නැගෙනහිර චීනයේ පිහිටි රසායනික කම්හලක් තුළ පෙරේදා (27) සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 05 දෙනකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 06 දෙනකු අතුරුදන්ව ඇති අතර 19 දෙනකුට තුවාල සිදුව තිබේ. නැගෙනහිර චීනයේ ශෑන්ඩොන් නගරයේ පිහිටි රසායනාගාර කම්හලක සිදුව තිබෙන මෙම පිපිරීම හේතුවෙන් අළු හා තැඹිලි පැහැයෙන් යුතු දුමාරයක් දුම් ගුලියක් අයුරින් ඉහළ අහසට යොමු වූ බව වාර්තා වේ. මෙම පිපිරීම හේතුවෙන් අදාළ කම්හල අවට පිහිටි ගොඩනැඟිලිවල ජනෙල්වලට හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම රසායනික කම්හල් පිපිරීමට මුල් වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිපිරීමෙන් අතුරුදන්ව සිටින පිරිස් සෙවීම, විපතට පත්වූවන් මුදා ගැනීමේ හා අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව චීන බලධාරීහු පවසති. ඊයේ උදෑසන වන විට රසායනික කම්හලේ හටගත් පිපිරීමෙන් කොටු වී සිටි පුද්ගලයන් 232 දෙනකු හා වාහන 55ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ