Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රුහුණේ සෑගිරිය මනරම් සිතුල්පව්ව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රුහුණේ සෑගිරිය මනරම් සිතුල්පව්ව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

රුහුණේ සෑගිරිය මනරම් සිතුල්පව්ව

3 days ago
291 Views

මිහිඳු මාහිමියන් වහන්සේ ලක්දිවට වැඩමකොට දේවානම්පියතිස්ස රජුගේ උපකාර ඇතිව මෙරට බුදුසසුන තහවුරු කළ බව අපි අසා ඇත්තෙමු. උන්වහන්සේ තථාගත ධර්මය මෙරට ජනතාව අතර පැතිරවීම සඳහා මූලස්ථානය කොටගත්තේ අනුරාධපුර මහාවිහාරයයි. රජරට ප්‍රදේශයේ බුදුදහම පැතිර යත්ම ලක්දිව අනෙක් කෙළවරේ පිහිටි රෝහණ ජනපදය ද බුදුදහම පිළිගැනීමට සූදානමින් සිටියේය. ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමේ උත්සවයට කතරගම ක්ෂත්‍රියයන් සහභාගි වී ප්‍රීති ප්‍රමෝදයට පත්වීම ඒ සඳහා හේතු වන්නට ඇත.

ගාල්ල යටගල රජමහ විහාරය සිතුල්පව්ව රජමහ විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති තල්පේ ආරියජෝති නාහිමි

බුදු රජාණන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩි ගමනේදී කතරගම මහාසේන රජු ඇතුළු බොහෝදෙනෙක් බුදුදහම වැලඳගත් අතර බුදුරජාණන් වහන්සේ කතරගම ක්ෂත්‍රියයන්ට කිහිරි වනයේදී ධර්මදේශනා කළ තැන කිහිරි වෙහෙර (කිරි වෙහෙර) ඉදිකරවන ලද්දේ කතරගම ක්ෂත්‍රියයන් විසිනි. කතරගම දෙවියන් ලෙස වර්තමානයේ පුද පූජා ලබන්නේ කතරගම ක්ෂත්‍රිය පරපුරේ ප්‍රධානියා වූ ද එම ප්‍රදේශයේ පාලකයා වූ ද බුදු බණ අසා සෝවාන් ආර්ය ශ්‍රාවකයකු වූ ද මහාසේන රජතුමා ය. සිතුල්පව්වේ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කෙරෙන්නේ එතුමාගේ කාලයේදීය.

අනුරපුර සිට රුහුණට පලා ආ මහානාග යුවරජු කතරගම ක්ෂත්‍රියයන්ගේ රැකවරණය යටතේ සිටිය ද ඔහුගේ පුත් යඨාලතිස්ස කුමරු මාගම කේන්ද්‍ර කරගෙන රාජ්‍යයක් ගොඩනඟාගෙන පසු කලෙක කතරගම ක්ෂත්‍රියයන් පරාජය කොට ඔවුන්ගේ රාජ්‍යයම මාගම රාජධානියට ඈඳා ගත්තේය. මොහු අනුරපුර රාජ්‍යයේ තම ඥාතින් සමග සබඳතා අලුත් කරගන්නට ඇත. රුහුණු ප්‍රදේශයේ බුදුදහම ව්‍යාප්ත කිරීම අරමුණු කරගෙන තිස්ස ප්‍රදේශයේ තවත් මහා විහාරයක් ඉදිවන්නේ මේ කාලයේය. එය රුහුණේ බෞද්ධ මූලස්ථානය බවට පත්විය.

අනුරාධපුර මහ විහාරය ග්‍රාමවාසී භික්ෂුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්වන විට සෑගිරිය හෙවත් මිහින්තලය යෝගාවචර භික්ෂුන්ගේ වාසස්ථානය වූවා සේ තිස්ස මහා විහාරය රුහුණේ ග්‍රාමවාසි භික්ෂූන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය බවටත් සිතුල්පව්ව ආරණ්‍යවාසී භික්ෂූන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය බවටත් පත්විය. ග්‍රාමවාසී, ආරණ්‍යවාසී යනුවෙන් සඳහන් කළ ද එයින් භික්ෂු කණ්ඩායම් දෙකක් සිටි බවක් අදහස් නොකරේ. ධර්මය ඉගෙනීම සඳහා ග්‍රාමවාසීව ද විදර්ශනා වැඩීම සඳහා ආරණ්‍යවාසීව ද වාසය කිරීමට භික්ෂූන්ට අවස්ථාව තිබිණි. ග්‍රාමවාසී භික්ෂුව කැමැතිනම් ආරණ්‍යයකට ගොස් විදර්ශනා වැඩීමට හැකිය. රුහුණේ සිතුල්පව්ව විහාරය ගොඩනැඟුණේ ආරණ්‍යවාසී බවුන් වැඩීමට කැමැති භික්ෂූන් සඳහාය. ක්‍රි.පූ. 3 සියවසේදී කාවන්තිස්ස රජතුමා විසින් මෙය ගොඩනඟන ලදී.

රජතුමා දොළොස් දහසක් මහරහතන් වහන්සේලාට සිතුල්පව්ව විහාරය පූජා කොට අනාගතයේදී මේ පින්බිම මේ අයුරින්ම රැකගත යුතු බවට නීති ද පැනවූ බව මහාවංශයේ සඳහන් වේ. මේ වනවිට රජරට ප්‍රදේශය ද්‍රවිඩයන්ගේ පාලනයට යටත්ව පැවැති බැවින් රුහුණේ තිස්ස මහා විහාරයට හා සිතුල්පව්ව විහාරයට ගොස් එහි වැසි භික්ෂූන්ට දන් දුන් බව සහස්සවත්ථුප්පකරණයේ සඳහන් වේ.

දුටුගැමුණු රජු සමග යුද්ධයට සහභාගි වූ දස මහා යෝධයන් අතුරෙන් යෝධයන් සිවුදෙනකු සිතුල්පව්ව විහාරයේ සංවර්ධන කටයුතු කළ බවට සෙල්ලිපි සාධක ලැබී ඇත. කුඩා සිතුල්පව්වට ප්‍රවේශ වන මාර්ගයේ ගල් ලෙනක ගෝඨයිම්බර (අයිමර) යෝධයාගේ නම ද කොරවක්ගල නම් ස්ථානයේ පුස්සදේව (පුසදෙව), නන්දිමිත්‍ර (මිත්‍ර) නම් ද දෙකුන්දර වැව ප්‍රදේශයේ වේලුසුමන (වේලුස) යෝධයාගේ නම ද සඳහන් පූර්ව බ්‍රාහ්මී යුගයට අයත් ශිලාලේඛනවල සඳහන් වන බව පරණවිතාන මහතා පවසයි. එසේම දෙවනපිය රජ අබය යනුවෙන් දුටුගැමුණු රජතුමාගේ නම ද එහි දැකිය හැකිය.

වසභ රජු (ක්‍රි.පූ. 1 සියවස) මෙහි ස්තූප 10ක් තනවා ඇති බව මහාවංශයේ සඳහන් වේ. එම ස්තූපවල නටබුන් අදත් දක්නට ඇත. ඉන් කිහිපයක් ප්‍රතිසංස්කරණය කර තිබේ. අනුරාධපුර මිහින්තලයට චේතියගිරිය (සෑගිරිය) යන නම යෙදී ඇත්තේ ස්තූප විශාල ප්‍රමාණයක් එහි ඉදිකොට තිබුණු නිසාය. සිතුල්පව්ව විහාරයේ ද ලොකු කුඩා ස්තූප රාශියක් දක්නට ඇත. ඒ අතින් බැලූ විට සිතුල්පව්ව දෙවැනි මිහින්තලය බඳු ය.

දේවානම්පියතිස්ස හා කාවන්තිස්ස යන දෙරජුන්ගේ මුණුපුරකු ලෙස තමන් හඳුන්වාගත් රජ කෙනකු විසින් සිතුල්පව්ව විහාරයට දෙන ලද ගොඩමඩ ඉඩම් ගැන විස්තර සඳහන් පර්වත ලිපියක් මෙහි ප්‍රධාන පර්වතයට පිවිසෙන පියගැටපෙළ පාමුල වම් පැත්තෙහි දක්නට ඇත. මෙතුමා ඉලනාග රජු ලෙස හඳුනාගෙන ඇත. දෙන ලද භූමි ප්‍රමාණයන් ඉපැරණි සිංහල ඉලක්කම්වලින් මෙහි සඳහන් කර තිබීම විශේෂත්වයකි. සිතුල්පව්ව විහාරයේ දක්ෂිණ වැව කහවනු 830ක් වැයකොට පිළිසකර කරවන ලද බව සඳහන් වේ. දැනට බොහෝදුරට විනාශ වී ඇති වසභ රජුගේ පරපුර දැක්වෙන ලිපිය ද ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්ය. වසභ රජු නව රාජවංශයක් ආරම්භ කළ බව ඉතිහාසයේ සඳහන් වුව ද එතුමා මහරජ කෙනකුගෙන් පැවැත එන පරපුරකට අයත් බවට මෙම සෙල්ලිපිටිය සාක්ෂි දරයි.

ක්‍රි.ව. 18 සියවස පමණ වනවිට ක්‍රමයෙන් වනයට යටවී ගිය සිතුල්පව්ව පිහිටි ස්ථානය හඳුනාගැනීම සඳහා උත්සුක වූ ගාල්ලේ යටගල රජමහ විහාරයේ අධිපති ධුරය දැරූ කවිකුලතිලක, පූජ්‍ය කලහේ ශ්‍රී ගුණරතන මාහිමිපාණන් වහන්සේ ඒ පිළිබඳව පැරණි පොත්පත්වල සඳහන් තොරතුරු සොයාගෙන ඒ මංසලකුණු ඔස්සේ හිතවත් දායක මහතකු ද කැටුව අලි, කොටි, වලසුන්ගෙන් පිරි යාල වනයේ කටුපඳුරු පීරමින් වැඩම කොට නිවැරදි තැන සොයාගෙන 1981 වර්ෂයේදී යටගල ප්‍රදේශයෙන් දායක පිරිසක් ද රැගෙන යළි එහි ගොස් කැලය එළිපෙහළි කොට මහ

රැජිනගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිතුල්පව්ව විහාරය යළි ගොඩනැඟීමට අවසරය ද ලබාගෙන තම පැවිදි සහෝදර ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතන හිමියන්ට එහි භාරකාරත්වය පැවරූහ. සිතුල්පව්වට ගමනාගමන පහසුකම් සැලසීම ජිනරතන හිමිපාණන් වහන්සේගෙන් ඉටුවූ මහඟු සේවයකි.

උන්වහන්සේ අපවත් වූ පසු වත්තේහේනේ රතනසාර මාහිමියන්ගේ අනුදැනුම මත සිතුල්පව්ව විහාරයේ භාරකාරත්වය වත්තෙහේනේ පියරතන හිමියන් වෙත පැවරිණි. වන්දනාකරුවන්ට පහසුකම් සැලසීම, ගරාවැටුණු ස්ථාන පිළිසකර කිරීම උන්වහන්සේගේ සේවාවන් අතර කැපී පෙනේ. පියරතන හිමියන් හදිසියේ අපවත් වීමෙන් පසු උණවටුනේ රතනජෝති හිමියන් භාරකාරත්වයට පත්වී විශාල සේවාවක් කරන්නට යෙදිණ. අනතුරුව සද්ධර්ම භාරතීෂ්වරාචාර්ය, මහෝපාධ්‍ය, අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන හිමිපාණන් වහන්සේ මෙහි සංවර්ධනය වෙනුවෙන් අපමණ සේවාවක් සිදු කළහ.

මෙවර පොසොන් පොහොය නිමිති කරගෙන ජුනි 09,10,11 යන දිනයන්හි පොසොන් පූජෝත්සවය පැවැත්වේ.

පොසොන් පෝ දින දවස පුරා ආගමික කටයුතු පැවැත්වේ. ඒ අතර ශීල සමාදානය, බුද්ධ පූජා, ධර්ම දේශනා, ජාතක කතා, ධර්ම සාකච්ඡා, භාවනා, ආලෝක පූජාව, බෝධි පූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වන්දනා කිරීමට පැමිණෙන හා සිල් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් උදෙසා දන්සල්, ගමනාගමන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් විහාරස්ථ දායක සභාව විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ සලසා ඇත.

පොසොන් පොහොය දිනයට සැදැහැවතුන් විශාල පිරිසක් මිහින්තලා පුදබිමට පැමිණෙන්නා සේ සිතුල්පව්ව විහාරයට ද පැමිණෙති. ඔවුන් සඳහා දින තුනක් පුරාවට දාන, සීල, භාවනා, බුද්ධ පූජා වැඩසටහන් රාශියක් සිතුල්පව්ව පුදබිමෙහි සංවිධානය කෙරේ. එසේම වාර්ෂිකව දානමාන භාරගත් පින්වතුන් සඳහා නොමිලේ නවාතැන් පහසුකම් ද සැපයේ. සෑම වර්ෂයකම ආලෝක පූජාවේ දායකත්වය උපාලි සමූහ ව්‍යාපාරය විසින් දරනු ලැබේ.

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ප්‍රමුඛ
අෂ්ට මහා විහාරාධිකාරි ශාස්ත්‍රපති
ලේල්වල සමිත ස්ථවිර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

22 hours ago
Related News
විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

විශේෂාංග

යොවුන් හදක රැඳුණු ‘සරා සුසුම්’

විශේෂාංග

සරසවි සම්මාන උළෙල ජුනි 24 වැනිදා BMICH හිදී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok