සමුද්‍රීය අපරාධ මැඬපැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් ඉහළ කාර්ය සාධනයක් සහිත ස්ටැබීක්‍රාෆට් මුර සංචාරක යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ලබාදී ඇත.
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සිය ඒකාබද්ධ මෙහෙයුම් ඔස්සේ බුද්ධි අංශවල සහයෝගිතාව, දියුණු උපකරණ සැපයීම සහ ප්‍රජා සම්බන්ධතා සවිමත් කිරීම හරහා මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, අනවසර මසුන් ඇල්ලීම ඇතුළු නීතියට පටහැනි අපරාධ මැඬපවත්වමින් කලාපීය සමුද්‍ර ආරක්ෂාව තහවුරු කිරීමට එක්ව කටයුතු කරයි. දිසිරැළ දෙවන අදියර ලෙස මෙය දියත් කෙරේ. මෙම වැඩසටහනේ අනාගත ප්‍රවේශයක් ලෙස රුපියල් ලක්ෂ 120ක වටිනාකමින් යුතු දියුණු තාක්‍ෂණයෙන් නිමවූ නිරීක්‍ෂණ ඩ්‍රෝන යාත්‍රා හා සමුද්‍රීය නිරීක්ෂණ මෙවලම් රැසක් දිවයිනට ලබාදීමට ද ඔස්ට්‍රේලියාව සැලසුම් කර ඇත.
පැය 24 පුරාම ක්‍රියාත්මක 106 දුරකථන අංකය වෙත ක්‍ෂණික ඇමතුමක් ලබාදෙමින් සැකසහිත සමුද්‍රීය ක්‍රියාකාරකම් පිළිබඳව නිර්නාමිකව වාර්තා කිරීමට මහජනතාවට අවස්ථාව ඇත.
චමින්ද සිල්වා