ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් දඩයම් කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ලවන බව දැනගන්නට ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (03 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී නීතිඥ මනෝජ් ගමගේ මහතා මෙසේද පැවසීය.
“මේ දවස්වල පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම් විවිධ ආකාරයෙන් සිදු වෙනවා. එහිදී මාලිමා ආණ්ඩුව කිසිම ලැජ්ජාවක් නැතිව තමන්ගේ බලය පිහිටුවීම සඳහා ඔවුන්ම ප්‍රකාශ කළ වංචනිකයන්, දූෂිතයන් මිලදී ගන්න විවිධ ක්‍රමවේදයන් දියත් කරන බවට අපිට විවිධ ආකාරයේ ආරංචි ලැබෙනවා. මොවුන් 76 වසරක ජරාජීර්ණ දේශපාලනය වෙනස් කරනවා කියා පැමිණිලා දැන් ඔවුනුත් සුපුරුදු සෙල්ලමේ යෙදෙනවා බලය උදෙසා. ඔවුන්ට දැන් රජයක්, විධායක ජනාධිපති ධුරය තිබෙනවා. නමුත් යම් ආකාරයකින් ගමේ ජනතාව ඔවුන්ව මාස 06 – 07 ක් වැනි කෙටිකාලයක් තුළදී දරුණු ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා. විශාල ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වුණා. ඒ මඟින් මේ රටේ ජනතාව ඔවුන්ට පණිවිඩයක් ලබා දුන්නා. නමුත් පණිවිඩය තේරුම් ගන්නවා වෙනුවට සුපුරුදු උපක්‍රම, සෙල්ලම යොදා ගනිමින් නැවත ඔවුන්ගේ බලය කෙසේ හෝ ලබාගැනීමට මේ වනවිට ඒ පිරිස එකතු කරමින් බලය පිහිටුවීමේ නිර්ලජ්ජිත උත්සාහයක මාලිමා රජය නිරත වෙමින් සිටිනවා.
ඒ වගේම මේ රජය බලයට පත්වෙන්නේ හොරු ඇල්ලීමේ ක්‍රියාන්විතයට අමතරව නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ශක්තිමත්ව ගොඩනඟනවා කියන කාරණය මතයි. හැබැයි සුනාමි පැමිණිලත් නැති වුණේ නැති ලුණු මේ රටේ නැතිවෙන තරමට මේ ආණ්ඩුව වැඩකළා. අදක්ෂ කළමනාකාරීත්වය මෙයට ප්‍රධාන හේතුවක් ලෙස අපි දකින්නේ. අද හාල්, ලුණු පිටරටින් ගේනවා. නිෂ්පාදන ආර්ථිකයක් හදන්න පැමිණි ආණ්ඩුව මේ වනවිට සම්පූර්ණයෙන්ම ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ජේ. ආර්. ජයවර්ධනටත් වඩා හොඳින් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන බවක් පෙනී යනවා. විවෘත ආර්ථිකය පැමිණිලා එදා මේ රටේ දේශීය කර්මාන්ත විනාශ කරනු ලැබුවා. හැබැයි ජේ.ආර්. මැතිතුමා ගෙනාපු විවෘත ආර්ථිකය ඔහුටත් වඩා හොඳින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ලුණු ටික මේ වනවිට විදේශ රටවලින් ගෙන්වනවා. ඒ නිසා ජනතාවගේ බත්පතට ඉහගන්න ලුණු ටිකවත් සපයන්න අසමත් වෙච්ච ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා තිබෙනවා.
දැන් ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්න රජය විවිධාකාරයේ උපක්‍රම යොදනවා. විවිධාකාරයේ සුපුරුදු හොරු ඇල්ලීමේ මාතෘකා පමණක් ගැන කතා කරනවා අපි දකිනවා. අධිකරණවලින් යම් යම් අවස්ථාවක මීට වසර 05කට 06 ට පෙර පවරපු නඩුවල තීන්දු ලබාදෙනවා. මෙය ස්වාධීන අධිකරණ පද්ධතියක් තුළ හැමදාම සිදුවුණා. එවැනි තත්ත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යහපාලන ආණ්ඩුව යටතේ හෝ වෙනයම් ආකාරයකින් පවරපු නඩු කටයුතුවල තීන්දු ලැබෙනකොට එය තමන්ගේ ගිණුමට බැරකරගන්න උත්සහ කිරීම මෙරට අධිකරණ පද්ධතියට කරන අගෞරවයක් විදිහට දකින්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය යටතේත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාලනය යටතේත් සමහරක් දේවල්වලට අධිකරණයෙන් අවශ්‍ය කරන දඬුවම් ලැබුණා. ඒ දඬුවම් ලැබෙනකොට, පුද්ගලයෙක් නිදහස් කරන විට එහි කීර්තිය රජය අත්පත් කරගන්න හැකියාවක් නැහැ.
එය අධිකරණය මඟින් ක්‍රියාත්මක කරන දෙයක්. ඊයේ දවසේදී අධිකරණ ඇමතිතුමා ප්‍රකාශයක් කරනවා මාලිමා රජයක් තිබුණේ නැතිනම් මහින්දානන්දට දඩුවම් හිමිවෙයිද කියලා. එය ඉතා බරපතළ ප්‍රකාශයක්. මේ රටේ අධිකරණය ලබාදෙන තීන්දු හැල්ලුවට ලක්කිරීමක් එයින් සිදුකරන්නේ. මෙය මේ රටේ ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයන්ට, ගරු විනිසුරු උතුමන්ලාගේ තීන්දු තීරණවලට හැල්ලුවට ලක්කීරීමක් විදිහට තමයි අපි මෙය දකින්නේ. ස්වාධීන අධිකරණ පද්ධතියෙන් ලබාදෙන තීන්දු එය දේශපාලන ක්‍රියාවක ප්‍රතිපලයක් ලෙස අර්ථ දක්වන්න සූදානම් වීම නීතියේ ආධිපත්‍යටත්, අධිකරණයේ ස්වාධීනත්වයටත් කරන බරපතළ අනතුරක් විදිහට අපි දකින්නේ. ඒ නිසා රජයේ මැති ඇමතිවරන්ගේ ඉල්ලා සිටිනවා මෙවැනි ප්‍රකාශයන් කරන්න උත්සහ කරන්න එපා, එය මෙරට අධිකරණ පද්ධතියට, ගරු විනිසුරුතුමන්ලා ලබාදෙන තීන්දුවලට කරන අනිසි බලපෑමක් ලෙස දකින්නේ. මේ නඩු තීන්දුව ලබාදෙන්නේ දීර්ඝ නඩු
විභාගයකින් පසුවයි. එය අරුම පුදුම දෙයක්වත්, මාලිමා රජය කරපු ප්‍රාතිහාර්යක්වත් නොවේ. මේ රටේ රජය විසින් අධිකරණ තීන්දු මෙලෙස ලඝුකොට ජනතාව ඉදිරියේ දක්වනු ලැබීම අධිකරණයට සිදුකරන අපහාසයක් විදිහට අපි දකින්නේ. ඒ වගේම මේ රජය මේ අධිකරණ තීන්දුවලට නව අර්ථකථන දෙන්න උත්සාහ කරන ගමන් අපේ දේශපාලන නායකයින් දඩයම් කරන්න දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරන බවට අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. මෙවැනි ආකාරයේ බලපෑම්වලින් තොරව නීතිය දේශපාලනීකරණය කරන්නේ නැතිව මේ ක්‍රියාදාමය කරන්න කියලා අවධාරණය කරනවා. ජනතාව බලාපොරොත්තු වුණේ වෙනසක්. ඒ වෙනස ඉෂ්ට කරන්න නම් තමන්ට විරුද්ධ දේශපාලඥයන්ට විතරක් නොවේ ආණ්ඩු පක්ෂයේ පිරිසටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. පසුගිය දිනවල කන්ටේනර් 323 නිදහස් කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වෙනවා. එසේ නම් අපි බලාපොරොත්තු වෙනවා අල්ලස් කොමිසම ඉතාමත් ස්වාධීන ආයතනයක් විදිහට මේ කන්ටේනර් 323 නිදහස් කිරීම පිටුපස තිබෙන කතාව මේ රටේ ජනතාවට කියයි, ඒ කතාවට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව දඩුවම් නියම කරයි කියන බලාපොරොත්තුව තිබෙනවා.
එරික් ගාමිණී ජිනප්‍රිය