රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණිය සඳහා පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මෙම මස 13දා අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන් සහ පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඊට සම්බන්ධ විය හැක.
මේ වසරේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන, එනම් ලබන වසරේදී උසස් පෙළ විභාගයට මුල්වරට පෙනී සිටින සිසුන්ට පමණක් මෙම විභාගය සඳහා අයදුම් කළ හැකිබව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුජීව තත්සර