අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන හෝ අගමැතිවරිය වෙනස් කිරීම සඳහා කිසිදු සාකච්ඡාවක් හෝ යෝජනාවක් සිදුව නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එය සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් හා අසත්‍ය තොරතුරු වාර්තාකරණයක් බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
ළඟදීම ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට සහ එහිදී අගිමැතිවරිය වෙනස් වන බවට පැතිර යන ප්‍රචාරය ගැන ඊයේ (03දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
මේ අසත්‍ය ප්‍රචාරය ඇතැම් විට අවධානය දිනාගැනීම සඳහා සමහර මාධ්‍ය තුළ මතුකරන ප්‍රවෘත්තියක් විය හැකි බවද කිසිම ආකාරයක කැබිනට් සංශෝධනයක් ගැන සාකච්ඡාවක් සිදුව නැති බවද ඇමැති නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත