Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මෝදර වරාය අඩු මුදලකට බදු දුන්නැයි: හිටපු ඇමැති රාජිතට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා – අල්ලස් කොමිසම මහාධිකරණයට දැනුම් දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මෝදර වරාය අඩු මුදලකට බදු දුන්නැයි: හිටපු ඇමැති රාජිතට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා – අල්ලස් කොමිසම මහාධිකරණයට දැනුම් දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මෝදර වරාය අඩු මුදලකට බදු දුන්නැයි: හිටපු ඇමැති රාජිතට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා – අල්ලස් කොමිසම මහාධිකරණයට දැනුම් දෙයි

3 days ago
725 Views

මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව යටතේ හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඊයේ (03දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අදහස් කරන බැවින් ඒ සඳහා කල්දෙන ලෙස ඉල්ලා සිටියාය. එම කරුණු දැක්වීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධිචෝදනා සංශෝධනය සඳහා සහ පැමිණිල්ලේ සාක්ෂි විභාගය සඳහා ලබන අගෝස්තු 29දා දක්වා නඩුව කල් තැබුවේය.

2014 වසරේ අගෝස්තු මස 01 වැනිදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වැනිදා අතර කාලසීමාව තුළදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යූකේ’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹ වූ බවටද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවට ද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබේ.

එමඟින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දූෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත. මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 17 දෙනකු නම් කර ඇත. විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාණ්ඩ ලේඛනයක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්නට අමතරව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ යන තැනැත්තන් විත්තිකරුවන් ලෙස නම්කර ඇත. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී එම විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටින ලදී.

පැමිණිල්ලේ 1 හා 2 වැනි සාක්ෂිකරුවන් වන ධීවර අමාත්‍යාංශයේ නීතිඥවරු වන නයනා කුමාරී කරුණාරත්න සහ පාලිත ගුණසේකර යන මහත්ම මහත්මීන්ගේ සාක්ෂි මේ වනවිට විමසා අවසන්ව ඇත. පැමිණිලි පාර්ශ්වයේ 3 වැනි සාක්ෂිකරු වන එම අමාත්‍යාංශයේ නීතිඥ ලියනගේ ජයන්ත ලබන අගෝස්තු 29දා සාක්ෂි දීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

21 hours ago
Related News
ප්‍රධාන පුවත්

දවස් දෙකේ බබා රු. 75,000ට විකුණන්න ගිය කාන්තාව වසර 7ක් හිරේ

ප්‍රධාන පුවත්

ඔබ වෙනස් වෙන්නෙ නැතිනම් අපි වෙනස් කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරින්ට කියයි

ප්‍රධාන පුවත්

පරීක්‍ෂා නොකර නිදහස් කළ කන්ටේනර් තුන්සීයේ තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි – අර්චුනා මැතිසබයේදී සිංහලෙන්ම කියයි

ප්‍රධාන පුවත්

සමෘද්ධි බැංකු රජයේ විගණනයට – ඇමැති පන්නිලගේ

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ සජබ බලය පිහිටුවීම නවත්වන්නට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok