Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බදු මුදලින් රුපියලක්වත් වංචා හෝ නාස්ති නොකරන බවට සහතිකය රටට ලබාදෙනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බදු මුදලින් රුපියලක්වත් වංචා හෝ නාස්ති නොකරන බවට සහතිකය රටට ලබාදෙනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

බදු මුදලින් රුපියලක්වත් වංචා හෝ නාස්ති නොකරන බවට සහතිකය රටට ලබාදෙනවා

5 days ago
152 Views

ජනාධිපති අනුර කුමාර දිසානායක
බදු ජාතික වැඩසටහන අමතමින් කියයි
පාස්පෝට් කන්තෝරුවෙන් පැනපු පාතාල නායකයින්ට ගමන් බලපත්‍ර දීලා

ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන සහ නාස්ති නොකරන බවට වන සහතිකය තමා රටට ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

එමෙන්ම, යම් දේශපාලනඥයකු හෝ රාජ්‍ය නිලධාරියෙකු එවන් ක්‍රියාවක නිරත වුවහොත් තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදීමට මැදිහත් වන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගෙවන බදු මුදලට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන්, ඊට එරෙහිව ක්‍රියාත්මක වූ කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරන බවද කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 02දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “බදු ශක්ති” බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩ සටහනෙහි සමාරම්භක අවස්ථාව අමතමිනි. “ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්”තේමාව යටතේ “බදු ශක්ති – ජාතික බදු සතිය” ආරම්භ කිරීමද මීට සමගාමීව සිදු විය. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද කියා සිටියේය.

අපේ රට තුළ බදු පිළිබඳ තිබෙන ආකල්පය සුබවාදී නැහැ. බදු නාස්ති වන බවටත්, බදු මඟහරින බවටත්, බදු ගෙවීමේ ව්‍යාකූලත්වයක් පිළිබඳවත් සංවාදයක් තිබෙනවා. ඒ වගේම බදු මඟහැරීම සඳහා වූ උපදෙස් ලබාදීමට ආයතන ගොඩනැඟී තිබෙනවා. මේ සියල්ල ඇති වී තිබෙන්නේ අපේ රටේ බදු එකතු කිරීම සඳහා පවතින පරිපාලන යාන්ත්‍රණයත්, බදුවලට සිදු වූ විනාශයන් පිළිබඳ තිබෙන සමාජ අවබෝධයත් නිසයි. එම නිසා බදු ගෙවීම සහ ඒ සඳහා වන යාන්ත්‍රණය සහ පොදු ජනතාව තුළ තිබෙන ආකල්පය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කළ යුතුව තිබෙනවා. අප සතුව තිබෙන ඇතැම් දත්ත දෙස බැලූ විට එය සුබවාදී තත්ත්වයක් නොවෙයි. අපේ සමාගම් ලියාපදිංචි කර තිබෙන අයගෙන් වාර්තා ලබාදී තිබෙන්නේ 43%යි. ඒ වගේම 2023 -2024 වසරවල පුද්ගල ආදයම් බදුවලින් වාර්තා ලබාදී තිබෙන්නේ 23%යි. හවුල් ව්‍යාපාර වාර්තා ලබාදී තිබෙන්නේ 46%යි. ඒ වගේම ඡ්ශෑ ඕංx ගෙවන අයගේ වාර්තා ලබාදී තිබෙන්නේ 18%යි. මේ කිසිදු දත්තයක් 50% ඉක්මවා යන්නේ නැහැ. එයින් පෙන්නුම් කරන්නේ බදු ගෙවීමේ මැලිකමක් සහ බදු මඟහැරීම සඳහා තිබෙන ප්‍රයත්නයයි.

මෙයට හේතු වී තිබෙන්නේ පැවති දේශපාලන අධිකාරිය විසින් අපේ රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය පිළිබඳව බදු ගෙවන්නන් සහ පොදු ජනතාව තුළ තිබෙන විවේචනයයි. ඒ නිසා පළමුව කළ යුතු වන්නේ ජනතාවගේ බදු මුදල් නිසි පරිදි අත්‍යවශ්‍ය දේ සඳහා යොදවන බවට වන සහතිකය ජනතාවට ලබාදීමයි. එය මටත්, අපේ දේශපාලන අධිකාරියටත් පැවරී තිබෙනවා. ඔබ ගෙවන කිසිදු බදු මුදලකින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවටත්, නාස්ති නොකරන බවටත් වන සහතිකය මම ඔබට ලබාදෙනවා.

ජනාධිපතිවරයා ලෙස මට මේ රටේ මහ ජනතාවගේ බදු මුදල්වලින්, අණ පනත්වලින් යම් වරප්‍රසාද ලබාදී තිබෙනවා, ගැසට් නිවේදනවලින් යම් වරප්‍රසාද ලබාදී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ විසින් විශාල වරප්‍රසාද ලබාදී තිබෙනවා. එහෙත් අපි එම වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අතහැර තිබෙනවා. මහජනයාගේ සෑම රුපියලක්ම අරපරිස්සම් කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයකින්ම මා විසින් කප්පාදු කර තිබෙනවා. අපේ කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරුත් එහෙමයි. ඒ නිසා අපි තිර අධිෂ්ඨානයකින් වැඩ කරනවා. පළමු ආදර්ශය එතැනින් ලබා දෙනවා.

ඒ වගේම අපි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැඟිය යුතුයි. රාජ්‍ය යාන්ත්‍රණය සහ පුරවැසියා අතර තිබෙන සම්බන්ධය ඉතා වේගවත් කාර්යක්ෂම ඩිජිටල් පද්ධතියක් කරාගෙන යාමට අපි විශාල වෙහෙසක් දරනවා. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරී තිබෙන වංචා දූෂණ වැළැක්විය යුතුයි. ඔබ දන්නවා ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුට තමන්ගේ ඡායාරූපයක් සහ තමන්ම ගොස් ඇඟිලි සලකුණු ලබාදිය යුතුයි. එහෙත් පාතාල කණ්ඩායම් නායකයන්ට ඇඟිලි සලකුණු වර්ග තුනකට, ඡායාරූප වර්ග කිහිපයකට ගුවන් ගමන් බලපත්‍ර ලබාදී තිබෙනවා. අපේ නීතිමය රාමුව ආරක්ෂා කරගැනීමට තිබෙන ආයතන විසින්ම එම රාමුව බිඳ දමා තිබෙනවා.

ඒ වගේම,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ ලොකර් එකේ තිබී ඔහුට වසර තුනකින්වත් ඉපැයිය නොහැකි මුදලක් ලැබෙනවා. කස්ටම් එක ගැන විශාල චෝදනා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව තුළත් එම තත්ත්වය තිබෙනවා. ඒ නිසා අපේ රට තුළ මතුපිටට පෙනෙන සාමකාමී තත්ත්වයක් තිබෙනවා වගේම යටින් කළු පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. මේ කළු පද්ධතියේ ජාවාරම්කාර ව්‍යාපාර කණ්ඩායමක් සිටිනවා. මෑතකදී රේගුවේ බහාලු‍ම් පද්ධතියක් විවෘත කිරීමේදී ඉතා ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් විසින් නීතිවිරෝධි ලෙස ආනයනය කළ භාණ්ඩ හමු වෙනවා. එම නිසා මෙම කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර අතළොස්සක් සිටිනවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරිය තිබුණා. මේ කළු යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති විරෝධි සන්නද්ධ අවි ගත් අය වගේම මාධ්‍යද සිටිනවා.

අපි ඉදිරිපිට ඉතා සංවිධානාත්මක ලෙස කළු යාන්ත්‍රණයක් තිබෙනවා.මෙම කළු යාන්ත්‍රණය බිඳින බවට මම මේ රටේ ජනතාවට සහතික වෙනවා. හැම කෙනාම නීතියට යටත් වන පරිසරයක් නිර්මාණය කරනවා. ධනය කෙතරම් රැස් කර ගත්තත් වැඩක් තිබෙනවාද අවුරුදු 61දී අවුරුදු 20ක් සිරගත වීමට සිදු වෙනවා නම්? මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන මහජනතාවගේ මුදලින් වැටුප් ලබාගනිමින් මහජනතාවගේ සල්ලි හොරකම් කරන්න පුළුවන්ද? ඒ හැම දේටම දඬුවම් ලබාදෙනවා. ඒ නිසා බදු මුදල් පිළිබඳ ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු මුදල් එකතු කිරීම අතර තිබෙන ප්‍රශ්නයක් නොවෙයි. එතැනින් එහා ගිය ජාලගත ප්‍රශ්නයක්. විවිධ ආයතනවලට චෝදනා කිරීමෙන් ඵලක් නැහැ. මෙය එකිනෙකට සම්බන්ධ වූ ජාලයක්. ඒ නිසි අපි රාජ්‍ය යාන්ත්‍රණයක් ලෙස මීට සූදානම් විය යුතුයි. ඊට සූදානම් නැති ඕනෑම අයෙකුට ඉවත්ව යා හැකියි. මෙම යාන්ත්‍රණය බිඳ දැමූවේ නැත්නම් මේ රට මෙතැනින් අඟලක්වත් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා.

ව්‍යාපාරිකයන් ඉතා සාධාරණ ලෙස ව්‍යාපාර කර ඔවුන් සාධාරණ බදු මුදලක් ආණ්ඩුවට ගෙවනවා. එය ආරක්ෂා කර ගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්. ඒ වගේම වෙහෙස මහන්සියෙන් උපයන ධනයෙන් යම් ප්‍රමාණයක් රජයට ගෙවීම වාගේම, එය ආරක්ෂා කරගැනීම අපේ වගකීමක්. ඒ නිසා බදු මුදල් ගෙවන හැම කෙනාටම මම ආරාධනා කරනවා ඔබ ගෙවන්න. අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා කියලා. එක රුපියලක් වංචා කරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපරිමයෙන් මැදිහත් වන බවට සහතික වෙනවා. එහිදී බලය හෝ සමාජ පසුබිම කිසිසේත් අදාළ කරගන්නේ නැහැ. එම සමස්ත කළු සමාජය ශුද්ධ කිරීමෙන් පමණයි අපි අපේක්ෂා කරන බදු ඉලක්ක ළඟා කර ගත හැකි වන්නේ. ඒ නිසා බදු සතියේ අපේ අපේක්ෂාව මේ පිළිබඳව සමාජයට පණිවිඩයක් ලබාදීමයි. ඒ වෙනුවෙන් පුළුල් සමාජ කතිකාවතක් නිර්මාණය කළ යුතුයි.

අපි පළමුව තේරුම් ගත යුතුව තිබෙනවා මෙවැනි බිඳ වැටීමකට අපේ රට පාත්‍ර වෙන්න හේතු වූ සාධක මොනවාද? මෙවැනි අර්බුදයකිනුත් දේශපාලන අධිකාරිය ලෙස අප, රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබ සහ මෙරටේ පොදු ජනයා මෙවැනි කඩා වැටීම්වලිනුත් අත්දැකීම් ගන්නේ නැත්නම් අපි මිනිස්සු නොවෙයි. ඒ කඩා වැටීමට හේතු සාධක ඇතැම් අවස්ථාවල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්නුම් කර දී තිබෙනවා. මෑතකදී වංචා දූෂණයේ යෙදුන අයට දඬුවම් දීමේදී ඒ විනිසුරුතුමන්ලා විසින් මේ කඩා වැටීමේ හේතු සාධක පෙන්වා දී තිබෙනවා. අපි අපේ ජීවන අත්දැකීම් තුළින් මේ කඩා වැටීමේ සාධක අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා අපට පැවරී තිබෙන කාරණය තමයි කඩා වැටුණු හේතු සාධක ඉතා හොඳින් හඳුනාගෙන ඒවා නැවත සිදු වීම වැළැක්වීම.

කඩා වැටීමේ ප්‍රධාන කරුණක් තමයි, අපට නිසි පරිදි අපේ බදු ප්‍රතිසංස්කරණ සිදු කර ඉතාමත් සාධාරණ බදු ප්‍රම‌ාණයක් එකතු කරගැනීමට අසමත් වීම. එය අප විසින්ම නිර්මාණය කරන ලද අර්බුදයක්. මට මතක විදිහට 1996 වගේ කාලයක ජාතික නිෂ්පාදනයෙන් 23%ක බදු ආදායමක් මහා භාණ්ඩාගාරයට ලැබුණා. එය 7.3% දක්වා අඩු වීම ආර්ථික අර්බුදය පුපුරා යෑමට එක් හේතුවක්. එනිසා නිසි ලෙස බදු එක්රැස් කරගැනීම අත්‍යවශ්‍යයි. මේ අප විසින්ම ඇති කර ගත් අර්බුදයක්. එනම්, බදු නිසි ලෙස එක් රැස් කර ගැනීමට අසමත් වීම මත ඇති වූ අර්බුදයක්. විවිධ කාලවකවානුවල, විවිධ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් බදු ප්‍රතිසංස්කරණ සිදුකිරීම, ආර්ථිකමය මූලධර්ම නොවන දේශපාලනමය මූලධර්ම මත බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් ඇති වූ අර්බුදයක්. අප සියලු‍ ආර්ථික තීරණ ගන්නේ ආර්ථිකමය මූලධර්ම මතයි. දේශපාලන ආර්ථික තීන්දු තීරණ ගැනීම රට පතුලටම කඩා වැටීමට එක් හේතුවක් වුණා.

අපට මේ අර්බුදයෙන් ගොඩඒමට බැරි නිසා බාහිර පාර්ශ්වයක බැඳීමකට යටත් වීමට සිදුව තිබෙනවා. උඩින් සිට අපිව හසුරුවනවා. අපි උපයා ගත් ආදායම් ඉලක්කවලටම අද අපට ඉලක්ක ලබාදී තිබෙනවා. මේ වසරේ ජාතික නිෂ්පාදිත ආදායම ප්‍රතිශතයක් ලෙස 15.1% දක්වා වර්ධනය කර ගත යුතුයි. එයින් 2.3%ක් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලෙස පවත්වා ගත යුතුයි. අපට වියදම් සීමා පිළිබඳව, ආදායම් ඉලක්ක පිළිබඳව අපට බාහිර පාර්ශ්වයන්ගේ එකඟතාවලට අනුව ආර්ථිකය හසුරුවන්න සිදුව තිබෙනවා. ඇයි? අපි නරක ළමයෙක්. දැන් අප දඬුවමට ලක් කරලා, පරිවාස භාරයේ ඉන්නේ. අපේ ආර්ථිකය, පරිවාස භාරයේ ඉන්නේ. අපි හැමදාම පරිවාස භාරයේ ඉන්න ආර්ථිකයක් බවට පත් විය යුතුද? නැහැ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිතුමා සමඟ කළ සාකච්ඡාවකදී අදහසකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයකට ඇතුළු වන අවසන් අවස්ථාව බවට මෙය පත් කරගත යුතු බවට වූ ස්ථාවරයකට ආවා. අපි අපේම නිර්ණායක, ඉලක්ක සකස් කර ගත යුතු ආර්ථික ගමනකට ප්‍රවිෂ්ට විය යුතුයි. එහෙත් අප කොයි මොහොතක හෝ අපේ ආර්ථිකය පොදු ජනයාගේ වුවමනාවන්, සමාජ අපේක්ෂා සමඟ ආර්ථික ඉලක්ක සකස් කරගත යුතුයි. එහෙත් අපි යම් ප්‍රමාණයකට, පරිවාසයකට යටත් වී සිටින ආර්ථිකයක් මෙහෙයවමින් තිබෙනවා. එනිසා අපේ උත්සාහය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට යන අවසන් අවස්ථාව බවට මෙය පත් කර ගත යුතුයි කියන දැඩි අධිෂ්ඨානයක අප සිටිනවා.

ඒ අධිෂ්ඨානයට යෑමට නම් අපේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගත යුතුයි. ඒ රාජ්‍ය ආදායමේදී විශාල පංගුවක් බදු මත වැටී තිබෙනවා. ඒ බදු එක්රැස් කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට විශාල වැඩ කොටසක් තිබෙනවා. ඒ නිසා බදු ගෙවන්නන්, බදු අය කරගැනීමේ යාන්ත්‍රණය, ඒ බදු මුදල් පරිපාලනය කරන්නන් හැටියට අපි එකට මේ ව්‍යායාමය සාර්ථක කර ගමු. පරිවාස භාරයේ තිබෙන ආර්ථිකය අපේ ස්වාධිපත්‍යය සහිත ආර්ථිකයක් බවට පරිවර්තනය කරගැනීමට වෙහෙස වෙමු.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, තානාපතිවරු හා පුද්ගලික අංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ශ්‍යාම් නුවන් ගනේවත්ත

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok