Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මහින්දාගමනයෙන් ලත් දායාද අනාගත පරපුර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මහින්දාගමනයෙන් ලත් දායාද අනාගත පරපුර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

මහින්දාගමනයෙන් ලත් දායාද අනාගත පරපුර

3 days ago
200 Views

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස ලංකාවට හඳුන්වාදෙන ලද සංස්කෘතිය ලොව කිසිදු ආගමක නැති බව සඳහන් කළ හැකිය. බෞද්ධ දර්ශනය තුළින් ජන ජීවිතය අර්ථවත් කළේය. භාෂාව, සාහිත්‍ය, කලා ශිල්ප, සිරිත් විරිත්, පුදපූජා ක්‍රම, උත්සව ආදී මෙරට සංස්කෘතියේ සෑම අංගයක්ම පෝෂණය විය. මෙරට ආර්ථිකය ද දේශපාලනය ද බුදු දහමට අනුව පෙළගැසුණු අතර එමගින් ඉහත කී සංස්කෘතිකාංග පෝෂණය කිරීමට අනුග්‍රහය ලැබුණි. පොදු ජනතාවගේ ජීවිතය සමග එක්වූ සිරිත් විරිත් මෙන්ම බෝධි පූජා, බුද්ධ පූජා, ධාතු පූජා, ස්තූප පූජා ආදී විවිධ උත්සවද බෞද්ධ සංස්කෘතිය තුළින් ගොඩනැඟුණි. විශේෂයෙන් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කළ හැකි, හැකියාව ඔපවත් කළ හැකි එම බෞද්ධ පුද සිරිත් සහ උත්සව ඔවුන්ට අහිංසක සතුටක් ලැබීමට සහ සාමූහිකත්වය වර්ධනයකර ගැනීමට ද උපකාරී වූ බව පෙනේ.

විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කර ගනිමින් ජීවිතයේ උපතේ සිට මරණය දක්වා සිදුකරන සියලු වැදගත් කාර්යයන් සිදුකළේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගනිමිනි. ගැබිනි මවට අංගුලිමාල පිරිත තුන්වරක් දේශනා කරවීම, මෙලොවට බිහිවූ දරුවා පළමුව දළදා මැඳුර, ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හෝ ගමේ විහාරස්ථානයට රැගෙන ගොස් තෙරුවන් සරණ ලබාදීම විශේෂිතය. උපත විපත සිහිකරමින් දන් පිංකම්, පිරිත් දේශනා කරමින් පිං අනුමෝදනා කිරීම සිදුකරයි.

දිනපතා පන්සිල් සමාදන්වීම, තෙරුවන් නැමදීම, සතර පෝයට අටසිල් සමාදන්වීම, පෝය දින තෙල් මල් රැගෙන විහාරස්ථානයට දරුවන්, අසල්වාසීන් සමග එකට එකතු වී ගොස් බුද්ධ පූජා පැවැත්වීම, ධර්මය ශ්‍රවණය කිරීම, මහා සංඝරතනයේ අනුශාසනා ලබාගැනීම තුළින් ජීවිතයේ අඩුපාඩු සකස්කර ගනිමින් විනය ගරුක පුද්ගලයෙක් වීම, හිරි ඔතප්ප දෙක අවබෝධ කරගනිමින් පවට බියව පිනට ළැදිව ක්‍රියාකළේය. මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් පසු පන්සිල් රකින සමාජයක් බිහිවූ අතර පන්සිල් අපේ සමාජය හඳුනාගත්තේ බුදු දහමේ පැමිණීමත් සමගය. පළමුව රටේ පාලකයා වන රජු පන්සිල් පිළිගත් අතර අනතුරුව රටේ ජනතාව පන්සිල් රැකීමට පෙලඹුණේය. මෙහිදී ආදර්ශය ලැබුණේ ඉහළිනි. ජනතාවට යම් ප්‍රතිපත්තියක් ලැබුණේ රාජ රාජ මහාමාත්‍යාදී වැනි ඉහළ පෙළේ පාලකයන් ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ ආදර්ශයත් සමගය.

බුදු දහමත් සමග අපේ කෘෂිකාර්මික සමාජය තවත් දියුණුවීමත් නිසා වැව් සාදා ජලය ලබාගෙන කරන ගොවිතැනට භික්ෂූන් වහන්සේද එකතු වූහ. මෙහිදී දියුණු වන සමාජයට ඒකාබද්ධව බෞද්ධ භික්ෂුවට කළ හැකි කාර්ය කිහිපයක් විය. මුලින්ම උන්වහන්සේ ආගම ධර්මයට අනුව අධ්‍යාපන ක්‍රමයක් සමාජයට ලබාදුන්නේය. එමෙන්ම පොත පත ලිවීමේදී මෙලොවටත් පරලොවටත් අවශ්‍ය දැනුම ලබා දුන්නේද උන්වහන්සේ වූ හෙයින් එකී කරුණු මිහිඳු හිමියන්ගෙන් ලැබුණු දායාද ලෙස පෙන්වාදිය හැක. තවද කෘෂිකාර්මික ජීවිතයේදී ස්වාමීන් වහන්සේගෙන් අනුශාසනා ලැබූ අතර වැවක් සාදන විට දාගැබක් ද ඉදිවිය. ඊට අදාළ වාස්තු හා ගුරු හරුකම් උපදෙස් උන්වහන්සේ ලබාදුන්හ. එමෙන්ම ගොවිතැනට අවශ්‍ය නැකැත්, කලට වේලාවට ගොවිතැන් කිරීමේ අගය, බීජ වැපිරීම හා වගා කිරීම්, කල්වේලා නොඉක්මවීම පිළිබඳව උන්වහන්සේගේ මගපෙන්වීම සංස්කෘතික ලක්ෂණයක් විය.

මිහිඳු හිමියන්ගේ සඟපුර ජනතාවගේ ලෙඩ රෝග සහ සෞඛ්‍ය පිළිබඳව උනන්දු වූ අතර ඒ සඳහා මුදල් අය නොකළේය. හුදෙක් ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් සෞඛ්‍ය ගැන ජනතාව උනන්දු කිරීමක්ද ජනතාව අතර ඇතිවන ආරවුල් විසඳුවේද විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේය. ස්වාමීන්වහන්සේ ඊළඟට පිහිට වූයේ මිනිසුන්ගේ මානසික දුකටය. එවිට විවිධ ප්‍රශ්න වලින් පෙළෙන මිනිසුන්ට උත්තර ලැබුණේ විහාස්ථානයෙනි. එහෙයින් වර්තමානයේ සිදුවන උපදේශනය (COUNSILING) එදා සිදුවූයේ පන්සලෙන්ය. ලෙඩක්, මරණයක්, කම්පනයක් හෝ වෙනත් කරදරයක්) සිදුවූ විට ඊට ඉදිරිපත් වූයේ මිහිඳු හිමියන්ගේ මේ නියෝජිත පිරිසය. ගස්වැල්, සතා සිවුපාවාට ඉතා ආදරයෙන් සලකන්නට මිනිසා පුරුදු වූයේය. දෙවනපෑතිස්ස රජු මුව දඩයම අත්හැරීමත් සමග සතුනට ද හිංසා කිරීම නොකරන්නට මුළු සමාජයම උනන්දු විය.

අකුරු සාහිත්‍යයක් අපට ලැබුණේ මහින්දාගමනයෙනි. ස්වාමීන් වහන්සේ බුදුදහම මුල්කොට ගෙන පොතපත රචනා කළ නිසා අපේ සාහිත්‍යය අලංකාර විය. අනුරාධපුර යුගයේ සිට ධර්මශාස්ත්‍රීය කෘතිද සම්පාදනය වීමෙන් සාහිත්‍යය පෝෂණය විය. සාහිත්‍ය පමණක් නොව ලලිත කලාව, චිත්‍ර, කැටයම් බුදුදහමින් පෝෂණය විය. ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, අභයගිරිය බුදුදහම නිසා ලැබුණි. මේ ආලෝකය, පුරා වසර 2566 ක් මුළුල්ලේ සිංහලයාට දායාදයක් විය. ලංකාව පුරා වැව් දහස් ගණනක් ගොඩනැඟුණේද ඒ අනුවයි.

එහිදී රාජ්‍ය පාලනය බුදුදහමට එකඟව සිදු විය. මේ අනුව රජු ධාර්මික විය. පංචශීල ප්‍රතිපත්තියට අනුගතව සතර සංග්‍රහ වස්තු, සතර අගති, දසරාජ ධර්ම, දස සක්විතිවත් ආදියේ පිහිටා රජු රාජ්‍ය කරවීය. මෙහිදී දේවානම්පියතිස්ස රජුගේ පටන් සිරිසඟබෝ රාජ්‍ය පාලනය අපට සිහිවේ. මේ බෞද්ධ රජුවරුන්ගේ පාලනය යටතේ සියලු සතුන්ට නිදහස ලැබුණි. අවි ආයුධ නිෂ්පාදනයෙන් හා විෂ ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් තොරවීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් නිෂ්පාදනය නොකිරීම, මසට සතුන් නොවිකිණීම යන මේ මූල ධර්ම ප්‍රතික්ෂේප කළේය. රාජ්‍ය පාලකයින් නිවැරදි මග ගමන් කරවීමට අනුශාසනා කළේ මහා සංඝරත්නයයි. මහජන බලය රජුට දැනෙන්නට මග පෑදුණේ ස්වාමීන්වහන්සේ මගිනි. එහිදී රජු යහමගට යැවීමට උපක්‍රම උන්වහන්සේලාට තිබුණි. ගැමුණු හා තිස්ස සොහොයුරන් සමගි කරවූ සැටි ප්‍රකට නිදසුන්ය. මහජන බලය එක්තැන් කිරීමට මිහිදු හිමියන් සමග මෙරටට වැඩම කළ සඟරුවන මුල් වූහ. රජවරු රට පාලනය කළ ද ඔවුනට අවශ්‍ය මහජන බලය ගැනීමට අවස්ථා මතුකර දුන්නේද බෞද්ධ භික්ෂූන් වහන්සේය. මිහිදු හිමියන් නව සමාජයක් ගොඩනැඟීමට අත්තිවාරම් දැමුවේ බුදුදහම පමණක් මෙරටට ගෙන ඒමෙන් නොව ඒ සමගම විශාල ඥාන සම්භාරයක් හා ශිල්පීය ක්‍රමයක් අපට දායාද කිරීමෙනි. අනුරාධපුර යුගයේ ජීවත් වූ ජනතාව දවසට දෙවතාවක් එකට එකතු වී සිය නිවසේ, පවුලේ සියලුදෙනා සමග ආගමික කටයුතු වල නිරත විය. සවස් වරුවේ ඔවුන් පිරිත් පොත හා ජාතක පොත වැනි වටිනා ග්‍රන්ථ කියවූහ. එහිදී පියා සමග පිරිමි දරුවන් කෘෂිකාර්මික කටයුතු වල යෙදුණු අතර ගැහැනු දරුවන් සිය මවට එකතුව ඉවුම් පිහුම් කටයුතු කළේය. මේ තුළින් පවුලේ එකිනෙකා අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවය ඇතිවිය. එවිට පවුලත් අවට සමාජයත් පන්සලත් අතර සම්බන්ධය දැකගත හැකිවිය. එහෙයින් යුතුකම් හා කළගුණ සලකන සුහදශීලී දුකේදී සැපේදී පිහිටවන පුද්ගල සමාජයක් ඇතිවීමට මිහිඳු හිමියන්ගේ වැඩමවීම ඉවහල් විය. එමනිසා වර්තමාන සමාජය ද මේ දායාද රැකගෙන ඉදිරියට යා යුතුය.

මෙම පොසොන් පුර පසළොස්වක පෝය මුල්කර ගනිමින් දාන, ශීල, භාවනා යන තුන් පුණ්‍ය ක්‍රියාවන්හි ජනතාව නියැළෙමින් කටයුතු කරනු දක්නට ලැබීම සතුටට කරුණකි.

ගාල්ල මානවිල ඛෙත්තාරාමාධිපති,
මෛත්‍රී ධර්මායතනාධිපති,
පණ්ඩිත ශාස්ත්‍රපති
පූජ්‍ය දෑරංගල මංගල හිමි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago
Related News
විශේෂාංග

පුංචි ආණ්ඩු රණ්ඩු වන විට ගම් සභාවේ අගය වැටහෙයි

විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok