තව 2ක් කොළඹ තැන් දෙකක තියෙනවා: මේවා සුළුවෙන් තකන්න එපා – මුජිබර් රහුමාන්
ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආගමික සහ සංස්කෘතික මධ්‍යස්ථාන 04ක් මෙරට පිහිටුවා ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.
ඉන් එක් මධ්‍යස්ථානයක් පොතුවිල් හිද, අනෙක් ඒවා වැලිගම, තිඹිරිගස්යාය සහ ඇල්ල යන ප්‍රදේශවල ද පිහිටා ඇති බවට තොරතුරු වාර්තා වන බව සමගිජන බලවේගය මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම මධ්‍යස්ථාන අතරින් දෙකක් නීත්‍යානුකූල අන්දමින් ලියාපදිංචි වී ඇති බවත් පොතුවිල් සහ තිඹිරිගස්යාය මධ්‍යස්ථාන දෙක ලියාපදංචි කර නැති බවත් පැවසූ ඇමැතිවරයා පොතුවිල් මධ්‍යස්ථානයට සංචාරක සමයේදී සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බවට එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් වාර්තා කර ඇතැයි ද කීය.
ආගමික කටයුතු වෙනුවෙන් යැයි කියමින් තිඹිරිගස්යාය මධ්‍යස්ථානයේ ඊශ්‍රායල් ජාතිකයන් 04 දෙනකු රැඳී සිටින අතර ඉන් පිටත වෙසෙන ඊශ්‍රායල් ජාතිකයන් එහි පැමිණ ආගමික කටයුතුවල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම පැවසීය. මෙම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි කර ඇති වැලිගම සහ ඇල්ල මධ්‍යස්ථාන දෙක සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2022-04-21 දින ලියාපදිංචි කර ඇතැයි ද, ඇමැතිවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් එම මධ්‍යස්ථාන 04 ට අමතරව කොළඹ 07 චිත්තම්පලම් ගාඩ්නර් මාවතේ ප්‍රසිද්ධ හෝටලයක් ඉදිරිපිට සහ දෙහිවල අල්විස් පෙදෙසේ ද තවත් මධ්‍යස්ථාන 02ක් පිහිටුවා ඇති බවත් ඒවාට දී තිබූ එස්ටීඑෆ් ආරක්ෂාව ඉවත් කළද පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇති බවත් මුජිබර් රහුමාන් මහතා කීය. මෙම ඊශ්‍රායල් ආගමික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සුමට ලෙස නොසලකන ලෙස මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන