පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් පහක වෘත්තීය සංගම් ඊයේ (05දා) දිවයින පුරා රෝහල්වල ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩපණව, රෝගීහු අපහසුතාවයට ලක්වූහ.
පරිපූරක වෛද්‍ය සේවාවේ සම සෞඛ්‍ය උපාධිධාරී ගැටලුව සහ කොතලාවල විශ්වවිද්‍යාලයීය වෛද්‍ය උපාධිධාරී ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කර ගනිමින් ආරම්භ කර තිබූ මෙම අඛණ්ඩ වැඩවර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ (05දා) රාත්‍රිය වන තුරුත් තීරණයක් ගෙන නොතිබිණි.
සිය ගැටලුවලට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඇමැතිවරයා විසඳුම් ඉදිරිපත් නොකිරීමත්, සාකච්ඡාවක් ලබා නොදීමත් හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත පිවිසීමට හේතු වූ බවත්, රෝගී ජනතාවට අත්විඳීමට සිදුවන අපහසුතාවන්ට අමාත්‍යාංශය සහ ඇමැතිවරයා වගකිව යුතු බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (05දා) පැවසීය.
ඊයේ පැවැති වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් එක්ව සිටියහ. පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් මෙන්ම මධ්‍යම ලේ බැංකුව ඇතුළු අත්‍යවශ්‍ය රෝහල් සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ බවද හෙතෙම සඳහන් කළේය.
සුජීව තත්සර