මේ වනවිට 5ක් දැලේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩි තබා රහසිගත ලිපි ගොනුවක් පැහැරගෙන ගිය බව කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය (සීසීඩී) මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන සැකකරුට අයත් ආයුධ ප්‍රවාහනය කිරීම, ඒවා සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා කීපයක් මෙම සැකකරුවන් වෙත එල්ල වී තිබෙන බව ද පොලිසිය පවසයි. මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 24 සහ 38 වයසේ පසුවන අතර ඔවුහු ගිරිඋල්ල සහ ගණේමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන් දෙදෙනා සතුව තිබී ටී 56 ජීව උණ්ඩ 13ක්, එම පතරොම් 2ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, විiුත් තරාදියක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් හා ජංගම දුරකථන 3ක් පොලිසිය සොයාගෙන ඇත.
ඉකුත් මැයි මස 17 වැනිදා නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේදී ජීප් රථයක යමින් සිටි තුසිත හල්ලොලුව සහ නීතිඥ දිනේෂ් දොඩංගොඩ මහත්වරුන්ට පහරදී රථයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනුවක් පැහැරගෙන ගොස් තිබිණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු