Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොවිඩ් ලක්ෂණ ඇති රෝගීන් පරීක්ෂාව වැඩි කළා – සෞඛ්‍ය ඇමැති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොවිඩ් ලක්ෂණ ඇති රෝගීන් පරීක්ෂාව වැඩි කළා – සෞඛ්‍ය ඇමැති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කොවිඩ් ලක්ෂණ ඇති රෝගීන් පරීක්ෂාව වැඩි කළා – සෞඛ්‍ය ඇමැති

3 days ago
468 Views

කොවිඩ් රෝග ලක්‍ෂණ ඇති රෝගීන් පරීක්‍ෂා කිරීම වැඩිකර ඇති බවද ඒ සඳහා පීසීආර් යන්ත්‍ර සක්‍රීය කර ඇති බවද කැබිනට් ප්‍රකාශක හා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මත ඉදිරි තීන්දු ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් රැස්වෙමින් සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළ නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ජනතාවට දැනුම් දෙන්නට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කරගෙන යන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්දැකීම් හා උපදෙස් මෙහිදී ඉතා වැදගත් බවද ඇමැතිවරයා කියා සිටියේය.

කොවිඩ් රෝග ලක්‍ෂණ ඇති රෝගීන් පරීක්‍ෂා කිරීමේ පීසීආර් පරීක්‍ෂණ වේගවත් කිරීම සඳහා කටයුතු කර ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා තවදුරටත් කීවේ ඩෙංගු, කොවිඩ්, චිකන්ගුන්යා සහ උණ රෝගය යන රෝග හතර සම්බන්ධයෙන්ම රජය දැඩි අවධානය යොමුකර ඇති බවයි. මේ රෝග ව්‍යාප්ත වීම වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට රජය ප්‍රමුඛ අවධානය යොමුකර ඇති බවද හෙතෙම පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

අනියත බියක් එපා! කොවිඩ් ගැන චක්‍රෙල්ඛ 2ක් අද – හෙටම – සෞඛ්‍ය ලේකම්ගෙන් නිවේදනයක්

කොවිඩ් සම්බන්ධයෙන් සත්‍යය හා අසත්‍යය මෙන්ම අඩක් සත්‍යය තොරතුරු ද සංසරණය වෙමින් පවතින බැවින් කොවිඩ් හා එහි ව්‍යාප්තිය පිළිබඳව සියලු කරුණු අඩංගු චක්‍රලේඛ දෙකක් ඉදිරි දින කීපය ඇතුළත නිකුත් කිරීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ඉන් එකක් මහජනතාව ඉලක්ක කරගනිමින් ද අනෙක සෞඛ්‍ය කාර්යමණ්ඩල ඉලක්ක කරගනිමින් ද නිකුත් කෙරේ.

කොවිඩ් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව පවසන සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය හා නිසි බලය ලත් සුදුසුකම් ඇති නිල ප්‍රකාශකයන් සහ ආයතන මගින් නිකුත් කරන තොරතුරු පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එහි මෙසේද සඳහන් වේ.

දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තාවන ප්‍රභේදය 2024 වසරේදී ද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනාගෙන ඇත. එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර, එම නිසා වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇතිවීමක් හෝ වාර්තා වී නොමැත.

2024 මැයි මාසයේදී මෙන්ම 2025 මැයි මාසයේදීත් කොවිඩ් 19 රෝගීන් වාර්තාවීමේ ඉහළ යෑමක් දක්නට ලැබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වෛරසය අනාගතයේදී හැසිරීම පිළිබඳව පූර්ව නිගමනයකට එළැඹී නැති අතර, ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමද තවම පර්යේෂණ මට්ටමක පවතී.

පසුගිය වසර කිහිපය හා සැසඳීමේදී පවතින කාලගුණ තත්ත්ව යටතේදී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝගවල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබේ. උණ, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බියවී රෝහල් ගතවීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ පැන නොනගී. නමුත් යම් පුද්ගලයකුට ශ්වසන රෝගයක් සමග හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමුවීම අවශ්‍ය වේ.

කෙසේ වුවද මෙම කොවිඩ් 19 රෝගය, ඉන්ෆ්ලුවෙන්සාව ඇතුළු සියලුම ශ්වසන රෝගවලින් ආරක්ෂාවීම සඳහා පිළිපැදිය යුතු ශ්වසන ස්වස්ථාව ඇතුළු යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගැනීම වැදගත් වේ.

කිවිසෙන විට හෝ කහින විට තමාගේ වැලමිටින් හෝ ටිෂූ කඩදාසියක් වැනි යමකින් ආවරණය කර ගැනීම, අනවශ්‍ය ලෙස තමාගේ මුහුණ අතපත ගෑමෙන් වැළකීම, නිතර දෑත් සේදීම හෝ විෂබීජ නාශක ද්‍රාවණයකින් දෑත් පිරිසිදු කරගැනීම, අපිරිසිදු දෑත්වලින් මුහුණ ඇල්ලීමෙන් වැළකීම වැනි දේ මේ අතර වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

20 hours ago
Related News
ප්‍රධාන පුවත්

දවස් දෙකේ බබා රු. 75,000ට විකුණන්න ගිය කාන්තාව වසර 7ක් හිරේ

ප්‍රධාන පුවත්

ඔබ වෙනස් වෙන්නෙ නැතිනම් අපි වෙනස් කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරින්ට කියයි

ප්‍රධාන පුවත්

පරීක්‍ෂා නොකර නිදහස් කළ කන්ටේනර් තුන්සීයේ තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි – අර්චුනා මැතිසබයේදී සිංහලෙන්ම කියයි

ප්‍රධාන පුවත්

සමෘද්ධි බැංකු රජයේ විගණනයට – ඇමැති පන්නිලගේ

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ සජබ බලය පිහිටුවීම නවත්වන්නට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok