකළ යුතු බවට කරන අසාධාරණ ඉල්ලීම කුණු කූඩයට දැමිය යුතුය. නමුත් ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කළ යුතු නීති දේශපාලන කෝන්තර පිරිමැසීමට හෝ අවභාවිත කරන ඕනෑම පොලිස් හෝ ආරක්ෂක හමුදා සාමාජිකයකුට තරාතිරම නොබලා දඬුවම් කිරීමේ වගකීම රජය ගත යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
විශේෂාංග

බදු ශක්ති තෝරු මෝරුන්ටද?

විශේෂාංග

කොතලාවල වෛද්‍ය පීඨය ලංකාවේ සිසුන්ට වැසෙයි?

විශේෂාංග

ශ්‍රී ලන්කන්ට පියාඹන්න පුළුවන්ද?

විශේෂාංග

සාම්පූර් කොට්ටියාර් බොක්කේ සුන්දර නවාතැන

විශේෂාංග

කෝටි 120 පිල්ලි යවපු ෆොරින් බියුරෝවේ වෙළෙඳ කුටි සෙල්ලම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok